BWF Level 2 පුහුණු වැඩසටහනින් බැඩ්මින්ටන් ක්‍රීඩාවට විශිෂ්ට‍යෝ 20ක්

Capture (LBN)

ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ  Level 2 පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ පුහුණු සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ  ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල ප්‍රවීණ පුහුණුකරුවන් 20 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එම වැඩසටහන සාර්ථකව නිම කළ අතර, ඉදිරියේදී මෙරට බැඩ්මින්ටන් තරග බිමේ ගුණාත්මකභාවය රැක ගනිමින් ජාතික තලයට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බිහි කිරීමට සිය දායකත්වය ලබා දෙනු ඇත.

 



 

පුහුණුකාරිනියන් 6 දෙනකු සහ පුහුණුකරුවන් 14 දෙනකු Level 2 වැඩසටහනට එක් වූ අතර, ඔවුන් සියලු පුහුණුකරුවන්ට සහතිකපත් ප්‍රදානය කෙරිණි. පුහුණුකාරිනියන් ලෙස හිමාලි කාංචනා ද සිල්වා, චාමිකා ප්‍රියදර්ශනී ජයමාන්න, රේණු චන්ද්‍රිකා ද සිල්වා, නදීෂා ගයාත්‍රි, රුවිනි චතුරිකා රත්නසිරි, මල්කා ඈන් ප්‍රියංගි ප්‍රනාන්දු සමඟ ධනුෂ්ක නිලංග ප්‍රනාන්දු, දුෂාන් අනුරුද්ධික, ධම්මික වනිගසේකර, මහේෂ ඒකනායක, අජිත් උපේන්ද්‍ර පෙරේරා, දුමින්ද නිරෝෂන් ද සිල්වා, සුභාෂ් ජානක ද සිල්වා, ප්‍රබෝධිත බිමල් කොතලාවල, ටී. කමලන්, සඳුන් තාරක ප්‍රනාන්දු, හසිත චානක, මොහොමඩ් ෂිෆාඩ්, රාජිත සංදීපන දහනායක සහ ධනුෂ්ක කන්නන්ගර පුහුණුකරුවන් ලෙස එම වැඩසටහනට සහභාගි වූහ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව