කොමර්ෂල් බැංකුව, ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය වෙළෙඳ මූල්‍ය බැංකුව ලෙස නම් කෙරේ

Commercial-Bank

 




 

 

2021 වර්ෂය සඳහා ආසියානු බැංකු හා මූල්‍ය (ABF) සම්මාන උළලේදී, සැලකිය යුතු ගණුදෙනු ප‍්‍රමාණයක් සාර්ථකව සිදු කළ හෝ නවෝත්පාදක මුල පිරීම් සිදු කළ බැංකු සඳහා පිදෙන, මහා පරිමාණ බැංකුකරණ කාණ්ඩය යටතේ, වසරේ දේශීය වෙළෙඳ මූල්‍ය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත‍්‍ර වී ඇත.

සමාලෝචනය කළ වර්ෂයේ දී, කොවිඞ් 19 වසංගතයේ බලපෑම් නොතකා, පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම, සේවා ප‍්‍රමිතීන් වැඩිදියුණු කිරීම, නව්‍ය විසඳුම් ලබා දීම සහ ඔරොත්තු දීමේ හැකියාව, බාධාවලට එරෙහි වීම සහ විශිෂ්ට කාර්ය සාධනය හේතුවෙන් කොමර්ෂල් බැංකුවට මෙම විශිෂ්ඨ ගෞරවය හිමි විය.

වෙළෙඳ මූල්‍යකරණය තුළ බැංකුව ලද ජයග‍්‍රහණ තීරණය කරනුයේ වෙළඳපල කොටස, පිරිවැටුම, ආදායම, වෙළෙඳාම් කටයුතු සඳහා ලබා දී ඇති ණය පහසුකම් සහ ලබා ගත් වෙළෙඳ ණය ඇතුළු ප‍්‍රධාන දර්ශකවලට අදාළ කාර්ය සාධනය අනුවය.

මෙම සම්මානය සඳහා හේතු වූ කොමර්ෂල් බැංකුවේ නිෂ්පාදන නවෝත්පාදනයන් ලෙස නව වෙළෙඳ මූල්‍ය නිෂ්පාදනයක් (වට්ටම් සහිත දේශීය ණයවර ලිපි) දියත් කිරීම සහ ඩිජිටල් තොරතුරු පරීක්ෂණ වේදිකාවක් සැලසුම් කිරීම හැඳින්විය හැක.

නව්‍ය වෙළෙඳ විසඳුම් ලබා දීමේ අරමුණින් බැංකුව විසින් ඊ-ලේඛන පිළිගන්නා ලෙස නියාමකයන්ට යෝජනා කර ඒත්තු ගැන්වීමට සමත් වූ අතර බලපත‍්‍ර යටතේ හෙන්වන මෝටර් වාහන නිෂ්කාශනය පහසු කිරීම සඳහා විශේෂ විධිවිධාන සලසා දුන්නේය.

එමෙන්ම, ව්‍යාපාරික පිරිවැටුම ඉහළ නැංවීම, මූල්‍ය පිරිවැය අඩු කිරීම සහ සංකීර්ණ ව්‍යූහගත වෙළෙඳ කොන්දේසි යටතේ මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘතියක් සක‍්‍රිය කිරීම මගින් බැංකුව ව්‍යාපාර පුළුල් කිරීමේ ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීය. තිරසාර ඇරඹුමක් ලෙස හරිතාගාර වායුව විශාල ප‍්‍රමාණයක් අඩු කිරීමට හැකි වූ හරිත ව්‍යාපෘතියකට බැංකුවේ සහායද ලබා දුන්නේය.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව