Allianz World Run 2022 වැඩසටහනේ ලොව දෙවැනි ස්ථානය අලියාන්ස් ලංකා කණ්ඩායමට හිමි වේ

Allianz World Run Team (LBN)

 



 

 

Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්‍යය හා ශරීර සුවතාව ප්‍රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. මේ යටතේ ලොව පුරා අලියාන්ස් සමාගම් වල සේවය කරන සාමාජික සාමාජිකාවන් දින 90 ක කාලයක් තම ජංගම දුරකථන හා උපාංග භාවිතයෙන් තම ශාරීරික ව්‍යායාම්  ක්‍රියාකාරකම් වාර්තා කළ යුතු විය. මෙම දත්ත රටවල් මට්ටමින් සංසදනය කර ඉන් අනතුරුව ගෝලීය වශයෙන් ශ්‍රේණිගත කිරීම සිදු කළ අතර මෙම ඉසව්වේ මූලික අරමුණ වූවේ දින 90 ක කාලයක් තුළ හැකි උපරිම දුරක් ධාවනයේ යෙදීමයි.

මෙහිදී සමස්ත දුර ප්‍රමාණය සහ සමස්ත දායකත්වය අනුව ලොව දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. එම කණ්ඩායම වාර්තා කරගෙන තිබූ දුර ප්‍රමාණය කිලෝමීටර් 246,282 ක් වූ අතර, මෙය ලොව වටා වාර 6 කටත් වඩා දිවීමට සමාන විය. අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 1,106 දෙනෙකු මෙම තරගයට එක් වූ අතර එය ලොව දෙවැනි වැඩිම සහභාගීත්වය ලෙස වාර්තා වී තිබිණි. එක් තරගකරුවෙකු වාර්තා කරගත් දුර ප්‍රමාණයේ සාමාන්‍යය කිලෝමීටර් 223 ක් විය.

මේ පිළිබඳ අදහස් දැක්වූ අලියාන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ,   “Allianz World Run 2022 තුළින් අපගේ සාමූහික හැඟීම් මැනැවින් ප්‍රදර්ශනය වීම මට මහත් සතුටක්. ලොව පුරා අලියාන්ස් සමාගම් වල සාමාජික සාමාජිකාවන් ඉමහත් උනන්දුවෙන් යුතුව මෙම තරගයට එක්වුණා. ඒ අතරතුර ලොව දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීමටත්, අරමුදල් රැස්කිරීමටත් ඔවුන්ට හැකි වූවා. අලියාන්ස් යනු ජීවිතයේ වටිනාම දේවල් වලට රැකවරණය දීමට ප්‍රමුඛත්වය දෙන සමාගමක්. සෞඛ්‍යය හා යහපැවැත්ම තරම් කෙනෙකුට වටිනා දෙයක් තවත් නැහැ. මේ නිසාම අප නිරන්තරයෙන් ශාරීරික ව්‍යායාම්වල වැදගත්කම පෙන්වා දෙනවා. තරගය අවසන් වුවත් මින් ඉදිරියටත් සෑම දිනකම කායික ක්‍රියාකාරකම් වල යෙදෙන මෙන් අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව