ACCA තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව බැංකු ක්ෂේත්‍රයේ ඉහළ ම සම්මානය දිනා ගනී

ACCA Awards 2025 (LBN)

තිරසරභාවය සම්බන්ධ තොරතුරු පාර්ශවකරුවන්හට පුළුල් ලෙස හෙළිදරව් කිරීමේ දක්ෂතාව අගයමින් කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් ඉදිරිපත් කළ 2025 තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගත්තේය.

මෙම සම්මාන උළෙලේ දී බැංකුව සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූයේ පසුගිය වසරේ දී ACCA විසින් සම්මානයට පාත්‍ර වූ එහි 2022 වාර්ෂික වාර්තාවේ ජයග්‍රහණය පුනරාවර්ජනය කරමිනි.
 



 
ACCA තිරසර වාර්තාකරණ සම්මාන මගින් ඇගයීමට ලක් කෙරෙන්නේ අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්ට ව්‍යාපාරයක ආර්ථික, පාරිසරික හා සමාජයීය බලපෑම් පිළිබඳව පෙන්වා දී පැහැදිලිව කරුණු දක්වමින් තිරසාර සංවංර්ධන පරමාර්ථය වෙනුවෙන් වන සමාගමේ ප්‍රතිපත්ති, ඉලක්ක සහ දිගුකාලීන අරමුණු නිරූපණය කරන වාර්ෂික වාර්තා වේ.

කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව විසින් CA ශ්‍රී ලංකා හි 2024 ‘TAGS’ සම්මාන උළෙලේ දී රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් ද දිනා ගන්නා ලදී. එම සම්මාන උළෙල මගින් පිළිගත් විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය – TAGS යන ප්‍රධාන අංශ පිළිබඳාව වාර්තා කිරීමට බැංකුවේ ඇති කැපවීම හා විශිෂ්ඨත්වය මෙම සම්මාන තුළින් පිළිගැනිමට ලක්විය.

කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව එහි සමස්ත 55 වන වාර්තාව වන අතර එය හරිතාගාර වායු (GHG) නිෂ්ක්‍රීය වූවකි. එය 2023 වර්ෂයට අදාලව කාර්ය සාධනය සහ යහපාලනය පිළිබඳ සියළු අංශ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව