Capitol TwinPeaks නිවාස ගැනුම්කරුවන්ට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ හරිත නිවාස ණය

Capitol TownPeaks MoU (LBN)

ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ ^GBCSL& රන් සහතිකය හිමි  කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

 



 

මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි ඇති Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව මෙම ගැනුම්කරුවන් හට විශේෂ ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් තම නිවාස මිලදී ගැනීමට පහසුකම් සැපයීමට හා ඔවුන් පරිසර හිතකාමී බවට නැඹුරු වීමේ අවස්ථා වැඩි කිරීමට මෙම ආයතන දෙක ම බැඳී සිටියි.

මෙම සැලැස්ම යටතේ Capitol Towers Ltd. මහල් නිවාස සඳහා 40% ක් දක්වා සහන මිල ගණන් ලබා දීමට කටයුතු කරනු ඇත. කොමර්ෂල් බැංකුව එකඟ වී ඇති පරිදි ණය මුදල සඳහා ප්‍රකාශිත ප්ලැටිනම් පොළී අනුපාතිකයට වඩා 1%ක් අඩු කිරීමත් සහ ලේඛන ගාස්තු සඳහා 50%ක වට්ටමක් ද ලබා දෙනු ඇත. තවද බැංකුවේ හරිත නිවාස ණය යොජනා ක්‍රමය සමඟ ලියාපදිංචි වී ඇති තෝරාගත් සූර්ය බලශක්ති නිෂ්පාදන සැපයුම්කරුවන් පස් දෙනෙකුගෙන් ලබා ගන්නා සේවා සඳහා 10%ක වට්ටමක් හිමිවේ.

මෙම ආකර්ශණීය හා විශේෂිත වූ ප්‍රතිලාභ ලබාගත හැක්කේ 2024 ජනවාරි 31 දක්වා පමණි.

මෙම ණය මුදල් සඳහා වසර 15ක් දක්වා වූ කාල පරාසයන් තුළදී ආපසු ගෙවීමේ අවස්ථාව ලබා දෙයි. එසේම නඩත්තු කටයුතු සහ පරිසර හිතකාමීත්වය වැඩි කිරීමේ නව සංවර්ධන කටයුතු සඳහා ණය ගිවිසුම නැවත අළුත් කිරීමට ද හැකියාව පවතී.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව