Arimac විසින් දකුණු ආසියාවේ විශාලතම පරිගණක ක්‍රීඩාව වන නීරෝ දියත් කරයි

Nero Image

 




 

 

ශ්‍රී ලාංකීය ඩිජිටල් ක්ෂේස්ත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Arimac Digital විසින් නිර්මාණය කරන ලද , දකුණු ආසියාවේ විශාලතම stealth-action shooter පරිගණක ක්‍රීඩාව වන NERO (නීරෝ) හි මූලීක ප්‍රවේශය (Early Access Build), පරිගණක ක්‍රීඩා බෙදාහැරීමේ ජාලයක් වන STEAM හරහා දියත් කරන ලදී.

ඉතා අනර්ඝ අයුරින් නිමවූ ඩිජිටල් කඳු, කැලෑ සහිත පරිසරයක් ඔස්සේ , යුද බිමෙහි සටන් වදින සොල්දාදුවෙකුගේ නිර්භීත,සංවේදී සහ අභියෝගාත්මක ජීවන අරගලයක් වටා ගෙතුනු ප්‍රබන්ධයක් ඇසුරින් නිර්මාණය කරන ලද NERO, ක්‍රීඩකයින් හට නවතම ආකාරයේ අත්දැකීමක් ලබා දීමට පියවර ගෙන ඇත. NERO පරිගණක ක්‍රීඩාව, සුප්‍රසිද්ධ ලාංකීය ස්නයිපර් වෙඩික්කරුවෙක් වන නීරෝ හට උපහාර පිණිස නම් තැබුව ද, මෙම පරිගණක ක්‍රීඩාව තුලින් ඔහුගේ ජීවන කතාව හෝ සත්‍ය සිදුවීම් කිසිවක් ඇසුරු කර නැත.

අභියෝගාත්මක මෙහෙයුම් රැගත් NERO පරිගණක ක්‍රීඩාව, සතුරු කණ්ඩායම් පැරදවීමට, ක්‍රීඩකයන් හට තම උපායශීලී චින්තනය උපයෝගී කරමින් ඉතාමත් තීරණාත්මක අන්දමින් ක්‍රීඩා කිරීමේ හැකියාව සලසා දී ඇත. ක්‍රීඩකයින්ට කැමති අයුරින්, සතුරු කණ්ඩායම් අවදානය බිදීමට, ඉලක්කය නියමිත ආකාරයෙන් ගැනීමට, උපකාරී වන අංග රාශියක් මෙහි සමන්විතයි. දකුණු ආසියාතික පරිසරයක පසුබිම ගත් NERO පරිගණක ක්‍රීඩාව, විවිධ කාලගුණයන්, භූමි ප්‍රදේශයන්හි ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇති අතර රහස් මෙහෙයුම් සහ ත්‍රාසය රැගත් සිදුවීම් පෙළක් NERO හි අන්තර්ගත වේ. තව ද NERO හි හඬකැවීම්, උපසිරස් සහ පසුබිම් ශබ්ද සහ සංගීතය, ප්‍රවීණයන්ගේ අනුදැනුම යටතේ ඉතාමත් උසස් අන්දමින් නිමවන ලදී.

වසංගත තත්වය හමුවේ වුවද eSports කර්මාන්තය ඉතාමත් වේගයෙන් වර්ධනය වමින් පවතී. Newzoo හි නවතම සමීක්ෂණය වාර්තා අනුව, 2021 වර්ෂය සඳහා පූර්ව නිවේදිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 175.8 න් දැනට ඩොලර් බිලියන 88.2ක් ම උපාය තිබෙන්නේ ආසියානු පසිෆික් කලාපයයි. 2024 වර්ෂය වන විට එම අදායම ඩොලර් බිලියන 218කට අධික වීමට හැකි බව තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම 2018 දකුණු ආසියාතික ක්‍රීඩා උළලේ නිරූපිත ක්‍රීඩා අංගයක් ලෙස ඇතුලත් වූ eSports සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් ද සහභාගී වූ අතර එය ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිත්‍යානුකූල ක්‍රීඩාවක් ලෙස පිළිගනු ලැබිණි. තව ද, ක්‍රීඩා අමාත්‍යාශයේ අනුමැතිය පරිදි, දකුණු ආසියාතික රටවල් අතුරින් eSport ජාතික ක්‍රීඩාවක් ලෙස පිළිගත් පළමු රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාස ගත වූ අතර, මෙම තීරණය ශ්‍රී ලාංකීය eSports සහ පරිගණක ක්‍රීඩා නිර්මාණ සමාගම් හි මතු දියුණුව උදෙසා ඉවහල් වන බව නොඅනුමානයි.

මේ පිළිබද අදහස් දක්වමින් Arimac Digital ආයතනයෙහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, චමීර ජයසිංහ “eSports කර්මාන්තය ගෝලීය ආර්ථිකයේ හිතකර පෙරලියක් සිදුකරන මෙවැනි කාලයක, Arimac ආයතනයෙහි ඉතාමත් දක්ෂ, 100% ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද – NERO හඳුන්වාදීමට හැකි වීම පිලිබඳ අප නිහතමානිව ආඩම්බර වනවා. ලොව පුරා සිටින ක්‍රීඩකයින් සඳහා NERO කුමන ආකාරයේ අත්දැකීමක් ලබාදේ ද යන්න අපි ඉතාමත් උද්යෝගයෙන් බලාසිටින අතර, ලැබෙන ප්‍රතිචාර ඉතාමත් නිහතමානිව පිළිගෙන, එය ක්‍රීඩකයින්ට වඩාත් ගැලපෙන පරිදි වැඩිදියුණු කිරීමට සහ ලොව වටා වෙසෙන පරිගණක ක්‍රීඩාලෝලීන් හට උචිත ආකාරයට NERO පරිගණක ක්‍රීඩාව ලබාදීමට අපි සැලසුම් කරනවා” යැයි පැවසීය.

“අප අද ලබන මෙම සාර්ථකත්වයේ රහස අප ආයතනයේ දක්ෂ, දැඩි කැපවීමෙන් සහ උනන්දුවෙන් තම කාර්යය ඉටුකරන අපගේ විශිෂ්ට කණ්ඩායමයි. නව දශකයකට පා තබනවාත් සමගම අපගේ පරමාර්ථය වන්නේ මුළු මහත් ආසියාවේම, ඩිජිටල්කරණයේ නියමුවෙකු ලෙස ශ්‍රී ලංකාව ඉහලට ඔසවා තැබීමයි” යැයි වැඩි දුරටත් ඔහු සඳහන් කරනු ලැබීය.

පසුගිය වසර දහය පුරාවටම, Arimac ආයතනය විසින් 30,000කට අධික යොවුන් පරපුරෙහි දක්ෂයින් හට ‘Arimac hero’ වැනි වැඩසටහන් ඔස්සේ ඩිජිටල්කරණය සහ පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා වර්ධනය කිරීමට සහ ඉගැන්වීමට පියවර ගන්නා ලදී.

ඉදිරියේදී, NERO ජංගම දුරකථන ක්‍රීඩාවක් ලෙසත්, hyper -casual ක්‍රීඩාවක් ලෙසත් දියත් වීමට සුදානම් ව ඇති අතර NERO ප්‍රබන්ධය පාදක කරගත් ‘comic book’ මාලාවක් සහ NERO සන්නම් වෙළඳ භාණ්ඩ හදුන්වාදීමට ද තීරණය කර ඇත.

වැඩිදුර විස්තර සඳහා https://store.steampowered.com/app/1448610/NERO/ වෙත පිවිසෙන්න හෝ මෙම QR කේතය scan කරන්න.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව