ADB විසින් තුන්වන වසරටත් ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

ADB TSCFP Award 2023 (LBN)

 



 

 

ජාතික ආර්ථිකය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ තම දායකත්වය යළි තහවුරු කරමින්, වෙළඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ‍්‍රී ලංකාවේ සිය ‘ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) කොමර්ෂල් බැංකුව නැවත වරක් ප‍්‍රකාශයට පත් කර ඇත.

ආසියානු ක්ෂාන්තිකර කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා ප‍්‍රමුඛ පෙලේ හවුල්කාර බැංකුවල දායකත්වය ඇගයීමට ලක් කෙරෙන ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අඛණ්ඩ තුන්වන වසර මෙයයි. 2023 සම්මාන උළෙල සිංගප්පූරුවේ ජෙන් සිංගප්පූරු ටැන්ග්ලින් ශැන්ග‍්‍රිලා හිදී පැවැත්විණි.

2022 ජූලි 01 වැනිදා සිට 2023 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනමන ලදී. ADB TSCFP සම්මාන උළෙලේදී කාණ්ඩ 15ක් යටතේ හඳුනා ගත් බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුව ද ඇතුළත් විය.

මෙම නවතම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණ බී.ඒ.එච්.එස්. ප‍්‍රීනා මහතා මෙසේ පැවසීය: ”වෙළඳාම සම්බන්ධ අවදානම් වලින් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ආරක්ෂා කිරීමට සහ ව්‍යාපාරවලට එකිනෙකා සමඟ ගනුදෙනු කිරීම පහසු කිරීමට උපකාරී වන පහසුකම් සහ සේවා පිරිනමමින්, කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම වෙළඳ පහසුකම් සපයන්නන් අතර සිටී. මේ සම්මානය අපි ඉටු කරන එම කාර්යභාරයට ලැබුණු වැදගත් පිළිගැනීමක්.”

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන අතර මෙරට අපනයන පරිමාවෙන් 18% කට වැඩි ප‍්‍රමාණයක් සහ ආනයන පරිමාවෙන් 11% කට අධික ප‍්‍රමාණයක් සඳහා පහසුකම් සපයයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව