
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ උසස්ම ප්‍රමිතියෙන් යුතු නැවුම් එළකිරි සන්නාමය වන අඹේවෙල, Global Business Excellence Awards 2026 හිදී ‘Most Iconic Brand’ සහ ‘Best Dairy Brand’ යන ගෞරවනීය සම්මාන ද්විත්වය දිනා ගැනීමට සමත් වී ඇත.
මෙම විශේෂ ඇගයීම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ අඹේවෙල දක්වන විශිෂ්ටත්වය පමණක් නොව, පසුගිය දශක දෙකක කාලය පුරා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම තහවුරු කිරීමක් ද වේ.
කොළඹ 07, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එක්සත් රාජධානියේ London Business Consultancy විසින් සංවිධානය කරනු ලබන Global Business Excellence Awards හරහා විවිධ ක්ෂේත්‍රයන්හි පෙන්නුම් කරන විශිෂ්ට දක්ෂතා සහ සාර්ථකත්වයන් ඇගයීමට ලක් කෙරේ. මෙම වැඩසටහන ශ්‍රී ලංකා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින DEC ආයතනයේ නියාමන අනුමැතිය සහ SITC Campus Business Faculty හි පර්යේෂණාත්මක හා අධ්‍යයන සමාලෝචනය සහිතව සංවිධානය කර තිබුණි.
මෙහිදී ‘Best Dairy Brand’ ලෙස පිදුම් ලැබීම මගින් කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ අඹේවෙල සතු සුවිශේෂී ශක්තිය සහ ගුණාත්මකභාවය තහවුරු වන අතර, ‘Most Iconic Brand’ ලෙස ඇගයීමට ලක්වීමෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් තුළ අඹේවෙල සන්නාමය පිළිබඳව ඇති විශ්වාසය නැවත වරක් තහවුරු කරයි.
නැවුම් බව සහ උසස් ගුණාත්මක බවින් යුතු කිරි සන්නාමය ලෙස මෙරට නිවෙස් තුළ සුවිශේෂී නාමයක් දිනාගෙන ඇති අඹේවෙල, සරුසාර උස් තණබිම්වලින් ආරම්භ වන සෑම අඹේවෙල නිෂ්පාදනයක්ම, ගොවිපොළේ සිට පවුල දක්වා වූ එම විධිමත් ක්‍රියාවලිය හරහා නැවුම් එළකිරි, චීස් සහ යෝගට් ඇතුළු උසස්ම ප්‍රමිතියෙන් යුතු කිරි නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයා වෙත සමීප කිරීමට අඹේවෙල පියවර ගෙන ඇත.
දේශීය නැවුම් එළකිරි නිෂ්පාදනයේ වටිනාකම ඉහළ නංවමින්, ප්‍රමුඛ පෙළේ නැවුම් එළකිරි සන්නාමයක් ලෙස අඹේවෙල සෑම විටම අවධානය යොමු කරනු ලබන්නේ උසස්ම ගුණාත්මකභාවය සහ නැවුම් බව පවත්වා ගැනීමටයි. අඹේවෙල හි මෙම සාර්ථක ගමන් මග මෙරට දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය හා විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත.
එබැවින් මෙම ජාත්‍යන්තර සම්මාන ද්විත්වය, අඹේවෙල ගමනට සක්‍රීයව දායක වූ සියලුම පාරිභෝගිකයන්, සේවක මණ්ඩලය, සහකරුවන්, සිල්ලර වෙළෙඳුන් සහ සසුන්ගත පාර්ශ්වකරුවන් ලබාගත් පොදු ජයග්‍රහණයක් වනවා. අඹේවෙල එළකිරි සඳහා පිටි කිරි හෝ වෙනත් කිසිදු ආදේශකයක් හෝ රසායනික ද්‍රව්‍යයක් කිසිවිටෙකත් එකතු නොකරන අතර, එය ස්වාභාවික පෝෂණ පදාර්ථ සහ ස්වාභාවික මේදය සහිත සැබෑ නැවුම් කිරි ලෙස පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරයි. තවද, අඹේවෙල ගොවිපොළවල සිටින Friesian සහ Ayrshire නම් වූ උසස් වර්ගයට අයත් එළදෙනුන්, විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුතු නැවුම් කිරි ලබාදෙයි.
මෙම ජාත්‍යන්තර ඇගයීම මගින් අඹේවෙලහි විශ්වාසනීයත්වය සහ ප්‍රමුඛතම සන්නාම තත්ත්වය තවදුරටත් තහවුරු වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් ලෙස එහි නාමය ගෝලීය මට්ටමින් ප්‍රබල ලෙස සටහන් කිරීමට ද සමත්ව ඇත.
අඹේවෙල අපි, ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා පිරිසිදු, උසස්ම ප්‍රමිතියෙන් යුතු නැවුම් එළකිරි ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ තිරසාර වර්ධනයට අඛණ්ඩව දායක වීමටත් කැපවී සිටියි.


