සමාරම්භක මෝටර් රථ කර්මාන්ත සම්මාන උළෙලේ දී සියැට් කැලණි සමාගම හොඳම ටයර් නිෂ්පාදකයා ලෙස කිරුළු පළඳී

Automobile Industry Awards 2026 (LBN)

ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වන වාහන එකලස් කිරීමේ අංශයේ පෙරමුණෙහි සිටින බව නැවත තහවුරු කරමින්, සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකා මෝටර් රථ කර්මාන්ත කවුන්සිලය (AIC) විසින් ප්‍රථම වරට සංවිධානය කළ මෝටර් රථ කර්මාන්ත සම්මාන උළෙලේ දී ‘උපාංග නිෂ්පාදක’ කාණ්ඩයේ හොඳම ටයර් නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

රජයේ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, දිවයිනේ ප්‍රමුඛ වාහන එකලස් කිරීමේ කර්මාන්තකරුවන්, වාහන උපාංග නිෂ්පාදකයින් සහ සේවා සපයන්නන් ආදී පිරිස් සහභාගී වූ මෙම උත්කර්ෂවත් උළෙල පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසරභාවය අගය කිරීම වෙනුවෙන් සැකසූ ජාතික වේදිකාවක් ලෙස සංකල්පනය කරන ලද මෙම සම්මාන තුළින් තාක්ෂණය, වෙළඳපල බලපෑම, පාරිභෝගික තෘප්තිය හා කර්මාන්තයේ පුරෝගාමීත්වය යන නිර්ණායක හරහා එම සමාගම් ඇගයීමට ලක් කර ඇත.



සියැට් කැලණි සමාගම ලැබූ මෙම සම්මානය මගින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන වලින් 90% කටත් වඩා ටයර් සපයන සමාගම ලෙස, නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන (OE) ටයර් කාණ්ඩයේ ප්‍රමුඛ ස්ථානයේ සමාගම රැඳී සිටින බවයි. 2012 දී වාහන නිෂ්පාදකයා විසින් සවි කරන ටයර් සැපයුම ආරම්භය සමඟින් දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට පිවිසි සියැට්, කෙටි කලකින් වාහන එකලස් කරන්නන්ගේ වඩාත් සිත්ගත් ටයර් හවුල්කරු බවට පත් විය. සමාගම මේ වන විට මෝටර් රථ, SUV රථ, යතුරුපැදි, ස්කූටර්, බස් රථ සහ වාණිජමය වාහන ඇතුළු විවිධ වාහන වර්ග විශාල පරාසයකට වාර්ෂිකව නිෂ්පාදකයා විසින් සවි කරන ටයර් 150,000 කටත් වඩා සපයයි.

අද වන විට, ගෝලීය වෙළඳ සන්නාම 11ක් දේශීයව එකලස් කරන ලද වාහන මාදිලි 30 කට වඩා වැඩි ගණනක ඔරිජිනල් උපකරණ ලෙස සියැට් ටයර් සවිකර ඇති අතර, එමගින් සමාගමේ නිෂ්පාදන ගුණාත්මකභාවය, අනුකූලතාවය සහ ක්‍රියාකාරීත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වේ.

වාහන නිෂ්පාදකයින්ට සපයන මෙම සියැට් ටයර් දැඩි පරීක්ෂණ ක්‍රියාවලීන් වලට භාජනය වන අතර ආරක්ෂාව, කල්පැවැත්ම, තිරිංග කාර්යක්ෂමතාවය, ගමනේ සුවපහසුව සහ ශබ්දය අඩු වීම වැනි ප්‍රධාන නිර්ණායක හරහා උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන නිෂ්පාදන වේ. අඩු භ්‍රමන ප්‍රතිරෝධයක් පැවතීම හා කම්පනය අවම වීම, තුලින් එම ටයර ගෝලීය අපේක්ෂාවන්ට අනුකූලව රිය පැදවීමේ කාර්යක්ෂමතාව සහ පරිශීලක අත්දැකීම් තවදුරටත් උසස් කරයි.

මෙම සන්ධිස්ථානීය උත්සවයේදී හොඳම ටයර් නිෂ්පාදකයා ලෙස සියැට් කැලණි ලැබූ ගෞරවය මගින් තහවුරු වන්නේ, මෙරට මෝටර් රථ කර්මාන්තයට සහය වීමේදී සමාගමේ ප්‍රමුඛ කාර්යභාරය මනා ව ඉටු කිරීම සහ දේශීය හා ජාත්‍යන්තර වෙළපඳලට ගැලපෙන ලෝක මට්ටමේ නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යි.

2026 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් සියැට් ශ්‍රේණිගත කර ඇත. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව