AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව එක්ව ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය බෑන්ක්ඇෂුවරන්ස් ප්‍රවේශයකට

AIA and ComBank PR Image-min (LBN Fill)

 



 

 

ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA  සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය මෙන්ම ශක්තිමත් බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී.  මෙම සහයෝගීතාවය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සුවිශේෂී යෝජනා සහ බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරය පිලිබඳ ඇති හසල අත්දැකීම්, ශ්‍රී ලංකාව පුරාවට පැතිර ඇති කොමර්ෂල් බැංකුවේ 268 ක් වන ශාඛා පද්ධතිය හා සම්බන්ධ ඉහළ තලයේ පාරිභෝගිකයින් වෙත හදුන්වාදෙනු ඇත.

මෙම සහයෝගීතාවයෙහි අපේක්ෂාව වනුයේ සාමාන්‍ය බෑන්ක්ඇෂුවරන්ස් සබඳතාවයකින් ඔබ්බට ගොස් ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරය සඳහා අවශ්‍ය සහය ලබා දීමයි.  AIA සමූහයේ සමාගම්, ආසියාව තුල ව්‍යාපාර කරමින් ලබා ඇති අත්දැකීම් සමුදාය ද පාදක කර ගනිමින්, කොමර්ෂල් බැංකුවේ අගනා පාරිභෝගික ජනතාව වෙත, විවිධ නව්‍ය රක්ෂණ සැලසුම්,  රැකවරණය සඳහා අත්‍යවශ්‍ය වන මූල්‍ය උපදෙස් මෙන්ම දීර්ග කාලීන ඉතුරුම් සහ විශ්‍රාම සැලසුම්  හදුන්වා දෙනු ලබයි.

බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වශයෙන් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය ශාඛා කාර්යාල ජාලය සතු අලෙවිකරණ විශේෂඥාතාවයන්, ප්‍රමුඛ පෙළේ අලෙවිකරණ තාක්ෂණය සහ පුළුල් වූ සැලසුම් සහ සේවාවන් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත හදුන්වා දෙනු ඇත. මෙරට විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සතු විශාල පාරිභෝගික පිරිස වෙත සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණ සැලසුම් හදුන්වා දීම සඳහා සැලකිය යුතු අවස්ථාවක් ඇති අතර මේ ඔස්සේ ක්ෂේත්‍රය තුළ AIA ඉන්ෂුවරන්ස් ලංකා සතු තරඟකාරීත්ව වාසිය තව දුරටත් ශක්තිමත් වෙනු ඇත.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (International Finance Corporation – IFC) සමගින් දීර්ග කාලයක සිට සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර ඩිජිටල්කරණය මුල්කරගත් මෙවන් සුවිශේෂී බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට දායක වූ IFC හි භූමිකාව පිළිබඳව මෙම සමාගම් දෙක සිය කෘතඥතාවය පළකර සිටියි.  ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙහි සහයෝගීතාවයෙන් (IFC-International Finance Corporation) එහි “IFC-DFAT Women in Work” වැඩසටහන යටතේ දිවයින පුරා විසිර සිටින කාන්තාවන් හට මූල්‍යමය සුරක්ෂිතතාවය අත්පත්කර දීම සඳහා මේ වසර මුල් භාගයේ දී AIA  ඉන්ෂුවරන්ස් ලංකා සහ කොමර්ෂල් බැංකුව අතර කොමර්ෂල් බැංකුවේ අනගි ගිණුම් හිමිකරිනියන්හට සුවිශේෂී රක්ෂණ විසදුම් ලබාදීම අරමුණු කරගනිමින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ද සමගින් මෙම නව සහයෝගීතාවය සමාගම් දෙක තබන ලද තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වෙනු ඇත.

“මෙම සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාව තුල දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, විශ්වසනීයයත්වයෙන් ඉතා ඉහළ තලයක රැදී සිටින ස්ථාවරත්වයෙන් අගතැන් ආයතන දෙකක එකතුවෙන් ශ්‍රී ලංකාව පුරා ජීවිත හා සෞඛ්‍ය රක්‍ෂණ ව්‍යාප්තිය වැඩි කිරීම සඳහා දායකත්වය දක්වනු ඇති.  එමෙන්ම අප සතුව ඇති,  ජනතාවගේ ජීවිත කාලය තුල පැනනගින විවිධ  අවශ්‍යතාවයන්ට සරිලන අයුරින් නිමවන ලද රක්ෂණ විසදුම් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින් ඔවුනගේ ජීවිතවලට වැඩි වටිනා කමක් සමගින්  ඉහල රැකවරණයක් සැපයීම සඳහා මෙම සහයෝගීතාවය කාලීන අවස්ථාවක් ද වනු ඇති” බව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියාය.”

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂක සනත් මනතුංග මහතා කියා සිටියේ “අපගේ පාරිභෝගික ජනතාව, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන අප විසින්, ඔවුනට ඉහළ වටිනාකම් එක්කරන්නා වූ ලෝක තලයේ සැලසුම් සහ සේවාවන් සැපයීම පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරනවා.  ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම සමගින් සහයෝගීතාවයකට එළඹීම මගින් අපට, අපගේ අගනා පාරිභෝගිකයින් වෙත, ඔවුනගේ රැකවරණ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස ඔවුන් වෙනුවෙන්ම නිමවන ලද උසස් තත්ත්වයේ සැලසුම් සහ සේවාවන් ලබා දීමට හැකිවෙනු ඇති.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වැනි ඉහල කීර්තිනාමයක් සහිත විශ්වසනීය සමාගමක් සමගින් මෙවන් සහයෝගීතාවයකට එළඹීම අපට සතුටක් වන අතර ඔවුන් හදුන්වාදෙන සේවාවන් ඔස්සේ අපගේ පාරිභෝගික ජනතාව හා අප අතර ඇති සබඳතාවයන් වඩාත් ශක්තිමත් වනු ඇතැයි මා විශවාස කරනවා.”

මෙම නව සහයෝගීතාවය ඔස්සේ මූලිකව සියලු සැලසුම් සහ සේවාවන් කොළඹ සහ ඒ අවට ශාඛා කාර්යාල වලට හදුන්වා දී ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර පසුකාලීනව ක්‍රමානුකූල අදියරෙන් අදියර සියලු කොමර්ෂල් බැංකු කාර්යාල පුරාවට එම සේවාවන් හදුන්වා දෙනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව