Bosch Sri Lanka සිය දස වසරක ගමන අභිමානයෙන් සමරයි

Bosch event (1) (LBN)

ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සහ සේවා සැපයුම්කරුවෙකු වන Bosch සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කිරීමේ 10 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. “Transforming a Decade. Inspiring the Future” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට Bosch හි කලාපීය නායකයින්, රාජ්‍ය නියෝජිතයින් සහ ව්‍යාපාර හවුල්කරුවන්  සහභාගී වූහ.
 



 

“Bosch, ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැමිණි ගමන්මග හරහා ‘Invented for Life’ යන ආදර්ශ පාඨය මත පදනම්ව අපගේ තාක්ෂණය ඔබ වෙත ගෙන ඒමේ පරමාර්ථය  පිළිබිඹු කරනවා. පසුගිය දශකය පුරාවට අප අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ එක්ව නවෝත්පාදනයන් මෙහෙයවීමට, දක්ෂතා සවිබල ගැන්වීමට සහ රටෙහි තිරසාර සංවර්ධනයට දායක වීමට කටයුතු කරනු ලැබුවා.” යනුවෙන් ඉන්දියාවේ Bosch Group හි සභාපති සහ Bosch Limited හි කළමනාකාර අධ්‍යක්‍ෂ ගුරුප්‍රසාද් මුඩ්ලපූර් මහතා සිය අදහස් දැක්වීය.

Bosch හි ප්‍රධාන ව්‍යාපාරික අංශයන් වන Mobility, Industrial technology, Consumer goods & Energy සහ Building technology  යන අංශයන්ට අදාළ නවීන තාක්‍ෂණයන් සහ තිරසාර විසඳුම් ඉදිරිපත් කෙරුණු Tech Day සමඟින් මෙම සුවිශේෂී අවස්ථාවේ ආරම්භය සනිටුහන් විය. එම අවස්ථාවට සහභාගී වූ පිරිසට Bosch හි ගෝලීය නවෝත්පාදන හැකියාවන් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා වූ අතර රජයේ උසස් නිලධාරීන්, Bosch හි කලාපීය නායකයින් සහ ගෞරවනීය ව්‍යාපාරික හවුල්කරුවන් වෙත පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකින් මෙම සැමරුම අවසන් විය.

Robert Bosch Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්‍ෂ සන්දීප් කමත් මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “මෙම සන්ධිස්ථානය ඔස්සේ  අපගේ  වසර දහයක කැපවීම, නවෝත්පාදනය සහ විශ්වාසය මැනවින් ඉස්මතු කරනවා. අපගේ සේවකයින්, පාරිභෝගිකයින් සහ හවුල්කරුවන්  විසින් දක්වන ලද අඛණ්ඩ  සහයෝගය වෙනුවෙන් අපි බෙහෙවින් කෘතඥ වෙනවා. අපි ඉදිරි දශකය තුළට පිවිසෙන මෙම අවස්ථාවේ දී, අනාගතය උදෙසා පරිවර්තනයන්, නවෝත්පාදනයන් සහ කුසලතා සංවර්ධනයන් අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Bosch සමාගම, 2015 දී ශ්‍රී ලංකාවේ ආරම්භ කළ දා සිට වර්තමානය වනවිට විශ්වාසනීය තාක්ෂණ හා සේවා හවුල්කරුවෙකු බවට පත්ව ඇති අතර, විවිධ නිෂ්පාදන හරහා කර්මාන්ත හා ප්‍රජාවන්ට සහය වී ඇත. මෙම 10 වන සංවත්සර සැමරුම තුළින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා කාර්මික අනාගතය ඉදිරියට ගෙන යාම සඳහා Bosch සමාගමේ දිගුකාලීන කැපවීම තවදුරටත් තහවුරු කරයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව