
‘CDB සමාගම තාක්‍ෂණික පරිවර්තනය සහ තිරසාරත්වය මූලික කරගත් ඒකාබද්ධ චින්තනයක් ප්‍රදර්ශනය කරයි’. – විනිශ්චය මණ්ඩලයේ වාර්තාව
‘වෙනත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජය හිමිකරගනී
CDB සමාගම පසුගියදා පැවති ‘ACCA Sri Lanka Sustainability Reporting Awards’ හිදී ‘වෙනත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (ACCA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 20 වැනි වරටය. මෙය ජනතාවගේ, ලෝකයේ සහ ව්‍යාපාරකරණයේ යහපත (People, Planet, Profit – P3) ඔස්සේ වගවීම, විනිවිදභාවය සහ වගකීම්සහගත බව යන ගුණාංග වෙනුවෙන් දිගින් දිගටම කැපවීම උදෙසා ලැබුණු සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ.
ලොවම ආවරණය කරමින් පවත්වනු ලබන මෙම සම්මාන වැඩසටහන යටතේ, පාරිසරික හා සමාජයීය බලපෑම් ඇතුළුව සියලුම තිරසාරත්ව තොරතුරු පූර්ණ වශයෙන් අනාවරණය කරන, ආයතනික විනිවිදභාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරන සහ තම පාර්ශ්වකරුවන්ට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් දරන සමාගම් හා ආයතන විශේෂයෙන් ඇගයීමට ලක් වේ.
මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සභාපති ලෙස Amrita School of Sustainable Futures හි Adjunct Professor තනතුර දරන සන්තෝෂ් ජයරාම් මහතා කටයුතු කළේය. එම විනිශ්චය මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවෙහි දැක්වෙන්නේ, වසර 10 ක කාලසීමාවක් සඳහා තාක්‍ෂණික පරිවර්තනය සහ තිරසාරත්වය මූලික කරගත් ක්‍රමෝපායක් අනාවරණය කිරීම සම්බන්ධයෙන් CDB වාර්තාව කැපීපෙනුණු බවයි. එහි දැක්වෙන ආකාරයට “එය (CDB වාර්තාව) සැලකිය යුතු දුරකට සාම්ප්‍රදායික කර්මාන්තයක් තුළ ඒකාබද්ධ චින්තනයක් පෙන්නුම් කරන අතර, එහි ඉදිරිපත් කර ඇති කරුණු සනාථ කර ඇත. දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සහ ඔටිසම් තත්ත්වය සම්බන්ධයෙන් එහි දීර්ඝකාලීන කැපවීම ප්‍රශංසනීය වේ.”
සම්මාන වැඩසටහනේ විනිශ්චය ක්‍රියාපටිපාටිය යටතේ සමාගම් හා ආයතනවල ක්‍රමෝපායන්, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය, ප්‍රමිතික සහ ඉලක්ක මෙන්ම සමස්තයක් ලෙස වාර්තාව ඉදිරිපත් කිරීමේදී පෙන්නුම් කරන ලද සාධාරණ බව, වාස්තවිකත්වය, වාර්තාකරණ ආයතනය සහ සම්බන්ධතා තොරතුරු ආදියද සැලකිල්ලට ගෙන තිබේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ CDB සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසුවේ, කිසියම් සමාගමක් විසින් People, Planet, Profit ප්‍රවේශය අනුගමනය කළ විට එය කෙටිකාලීන ප්‍රතිලාභ ඉක්මවා යමින් දීර්ඝකාලීනව අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකරවන බවයි. මෙම සම්මානය CDB සමාගමේ තිරසාරත්ව වාර්තාකරණයේ නව මානයක් සනිටුහන් කරන බවත්, මේ ආකාරයට නිරන්තරයෙන් තම ප්‍රමිතීන් ඉහළ නංවාගැනීම තුළින් CDB සමාගම අනාගතය ඉලක්ක කරගනිමින්, හවුල්කරුවන් සමග සමීපව සම්බන්ධ වෙමින්, හුදෙක් ලාභය ඉක්මවා ගිය අරමුණක් වෙනුවෙන් කැප වී සිටින බව ආදර්ශයෙන්ම සනාථ කිරීමට හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසී ය. වාර්තාකරණයේ විවෘතභාවය තුළින් CDB සමාගමේ තිරසාරත්ව අරමුණු හොඳින් පෙන්නුම් කරන බවත්,ඒ ඔස්සේ වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා දායක වීමට සමාගම අපේක්ෂා කරන බවත් දමිත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.