ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ටොයෝටා ලංකා අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක්

Image

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකමක්, පහසුවක් සහ පුළුල් රක්ෂණ විසඳුම් රැසක් සැලසීමේ අරමුණින් ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි.



මෙම සහයෝගීතාවය තුළින් පාරිභෝගික විශිෂ්ටත්වය සහ සේවා නවෝත්පාදනය වෙනුවෙන් කැපවී සිටින, ක්ෂේත්‍රයේ විශ්වාසය දිනාගත් දැවැන්තයින් දෙදෙනෙකු එක්ව කටයුතු කරනු ලබයි. මෙම හවුල්කාරිත්වය හරහා ටොයෝටා ලංකා සමාගමෙන් වාහන මිලදී ගන්නා සහ එහි සුප්‍රසිද්ධ අලෙවියෙන් පසු සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින්ට, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් විසින් සපයනු ලබන පුළුල් පරාසයක රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවේ.

දශක දෙකකට ආසන්න ක්ෂේත්‍ර පළපුරුද්දක් සහිත ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්, පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා විශේෂඥ රක්ෂණ උපදේශන සේවා සහ පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන අවදානම් කළමනාකරණ විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම ලෙස ස්ථාපිත වී ඇත.

තමන් කැමති ඕනෑම රක්ෂණ සමාගමකින් රක්ෂණ ආවරණයක් තෝරා ගැනීමට පාරිභෝගිකයින්ට ඇති නම්‍යශීලීභාවය AIBL ආයතනය විසින් සලසා දෙන අතර, එහිදී ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කළ වෘත්තීය මගපෙන්වීම් සහ පුද්ගලීකරණය කළ විසඳුම් ද හිමිවේ. මෙම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය හේතුවෙන් වඩාත් තරඟකාරී කොන්දේසි යටතේ වඩාත් සුදුසුම ආරක්ෂාව ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකි වන අතර, එමඟින් නිවැරදි තීරණ ගැනීමට සහ ඉහළ විශ්වාසයක් ගොඩනගා ගැනීමට මග පෑදේ.

මෙම හවුල්කාරිත්වය, Loyalty, Integrity, Fairness සහ Ethics යන අගයන් මත පදනම් වූ “TOYOTA LIFE” හර පද්ධතියට අනුකූලව, පරිපූර්ණ Mobility විසඳුමක් සැපයීම සඳහා ටොයෝටා ලංකා සමාගම සතු කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.

විශ්වාසනීය රක්ෂණ සේවාවන් පාරිභෝගික ගමනට ඒකාබද්ධ කිරීම මඟින්, බාධාවකින් තොර වාහන හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීම ටොයෝටා ලංකා සහ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්හි අරමුණයි. වාහනය මිලදී ගැනීම සහ නඩත්තු කිරීමේ සිට රක්ෂණ ආවරණය සහ හිමිකම් ඉල්ලීම් (Claims) සහාය දක්වා සෑම අදියරකදීම පාරිභෝගිකයින්ට පරිපූර්ණ සහයෝගයක් මින් ඉදිරියට හිමිවනු ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් දෙපාර්ශවයේම නියෝජිතයින් අවධාරණය කළේ, පාරිභෝගික කේන්ද්‍රීය සේවාව, ප්‍රවේශවීමේ පහසුව සහ නවෝත්පාදනය කෙරෙහි දෙපාර්ශවයේම එක හා සමානව අවධානය යොමු කරන බවයි. මෙම අවබෝධතා ගිවිසුම මඟින් පාරිභෝගිකයින්ට වැඩි පහසුවක්, රක්ෂණ විසඳුම් සඳහා වඩාත් පුළුල් ප්‍රවේශයක් සහ ඉහළ පාරිභෝගික තෘප්තියක් ලබා දීමට වේදිකාවක් සැපසේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව