Amana Takaful Insurance 2025 වාර්ෂික සම්මාන උළෙලේදී ක්‍ෂේත්‍ර රැසක විශිෂ්ටයින් කිරුළු පළදවයි

1- F. M. Fasith, Best Branch Manager – Amana Life Insurance (1) (LBN)

​ශ්‍රී ලංකාවේ වැඩිම සම්මානලාභී රක්ෂණ සමාගමක් වන Amana Takaful Insurance සිය 2025 වාර්ෂික සම්මාන උළෙල පසුගිය ජූනි 24 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහිදී Amana General Insurance සහ Amana Life Insurance යන සමාගම් දෙකෙහිසේවකයින් සහ අලෙවි ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ විශිෂ්ට දක්ෂතා හා ඇගයීම උදෙසා මෙම සම්මාන පිරිනැමීම සිදු විය.

මෙම උත්සවය සඳහා ​Amana General Insurance හි සභාපති එම්. සුල්ෆිකාර් ගවුස්, කළමනාකාර අධ්‍යක්ෂ හසන් කසීම්, ප්‍රධාන විධායක නිලධාරී එස්. කාර්තිගන් සහ Amana Takaful Life ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ, Amana Takaful Maldives හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ හරීස් සුලෙයිමාන් යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.




මෙවර සම්මාන උළෙල “The Ultimate League of Champions” යන තේමාව යටතේ, FIFA පාපන්දු ලෝක කුසලානයේ උද්යෝගය, එකමුතුකම සහ තරගකාරීත්වය පිළිබිඹු කරමින් සංවිධානය කර තිබුණි. එමෙන්ම ක්‍රීඩාංගණයක අත්දැකීම සිහිගන්වන වේදිකා සැලසුම්, සිනමාත්මක දෘශ්‍ය නිර්මාණ, පාපන්දු තේමාවෙන් සැරසුණු විනෝදාස්වාද අංග සහ කණ්ඩායම් ශක්තිය, නොපසුබට උත්සාහය සහ විශිෂ්ටත්වය කරා යන ගමනෙහි වූ ඒ ශූරතාමය පසුබිම ඉස්මතු කරමින් සමස්ත උත්සවයටම අලංකාරයක් එක් කර තිබුණි.

​සමාගම් ඉතිහාසයේ විශාලතම සම්මාන උළෙල සනිටුහන් කරමින්, General සහ Life යන සමාගම් දෙකෙන්ම සම්මාන 250 කට අධික සංඛ්‍යාවක් පිරිනැමීමට මෙහිදී පියවර ගෙන තිබුණි. අලෙවිකරණය, නායකත්වය, මෙහෙයුම් සහ ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මාන අතරට Champion of Champions, MD’s Club, CEO’s Club, CEO’s & Operational Excellence Awards, MDRT, COT යන කාණ්ඩ යටතේ තනි පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් විශේෂ ඇගයීම් රැසක් මීට ඇතුළත් විය.

Amana General Insurance නියෝජනය කරමින්, අලෙවි ක්ෂේත්‍රයේ දැක්වූ විශිෂ්ට දක්ෂතාව වෙනුවෙන් අෆ්සාල් ඊබ්‍රාහිම් මහතා ‘Champion of Champions 2025’ ලෙස අභිෂේක ලැබීය. 2010 වසරේ සිට Amana Takaful පවුලේ සාමාජිකයෙකු වූ අෆ්සාල්ගේ මෙම ජයග්‍රහණය, ඔහුගේ නොසැලෙන කැපවීම, වෘත්තීය දක්ෂතාව සහ වසර ගණනාවක් පුරා දැක්වූ අඛණ්ඩ උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයකි. මැලේසියා සංචාර තරග අංශයෙන් හිමි කරගත් ජයග්‍රහණය, ‘Retail Promoter’ ලෙස ලැබූ ඇගයීම සහ අලෙවි කළමනාකාර කාණ්ඩය යටතේ ලැබූ ජයග්‍රහණය ඇතුළු 2025 වසරේදී ඔහු විසින් ජයග්‍රහණය කරනු ලැබූ මෙම සුවිශේෂී සම්මාන මගින් සමාගමේ ඉහළම ගෞරව සම්මානය ද හිමිකර ගැනීමට ඔහුට අවස්ථාව උදා විය. ඔහුගේ මෙම සාර්ථකත්වය Amana Takaful හි අලෙවි ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අතර ඔහුගේ විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු විය.

එමෙන්ම ​Amana Life Insurance නියෝජනය කරමින්, එස්. සෝමසුන්දරම් සුරේන්දර් මහතා ‘Champion of Champions 2025/2026’ ලෙස අභිෂේක ලැබූ අතර  ඔහු  Sales Business Unit 3 හි මෙම ගෞරවනීය සම්මානය දිනාගත් පළමු පුද්ගලයා බවට පත්විය. එමෙන්ම, 2025 සහ 2026 යන වසර දෙකේදීම ‘Million Dollar Round Table’ (MDRT) සුදුසුකම පළමුවෙන්ම හිමිකරගත් සමාගමේ උපදේශකවරයා ලෙස ද ඔහු ඉතිහාසගත විය.ලැබූ සමාගමේ පළමු උපදේශකවරයා ලෙස ද ඔහු ඉතිහාස ගත විය.

​පාපන්දු ලෝක කුසලාන තේමාව ඔස්සේ පැවැත්වූ මෙම සම්මාන උළෙල උද්යෝගය හා ශූරත්වය මනාව පිළිබිඹු කළ දර්ශනීය නිර්මාණ, විචිත්‍රවත් සහ විනෝදාත්මක අංග, සිත් ඇදගන්නාසුළු ඉතාමත් හරවත් දේශන සමඟින් මෙම සන්ධ්‍යාව තව තවත් වර්ණවත් විය. තවද තරග පිටියක ජයග්‍රහණය සඳහා ඇති උණුසුම, සතුට, උද්යෝගය සහ අභිමානය සිහිගන්වමින් පැවැති මෙම සුවිශේෂී උත්සවය, හුදෙක් සම්මාන ප්‍රධානෝත්සවයක් පමණක්ම නොව Amana Takaful හි සාර්ථකත්වය, කැපවීම, කණ්ඩායම් හැඟීම, උද්යෝගය සහ ජයග්‍රාහී ආකල්පය සැමරීම සඳහා වූ සුවිශේෂී අවස්ථාවකි.

​Amana Takaful ආයතනය සිය වර්ධනීය හා නවෝත්පාදන ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, සිය කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමටත් ජයග්‍රහණ ඇගයීමට මෙන්ම ජයග්‍රාහකයින් බිහි කරන ජයග්‍රාහී සංස්කෘතියක් ගොඩනැගීමටත් ඇති කැපවීමේ ප්‍රබල සලකුණක් සනිටුහන් කරමින් සෑම වසරකම මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව