BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනයි

PINK AUTO (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection ආයතනයක් වන The Pink Auto Shop පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය ප්‍රදර්ශනය කළ ආයතන සහ ව්‍යවසායකයන් ඇගැයීමට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. 2018දී ඇරැඹූ The Pink Auto Shop සාම්ප්‍රදායික වාහන අලුත්වැඩියා හා නඩත්තු සේවාවලින් වෙනස් වූ විශේෂ Detailing හා Protection සේවා ආකෘතියක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection සන්නාමයක් බවට පත් වී තිබේ. උසස් තත්ත්වයේ මෝටර් රථ Detailing හා Protection විසඳුම් සහ විශිෂ්ට පාරිභෝගික අත්දැකීම් තුළින් සමාගම දිවයින පුරා මෝටර් රථ හිමියන් අතර සුවිශේෂ ප්‍රසාදයක් දිනා ඇත. වාහන ආනයනය නැවත ඇරැඹීමත් සමග  නව වාහන හිමිකරුවන් වැඩිම පිරිසකට ඔවුන්ගේ වාහනවලට ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුත් Ceramic Coating, Tint, PPF හා Protection  සේවා සාර්ථකව සැපැයීමට Pink Auto Shop සමත් විය.



ISO සහතික ලත් සමාගමක් වන The Pink Auto Shop ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ Detailing හා Protection සේවා සපයයි. RUPES, Gtechniq, STEK, JAX WAX, SGCB වැනි ලොව ප්‍රමුඛතම Detailing හා Protection සන්නාම සමඟ ඇති කර ගත් උපායමාර්ගික හවුල්කාරිත්ව හරහා සමාගම සිය වෙළෙඳපොළ ස්ථානය ශක්තිමත් කර ඇත.   2019දී ඇරැඹූ BigFoot Detailing Center හරහා ජාත්‍යන්තර Detailing හා Protection ප්‍රමිති ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සමාගම පුරෝගාමී විය. ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට දායක වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම TVEC ලියාපදිංචිය සහිත රජයේ අනුමැතිය ලත් Detailing අධ්‍යාපන ආයතනය වන The Pink Academyද සමාගම විසින් ස්ථාපනය කරනු ලැබ ඇත. එම ආයතනය NVQ Level 4 සදහා පාඨමාලා පවත්වන අතර RUPES බලය ලත් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරයි. මෝටර් රථ ක්ෂේත්‍රයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීමට ඩීටේලර්වරියන් බඳවා ගැනීම හා පුහුණු කිරීම මගින් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද The Pink Auto Shop කටයුතු කර තිබේ. මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් The Pink Auto Shop සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කාවින්ද පෙරේරා මහතා සඳහන් කළේ මෙම සම්මානය සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපවීම, නවෝත්පාදන හැකියාව සහ වෘත්තීයභාවය පිළිබඳ පිළිගැනීමක් බවත්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ Detailing හා Protection ක්ෂේත්‍රය තව දුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාම සිය අරමුණ බවත්ය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව