‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ පුළුල් මහජන සහභාගීත්වයක් සමගින්, මෙරට සිසු දරුවන් 10,000 ක් අධ්‍යාපනයෙන් සවිබල ගන්වයි

Sinhala Final_ Atlas Christmas Promise (LBN)

ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මුල්‍ය දුෂ්කරතාවන් මත පාසල් හැර යාමේ අවදානමක් සහිත දරුවන්ට සහාය වීමේ අරමුණින් දියත් කළ ‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ වැඩසටහන, පුළුල් මහජන සහභාගීත්වයක් සමගින් පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. දිනෙන් දින, උග්‍ර වන ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් සෑම වසරකම සිසු දරුවන් 22,000 කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය හැර යන මොහොතක, කිසිදු දරුවකුගේ පාසල් අධ්‍යාපනය අතරමග නතර නොකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ Atlas සිප්සවි හි මෙම මුලපිරීම හරහා පරිත්‍යාගශීලීත්වය අර්ථවත් කරමින්, සිසු දරුවන් වෙත අනගි සහයෝගයක් ලබා දුන්නේ ය.



මෙම වැඩසටහන මගින් ප්‍රතිලාභී පාසල් රැසක් තෝරා ගනිමින්, සිසු දරුවන් 10,000 ක් වෙත අදාළ පහසුකම් සැලසීමට කටයුතු සිදු කෙරිණි. මහජන සහයෝගය ඇතිව එකතු කරන ලද පොත්පත්, පසුගියදා අයහපත් කාලගුණික තත්ත්වයන් මත අධ්‍යාපනය අඩාළ වූ සිසු දරුවන් ඇතුළු පාසල් හැර යාමේ අවදානමක් සහිත දුවා දරුවන් වෙත බෙදා දුන් අතර, එමගින් නව පාසල් වාරය ආරම්භයේ දී සිසු දරුවන්ට සහ එම පවුල්වලට මහත් පිටිවහලක් සැපයිණි. අත්‍යවශ්‍ය පාසල් උපකරණ සැපයීම, ශිෂ්‍යත්ව පිරිනැමීම සහ සැමට සමාන අධ්‍යාපන අවස්ථාවන් සහිත යහපත් ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කර දීම උදෙසා යටිතල පහසුකම් සැපයීම තුළින් පාසල් දුවා දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි වාතාවරණයක් උදා කර දීමට Atlas සිප්සවි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලබයි. මෙකී කර්තව්‍යයෙහි තවත් අදියරක් වශයෙන්, පාසල් පොත් පරිත්‍යාග කිරීම සඳහා මහජනතාවට ආරාධනා කිරීමත් සමගින්, Atlas හි මුලපිරීමට පුළුල් වටිනාකමක් එක් කර ගනු ලැබීය. ඒ අනුව රටපුරා පිහිටි සියලුම කීල්ස් අලෙවිසැල් සහ සර්වෝදය දිස්ත්‍රික් කාර්යාලවල මහජනතාවට සිය පොත් පරිත්‍යාගයන් සිදු කළ හැකිවන පරිදි පරිත්‍යාග පෙට්ටි ස්ථානගත කිරීමට කටයුතු යොදා තිබුණි.

මෙම කර්තව්‍ය පිළිබඳ අදහස් දක්වමින් Atlas Axillia හි සාමාන්‍යාධිකාරී – අලෙවි, කසුනි බණ්ඩාර මෙසේ පැවසුවාය. ‘‘සෑම වර්ෂයකම ළමුන් 22,000කට අධික පිරිසක් පාසල් හැර යාමේ අවදානමට මුහුණ පා සිටිනවා වගේම පසුගිය දිනවල උදා වූ අයහපත් කාලගුණය නිසා බොහෝ දෙනෙකුට සිය අධ්‍යාපන කටයුතු වල නිරත වීම අභියෝගයක් වී තිබෙනවා. වසර ගණනාවක් පුරාවට Atlas සිප්සවි වැඩසටහන ඔස්සේ අභියෝගයන් මධ්‍යයේ වුවද අධ්‍යාපන කටයුුතු සිදු කරගෙන යාමට පාසල් දරුවන්ව කාලෝචිතව දිරිගැන්වීමට අපට හැකි වූවා. මේ වසරේ Atlas සිප්සවි නත්තල් පොරොන්දුව සමගින් රටපුරා සිටින දුවා දරුවන්ට උපකාර කිරීම සඳහා අපගේ මෙහෙවර පුළුල් මහජන සහභාගීත්වයකින් යුතුව දියත් කරනු ලැබුවා. වගකිව යුතු සන්නාමයක් වශයෙන් අපගේ පාරිභෝගිකයින්ට ද මෙම ජාතික කර්තව්‍යයේ කොටස්කරුවන් බවට පත් වීමට අවස්ථාව සැලසීම ඉතා වැදගත් බව අපි විශ්වාස කරනවා. රටපුරා සිටින ශ්‍රී ලාංකික ජනතාව දුවා දරුවන්ගේ අනාගතයට වටිනාකමක් එක් කිරීමට මෙලෙස අත්වැල් බැඳගැනීම තුළින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට විශාල උපකාරයක් වූ බව නොඅනුමානයි’’

මේ අනුව කිසිදු දරුවකුගේ පාසල් අධ්‍යාපනය අතරමග නතර නොකෙරෙන අඛණ්ඩ කර්තව්‍ය සඳහා උර දෙන Atlas සිප්සවි වැඩසටහනෙහි පුරෝගාමී කැපවීම යළිත් වරක් මැනවින් තහවුරු විය. ඒ ඔස්සේ මෙරට සිසු දරුවන්ට, ඔවුන්ගේ අධ්‍යාපනය තුළින් තිරසාරවත් අනාගතයක් උදා කර ගැනීමට මංපෙත් විවර කෙරෙනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව