CBL සමපෝෂ, ආහාර සැපයුම් ජාලයේ අඛණ්ඩතාව තහවුරු කරමින් දරුවන්ගේ පෝෂණය සහ දැනුම සඳහා කැපවෙයි

samaposha

මේ වනවිට රට තුළ පවතින කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයින් තම නිවෙස් තුළටම වී කාලය ගත කරන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පමණක් ඔවුන්ගේ පරිභෝජන අවශ්‍යතා ද සීමා වී තිබේ. එවන් මොහොතක, වයස් භේදයකින් තොරව නිවෙස්වල රැඳී සිටින බාල, තරුණ හා මහලු සියලුදෙනාට සිය පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම මහත් අභියෝගයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා සැමදා කැපවී ක්‍රියා කළ, ඔවුන්ගේ ජනප්‍රිය ධාන්‍යමය ආහාරය වන ‘CBL සමපෝෂ’ මෙම දුෂ්කර අවස්ථාවේදී පවා තම නිෂ්පාදන හා බෙදාහැරීම් ජාලය අඛණ්ඩව පවත්වා ගනිමින් සිය ජාතික මෙහෙවර ඉටුකොට ඇති අතර ඉදිරියේදීත් ඊට සක්‍රීයව දායක වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින දේශීය සමාගම් සමූහයක් වන CBL හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ප්ලේන්ටි ෆුඩ්ස් සමාගමේ ප්‍රමුඛත ම නිෂ්පාදනය වන සමපෝෂ, ඉරිඟු, සහල්, සෝයා සහ මුං ඇට ගුණයෙන් පරිපූර්ණ පෝෂ්‍යදායී ධාන්‍යමය ආහාරයකි. එනිසා ම අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස සමපෝෂ බොහෝදෙනෙකුගේ ජනප්‍රිය තේරීමක් බවට පත්ව තිබේ. ඉතා පහසුවෙන් පිළියෙල කළ හැකි ආහාරයක් වීම එවන් ජනප්‍රියත්වයක් ඇතිවීමට බලපා ඇති තවත් සාධකයකි.

මීට අමතරව මෙවන් අර්බුදකාරී අවස්ථාවකදී සමපෝෂ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම සමපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ධාන්‍ය වර්ග සපයන දිවයින පුරා විසිරී සිටින 12,000කට අධික දේශීය ගොවි මහතුන්ට ද මහඟු රුකුලක් වී තිබේ. සමපෝෂ නිෂ්පාදනයට යොදාගන්නා ඉරිඟු, සහල්, සෝයා සහ මුං ඇට ආදී ධාන්‍ය වර්ග සම්පූර්ණයෙන් ම සපයාගනු ලබන්නේ දේශීය ගොවි ප්‍රජාවගෙනි. ඒ අනුව විශාල දේශීය ගොවි ප්‍රජාවකගේ ආදායම් සුරක්ෂිත කිරීමට ද සමපෝෂ උර දී ඇත.

මේ අතර පෝෂණයට අමතරව දරුවන්ගේ අධ්‍යාපනය සාරධර්ම, හා විනෝදය  අරමුණු කරගනිමින් විශේෂ ක්‍රියාකාරකම් රැසක් හඳුන්වාදීමට ද  සමපෝෂ පියවර ගෙන තිබේ. ඒ අනුව දැයේ දූ දරුවන්ගේ කුසලතා ඔප් නැංවීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන නව මුහුණුවරකින් දරුවන් වෙත ළඟා කරවීමට කටයුතු යොදා ඇත. ඒ ‘යහපත් සිතුවිලි, සොබාදහමෙන් ඉගෙන ගනිමු, පරිසරය සුරකිමු හා ගෙදර වැඩට උදව් වෙමු’ වැනි පැතිකඩ කිහිපයක් ආවරණයවන පරිද්දෙනි.  සමපෝෂ ෆේස්බුක් පිටුව (https://www.facebook.com/samaposha.lk/) හරහා නිවසේදී ම තම දෙමාපියන් හා එක්ව මෙම වැඩසටහනට සම්බන්ධ වීමේ අවස්ථාව දරුවන්ට උදා වේ.

සමපෝෂ පිළිබඳව…

සමපෝෂ යනු CBL ප්ලෙන්ටි ෆුඩ්ස් (පුද්) සමාගමෙහි ප‍්‍රමුඛතම සන්නාමය වන අතර එය CBL සමාගම් සමූහයේ සාමාජිකයෙකි. CBL සමාගම මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කරන දේශීය සමාගම් සමූහයකි. එසේම සමාගම ව්‍යාපාරික කටයුතුවලදී මෙන්ම ආයතනික ප‍්‍රජා සත්කාරයන් තුළින් ද, සියලු පාර්ශ්වයන් කෙරෙහි දක්වන සෙනෙහස හේතුවෙන් මහත් ගෞරවාදරයට පාත‍්‍ර වි ඇත.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව