සෙලින්කෝ ලයිෆ් සිය ප්‍රමුඛතම රක්ෂණ ඔප්පු හිමියන්ට මහනුවර පෙරහරේ අසිරිමත් දසුන් සමීප කරයි

Esala Perahera 2026 (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් සංවිධානය කරන ලද විශේෂිත නැරඹුම් මැදිරියකදී තෝරාගත් ප්‍රමුඛ පෙළේ රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට තම පවුලේ සාමාජිකයින් ද සමඟින් එක් සන්ධ්‍යාවක් පුරාවට ම මහනුවර ඇසළ පෙරහැරේ අසිරිමත් දසුන් ඉතා සමීපව නැරඹීමේ අවස්ථාව හිමි විය.

රජ වීදියේ පිහිටි සෙලින්කෝ ලයිෆ් මහනුවර ශාඛාවෙහි දී වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අවස්ථාව, මෙවර දෙවන රන්දෝලි පෙරහැරට සමගාමීව පැවැත්විණි. එමඟින් ආරාධිත අමුත්තන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සම්ප්‍රදාය සහ පෙරහැර කලාවේ වඩාත්ම අසිරිමත් ප්‍රකාශනයක් වන මහනුවර ඇසළ පෙරහැරේ අසිරිමත් බව ඉතා සමීපව අත්විඳීමට අවස්ථාව සැලසිණි.



මහනුවර වීදි හරහා මහ පෙරහැර ගමන් කරන විට උත්සවයේ අමුත්තන්ට ප්‍රමුඛ නැරඹුම් මැදිරියක VIP අසුන්වල සිට පෙරහැරේ චමත්කාරය හා උත්කර්ෂවත් බව සමීපව අත්විඳීමට හැකි විය. සෙලින්කෝ ලයිෆ් සිය ප්‍රමුඛ පෙලේ රක්ෂණ ඔප්පු හිමියන් සමඟ පැවති ශක්තිමත් සබඳතාවය සැමරීමට මෙම සන්ධ්‍යාව ඉතාමත් සුදුසු පසුබිමක් විය.

මෙම අත්දැකීම පෙරහැර දර්ශනයෙන් ද ඔබ්බට ගෙන යමින් අමායා හිල්ස් නිවාඩු නිකේතනය හරහා පිළිගැන්වූ සන්ධ්‍යා භෝජන සංග්‍රහයක් සහ සුවිශේෂී රාත්‍රී භෝජන සංග්‍රහයකින් අමුත්තන් පිළිගනු ලැබූයේ සන්ධ්‍යාවේ පෙරහර චමත්කාරයට උසස් ගණයේ භෝජන සංග්‍රහයක අත්දැකීම ද ලබා දෙමිනි.

පවුලේ සාමාජිකයින්ට විශේෂ අවධානයක් ලබා දෙමින් මෙහිදී සිනමා අත්දැකීමක් හරහා ළමයින්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස විනෝද වීමට අවස්ථාව ලැබුණි. තවද ශ්‍රී ලංකාවේ අතිශය අගනා සංස්කෘතික සම්ප්‍රදායක අසිරිය විඳිමින් ගෙවුන එම සන්ධ්‍යාවේ විශේෂ සිහිවටනයක් ලෙස ඊට සහභාගී වූ සෑම පවුලකට ම රාමු කරන ලද අලංකාර පවුලේ ඡායාරූපයක් ද පිරිනමන ලදී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව