CDB අද්විතීය මූල්‍ය සේවා ගමන්මගේ 30 වැනි වසර සමරයි

CDB

ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය (NBFI) තුළ දශක 3 ක පුරෝගාමී මෙහෙවර, සුවිශේෂී ජයග්‍රහණ හා පරමාදර්ශී හඳුන්වාදීම් රැසක් සමග සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය 30 වන සංවත්සරය අර්ථවත් ලෙස සැමරීය. CDB කාර්ය මණ්ඩලයේ සියළු දෙනා එකමුතුව පසුගිය සැප්තැම්බර් මස 04 වැනි දින සර්වරාත්‍රික පිරිත් සජ්ජායනා පිංකමක් පවත්වා හා පසුදින උදෑසන හීල් දානය පිරිනමා ආයතනික සංවත්සර සැමරුම් උත්සව මාලාව ආරම්භ කරනු ලැබීය. එදාමෙදාතුර ආයතනික වර්ධනය උදෙසා ඇපකැප වූ කාර්ය මණ්ඩලය වෙත කෘතවේදීත්වය පිරිනමමින් සැප්තැම්බර් 08 වැනිදා ප්‍රධාන කාර්යාලයේ සහ දීපව්‍යාප්ත CDB කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ප්‍රධාන කාර්යාලය වෙත එකමුතු කරමින් ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ එකම පවුලක් මෙන් සියළු දෙනා අතර සහෝදරත්වයේ බැඳීම ශක්තිමත් කරමිනි. බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා CDB දායකත්වයේ අතීත සංධිස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන් CDB Heritage Pavilion කෞතුකාගාරය විවෘත කිරීම සංවත්සර සැමරුම් උත්සව මාලාවේ වඩාත් කැපීපෙනුනු අවස්ථාව විය. ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයේ වටිනාකම් හා නව්‍යකරණයේ ජවය මිශ්‍ර වූ CDB අනාගතවාදී ආයතනික සංස්කෘතිය අභිමානවත් 30 වැනි සංවත්සර සැමරුම් උළෙල පුරා අරුත් ගැන්වීම විශේෂත්වයකි.
 



 

දේශීය ආර්ථික සංවර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් නව්‍යකරණය හා තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමෙහිලා අනාගතවාදී දැක්මක් අනුව කටයුතු කරන CDB ශ්‍රී ලාංකීය සංස්කෘතිය සමග බද්ධ වෙමින් සැබෑ ශ්‍රී ලාංකිකත්වයට මුල්තැනක් ලබාදෙමින් නව්‍යකරණයෙන් පිරිපුන් පාරිභෝගික කේන්ද්‍රීය ධනාත්මක ආයතනික සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කොට තිබේ. කණ්ඩායම් හැඟීමෙන් එකමුතු වූ කාර්ය මණ්ඩලයේ ශක්තිය සමග CDB 30 වැනි සංවත්සර සැමරුම් උත්සව මාලාව සංවිධානය කරනු ලැබුවේද මෙම ආයතනික වටිනාකම් පෙරදැරිකරගනිමිනි.

ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු හා පුරෝගාමියෙකු ලෙස පරමාදර්ශී මෙහෙවරක නියැලි CDB අවංකභාවය, විනිවිදභාවය, ආචාර ධර්ම, යහපාලනය, විශ්වාසනීයත්වය, අනුකූලතාවය මෙන්ම පරිසරය හා සමාජය වෙනුවෙන් කැපවීම සිය දශක 3 ක අභිමානවත් මූල්‍ය සේවා ගමන්මග තුළ ප්‍රකට කොට තිබේ. තිරසාර අනාගත වර්ධනය සඳහා 3P ආයතනික ප්‍රතිපත්තිය තුළ CDB  සතු ගැඹුරු කැපවීම ද පිළිබිඹු කරන අතර, වසර ගණනාවක් පුරා දේශීය හා ජාත්‍යන්තරව ලද බහුවිධ ඇගයීම් මේ සඳහා  සාක්ෂි දරයි.

සංස්කෘතිය හා පුද්ගල වටිනාකම් කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ආයතනික සම්ප්‍රදාය අරුත්ගන්වමින් සංවිධානය කරනු ලැබූ CDB 30 වැනි සංවත්සර සැමරුම් උළෙල නව්‍යකරණය පෙරදැරි කරගනිමින් ඉදිරියට ගමන් කරනු ලබන පුද්ගල කේන්ද්‍රීය තිරසර මූල්‍ය සේවා මෙහෙවරේ අනාගතයට ආශිර්වාදයක්ම විය.

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙරට විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන 4 අතර ප්‍රමුඛතම සමාගමකි. මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව්‍යකරණය, තිරසාර සංවර්ධනය සඳහා වන අඛණ්ඩ කැපවීම සහ පූර්වාදර්ශී ආයතනික සංස්කෘතියක් පවත්වාගැනීම සම්බන්ධයෙන් CDB ක්ෂේත්‍රයේ කැපීපෙනෙන සමාගමකි. ගනුදෙනුකාරභවතුන්ට පහසු හා වේගවත් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යුතුව ඩිජිටල් පරිවර්තනය කෙරෙහි අවධානය යොමු කරමින් සිටින CDB, තිරසාර සංවර්ධන ඉලක්ක සමග සම්බන්ධ වන අත්‍යාවශ්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමෙන් මූල්‍ය සේවා ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරතව සිටී.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව