‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ තුළින් හෙට ලොව දිනන දරුවන්ගේ සිහින සිතුවම් අගයයි

2 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, විසින් ‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා චිත්‍ර තරඟය – 2025 පසුගියදා කොළඹ ආකේඩ් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී විචිත්‍රවත් අන්දමින් නිමා වූයේ අගනා තෑගි ප්‍රදානෝත්සවයක් ද සමගිනි. දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා නිරන්තර අත්වැලක් සපයන Atlas, නිර්මාණශීලීත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහි කිරීමේ පරමාර්ථය ඇතිව සංවිධානය කළ මෙම චිත්‍ර තරඟයේ දී, පෙර පාසල් මට්ටමේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් කාණ්ඩ පහක් ඔස්සේ තම සිතුවම් දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි විය. එහිදී තෝරාගනු ලැබූ සමස්ත ලංකා ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග, සහතික පත් සහ ත්‍යාග කට්ටල හිමි වූ අතර එක් එක් කාණ්ඩයකට අයත් කුසලතා ජයග්‍රාහකයින් රැසක් ද ඇගයීමට ලක් කළහ. මෙම චිත්‍ර තරඟය සඳහා සිසු දරුවන්, දෙමාපියන් සහ අධ්‍යාපනවේදීන් රැසක් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ කලාත්මක හැකියාවන් ඉස්මතු කරමින්, පාසල් දරුවන් තුළ නිර්මාණශීලීත්වය හා පරිකල්පන හැකියාවන් ගොඩනැගීම සඳහා වන Atlas හි අඛණ්ඩ දායකත්වය ද මැනවින් කැපී පෙනුණි. එමෙන්ම දුවා දරුවන්ගේ ක්‍රීඩා සහ නිර්මාණාත්මක කලා හැකියාවන්ට වින්දනීය සහ සජීවි අවකාශයක් තුළ ක්‍රීඩා සහ නිර්මාණාත්මක කලා ක්‍රියාකාරකම් මුසු Atlas Art කානිවල් වෙත දරුවන් සහ දෙමාපියන් එක්රැස් කරමින් මෙම උත්සවය ප්‍රීතිමත් ලෙස නිමාවට පත් විය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව