AIA විසින්, EDGE Assess සහතිකය අත්පත් කර ගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුල විවිධත්වය සහ සියල්ලන් ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම වෙනුවෙන් පෙරමුණ ගනියි

PR image - EDGE certified

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කරගන්නා ලදී.  මෙමගින් සමාගම විවිධත්වය, සාධාරණත්වය සහ සියලුදෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වෙමින්, සිය මානව සම්පත වෙනුවෙන් ලබා දෙන්නා වූ ගෞරවය වඩාත් පිළිබිඹු වේ.  මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ ඇගයීමට හිමිකම් කියන්නා වූ එකම ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම බවට AIA පත්වෙනු ඇත.  ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (International Finance Corporation – IFC) යටතේ ඇති, කාන්තාවන් සහ පිරිමින් සඳහා සමාන වෘත්තීය අවස්ථා පෝෂණය කිරීම වෙනුවෙන් සිය  උපායමාර්ගික කැපවීම සමඟින් සහය වන්නා වූ IFC-DFAT Women in Work වැඩසටහන, AIA අත්පත් කරගත් මෙම EDGE සහතිකකරණයට අදාළ  වූ ක්‍රියාවලිය සඳහා සිය සහාය ලබා දෙන ලදී.




විවිධත්වය සහ සියල්ලන් ඇතුළත් කරගනිමින් සිය ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා AIA හි කැපවීම මෙවන් කැපී පෙනෙන ගුණාත්මක හා ප්‍රමාණාත්මක ජයග්‍රහණ මගින් අවධාරනය කෙරේ.  ඓතිහාසික වශයෙන් රක්ෂණ ක්ෂේත්‍රය පුරුෂ ආධිපත්‍ය යටතේ පැවත ඇත.  එහෙත් වර්තමානයේ එම ප්‍රවනතාවය කෙමෙන් වෙනස් වෙමින් පවතින අතර කාන්තාවන්හට මෙම ක්ෂේත්‍රය වෙත වැඩි වටිනාකම් එකතු කිරීමේ හැකියාවක් ඇති බව අපි දනිමු.  AIA සමාගම කාලයකට පෙර සිට සිය මානව සම්පත පිළිබඳව මනාව සැලසුම් කරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමතුලිත බව කෙරෙහි හොඳ අවධානයක් යොමුකර ඇති බව ඔප්පු කර පෙන්වීමට ප්‍රත්‍යක්ෂ සාධක ඇත.  එනම් වර්තමානය වනවිට කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් 44% ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර අලෙවි බලකා සාමාජිකයින්ගෙන් 48%ක ප්‍රතිශතයක්ද කාන්තාවන් වේ. එමෙන්ම සමාගමේ වැඩිම කාර්යසාධනයක් සහිත ව්ශිෂ්ට අලෙවි බලකා සාමාජිකයින් 100 දෙනාගෙන් 58%ක්ම කාන්තාවන් වීම ද සුවිශේෂී කරුණකි.

සියල්ලන් ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීමේ ප්‍රථිපලයක් ලෙස කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ තෘප්තිමත්බව,  සමාගම විසින් ඔවුන් වෙනුවෙන් සංවිධානය කරන විවිධ වූ වැඩසටහන් සඳහා එකිනෙකා සමඟින් කණ්ඩායම්  හැගීමෙන් යුක්තව සහභාගී වීම ඔස්සේ මනාව පෙනී යන කරුණකි. මේ සියලු කරුණු  AIA, Great Place to Work ආයතනයෙන්, රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව වසර 11ක් සම්මානයට ලක්වීමත් ඒ ඔස්සේ Great Place to Work – “LEGEND” තත්ත්වය අත්කර ගැනීමටත්, කාන්තාවන්ට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව වසර 6ක් සම්මානයෙන් පිදුම් ලැබීමටත් හේතු විය.

මෙම EDGE සහතිකකරණය, AIA විසින් සමානාත්මතාවය, විවිධත්වය සහ සියල්ලන් ඇතුලත් කරගගැනීම යන සුවිශේෂී ගුණාංග සමඟින් කැපවී ක්‍රියාත්මක වීම වෙනුවෙන් නොබෝදා අත්පත් කරගත් නවතම ඇගයීම වන අතර ඒ ඔස්සේ AIA, මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල සුවිශේෂී වූ තැනක ස්ථානගතව ඇත. EDGE සහතිකකරණය අත්පත් කරගත් ප්‍රථම රක්ෂකයා වශයෙන් AIA, රැකියා ස්ථානයක් තුල විවිධත්වය සහ සියල්ලන් ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම පිළිබඳව නවතම ප්‍රමිතියක් පිහිටුවනු ලබයි. අනුකූලතාවයන්ගෙන් ඔබ්බට යමින් මෙම සහතිකකරණය AIA සමාගම විවිධත්වය සහ සාධාරණත්වයට ප්‍රමුඛත්වය දෙන සේවා ස්ථානයක් ලෙස රැකියා වෙළෙඳපොල අවස්ථාවන් සොයන ඉහළ පෙළේ දක්ෂතා ඇති පුද්ගලයින්හට වැඩි ආකර්ෂණයක් ඇති කරයි.  මෙම ඇගයීම ආයතනික වගකීම් සහගත සමාගමක් ලෙස AIA හි කීර්තිනාමය වඩාත් යහපත් බවට පත් කරනවා පමණක් නොව, එහි විවිධත්වයෙන් හෙබි ශ්‍රම බලකාය තුල නිර්මානශීලීත්වය පෝෂණය කරන්නා වූ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ද ස්ථානගත කරනු ලබයි.

AIA ඉන්ෂුවරන්ස්, මෙම EDGE සහතිකකරණය අත්පත් කර ගැනීමත් සමඟින්, ක්ෂේත්‍රය තුල අනෙකුත් රක්ෂණ සමාගම් සඳහා එය අනුගමනය කිරීමට දිරිදෙන අතර ඒ වෙනුවෙන් මග සලසයි.  AIA හි, විවිධත්වය සහ සියල්ලන් ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම සඳහා ඇති සාමුහික කැපවීම ව්‍යාපාරයේ ඉදිරි  අනාගත සාර්ථකත්වය සඳහා මහත් රුකුලක් වෙනු ඇත.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව