CA ශ්‍රී ලංකා 2024 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන දෙකක් සමඟින් සම්මාන හතරක්

TAGS awards 2024 (LBN)

කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2024 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මූල්‍ය වාර්තාකරණයේ තම දක්ෂතාවය යළි තහවුරු කර ඇත.

මෙම සම්මාන උළෙලේ දී අවධානය යොමු කරන, විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ස්තම්භ හතර තුළ බැංකුවේ විශිෂ්ඨත්වය විදහා දක්වමින් මූල්‍ය සේවා අංශයේ ‘ආයතනික යහපාලනය අනාවරණය කිරීම’ සඳහා මෙන් ම පෞද්ගලික අංශයේ බැංකු අතරින් හොඳම වාර්ෂික වාර්තාව සඳහා ද රන් සම්මාන දෙකක් දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය. තවද බැංකුව විසින් සියළුම ක්ෂේත්‍රවල ‘ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය’ සඳහා රිදී සම්මානය මෙන් ම ‘ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ඨත්වය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගන්නා ලදී.
 



 
“CA ශ්‍රී ලංකා 2024 ‘TAGS’ සම්මාන උළෙලේදී අඛණ්ඩ ව අප ලැබූ ජයග්‍රහණ අපගේ සියලුම පාර්ශවකරුවන්ට වැදගත් වන අතර එමගින් මූල්‍ය වාර්තාකරණයේදී දැක්වූ විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන අංග සඳහා බැංකුවේ  කැපවීම මනාව පෙන්නුම් කරයි,” කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “සෑම වසරකම ගෝලීය ප්‍රමිතීන් වෙනස් වන විට හා පාරිභෝගික අපේක්ෂාවන් ඉහළ යන විට අපගේ ව්‍යාපාරය ප්‍රමාණයෙන් හා සංකීර්ණත්වයෙන් සීඝ්‍ර ලෙස වර්ධනය වනවා. මේ නිසාවෙන් අපගේ වාර්ෂික වාර්තාවල අප විසින් සපයන අන්තර්ගතයන් වලට වෙනස්කම් හා නව එකතු කිරීම් නිරතුරුව ම අවශ්‍ය වේ. මෙම කීර්තිමත් සම්මාන අපගේ වාර්ෂික වාර්තා කණ්ඩායමේ වෘත්තීයභාවයට සහ ආභිප්‍රායන්ට උපහාරයක් වන අතර මූල්‍ය වාර්තාකරණයේ දී අප සෑම විටම ඉහළම දේශීය හා විදේශීය ගෝලීය ප්‍රමිතීන් සපුරාලීම සහතික කිරීම ද එමගින් මනාව පිළිඹිඹු වෙයි.”

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව