CDB සමාගම අඛණ්ඩව 6 වන වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

0Y2A0579-min (LBN)

 



 

 

‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ විශිෂ්ටත්ව’ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් වේ.

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම, National Business Excellence සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙළේදී ‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ විශිෂ්ටත්වය’ යන කාණ්ඩ යටතේ ජයග්‍රාහකයන්ට හිමි සම්මාන හිමි කර ගැනීමට සමත් විය. පසුගිය වසර 28 ක කාලය තුළ මේ ආකාරයට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සන්ධිස්ථාන රාශියක් සනිටුහන් කිරීමට CDB සමාගම සමත් වී තිබේ.

ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 18 වන වරට ය. ව්‍යාපාර කටයුතුවලදී විශිෂ්ටත්වය ළඟා කරගන්නා අතරම රටේ ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන සමාගම් හා ආයතනවලට මෙම සම්මාන පිරිනැමේ. ආයතනික යහපාලනය, ව්‍යාපාරික විශිෂ්ටත්වය හා තිරසාර ව්‍යාපාර ආකෘතියක් භාවිතා කිරීම මෙන්ම, අදාළ කාලසීමාව තුළදී මතු වූ දැවැන්ත අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීම යන සාධක සැලකිල්ලට ගනිමින් මෙම සම්මාන CDB සමාගම වෙත පිරිනමන ලදි.

මෙම සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් CDB සමාගමේ අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසුවේ, සමාගමේ ආයතනික සංස්කෘතිය හුදෙක් අනුකූලතාව සහතික කිරීමට සීමා නොවන බවයි. නිවැරදි අවදානම් කළමනාකරණ ක්‍රමෝපායන් කෙරෙහි සමාගම කවදත් දැඩි අවධානයක් යොමුකරන බවත්, එම නිසා දුෂ්කර කාලවලදී පවා ශක්තිමත්ව සිටීමට සමාගමට හැකියාව ලැබුණු බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

“පසුගිය වසර තුනක කාලය තුළ අප අත්කරගත් සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකය මෙයයි. මේ නිසාම තිරසාර අනාගතයක් කරා පියනැගීමට අපට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ ඔස්සේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින් සහ හරිත ආර්ථිකය ශක්තිමත් කරමින්, අපගේ ගනුදෙනුකරුවන්ගේ, සමාජයේ සහ රටේ අරමුණු ඉටුකරගැනීමට අත්වැලක් වීම අපගේ ඉලක්කයයි.” දමිත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.

එමෙන්ම CDB සමාගමේ සාර්ථකත්වයට උරදුන් කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ අනෙකුත් පාර්ශ්වයන් වෙත සිය ස්තූතිය පළකිරීමටද තෙන්නකෝන් මහතා අමතක නොකළේ ය.

“අපගේ පාර්ශ්වකරුවන් අප කෙරෙහි ඇති මේ නොසැලෙන විශ්වාසය, මූල්‍ය සේවා ක්ෂේත්‍රය ජයගැනීමට අපට මහෝපකාරී වූ සාධකයක් වුණා. එම නිසාම අඛණ්ඩව හා තිරසාර ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට අපට හැකියාව ලැබී තිබෙනවා.” තෙන්නකෝන් මහතා පැවසී ය.

කර්මාන්ත හා ක්ෂේත්‍ර රැසකින් මෙවර NBE සම්මාන උළෙල සඳහා අයදුම්පත් ලැබී තිබුණු අතර, සුනිල් ජී. විජේසිංහ මහතා ප්‍රමුඛ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් එම අයදුම්පත් ඇගයීමට ලක්කරන ලදි. ක්‍රමෝපාය හා නායකත්ව විශිෂ්ටත්වය, ආයතනික යහපාලනය හා ක්‍රමෝපාය, ධාරිතා වර්ධනය, කාර්යසාධන කළමනාකරණය, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශය, ආයතනික සමාජ වගකීම් හා පාරිසරික තිරසාරත්වය සහ ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රතිඵල යන ප්‍රධාන සාධක සැලකිල්ලට ගනිමින් ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුවිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව