SAMSUNG සමාගම 2020 ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර mobile-first අලෙවිකරණ ප‍්‍රවර්ධනය දියත් කරයි

Olympics revised logo unit

 




 

 

ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ ඔලිම්පික් සහ පැරාලිම්පික් ක‍්‍රීඩා තරග අත්දැකීම් ඉහළ නැංවීම සඳහා සැම්සුන් ඉහළ තාක්ෂණයෙන් අනූන ජංගම දුරකතන නිෂ්පාදන හඳුන්වා දෙයි

ඔලිම්පික් හා පැරාලිම්පික් ක‍්‍රීඩා හවුල්කරුවෙකු වන ලෝක ප‍්‍රකට සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාග (Samsung Electronics Co., Ltd) සිය පාරිභෝගිකයින් සහ ක‍්‍රීඩා ලෝලීන් වැඩි පිරිසකට ඔවුන් සිටින ඕනෑම ස්ථානයක සිට ඔලිම්පික් හා පැරාලිම්පික් තරගාවලි රසවිඳීමට උපකාර කිරීම සඳහා 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට නව ජංගම දුරකතන නවෝත්පාදනයන් හඳුන්වා දී ඇත. ක‍්‍රීඩා ලෝලීන් ඔලිම්පික් තරගාවලිය සඳහා ශාරීරිකව එක්ව නොසිටියත් ක‍්‍රීඩාව මගින් ඔවුන් එකමුතු කළ හැකි ආකාරය මෙම වසරේදී පෙන්නුම් කෙරෙනු ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව හා එක්ව සැම්සුන් සිය නවතම ජංගම දුරකතන තාක්ෂණය සහ digital-first ප‍්‍රවේශය සමඟ මෙම කටයුත්තට මුල පුරනු ඇත.

”වසර 30ක් සිදු කළාක් මෙන් මෙවර ඔලිම්පික් හා පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලවල් සඳහා ද සැම්සුන්ග් අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ඇති අතර ක‍්‍රීඩා ලෝලීන් ක‍්‍රීඩාව සමඟ සම්බන්ධ කිරීම ද සිදුකරනු ඇත. එමෙන්ම, ටෝකියෝ 2020 සඳහා 5G හැකියාවන් සහිත නවතම Galaxy ජංගම දුරකතන වැනි අපගේ නව්‍ය ජංගම දුරකතන තාක්ෂණයන් හරහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ රසිකයින් සම්බන්ධ කිරීම හා තරගාවලියේ උද්වේගකර අවස්ථාවන් අත්විඳීමට ද අවස්ථාව ලබා දෙනවා.”යැයි සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් හි ජංගම දුරකතන සන්නිවේදන ව්‍යාපාර, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ගෝලීය අලෙවිකරණ කණ්ඩායමේ ප‍්‍රධානී, ස්ටෙෆනි චෝයි මහත්මිය පැවසුවේය.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමාගාමීව හඳුන්වා දෙන ලද සැම්සුන්ග් ගැලැක්සි ටෝකියෝ ඔලිම්පික් 2020 මාධ්‍ය මධ්‍යස්ථානය (Samsung Galaxy Tokyo 2020 Media Center) වැනි ඩිජිටල් මුලපිරීම් ඇතුළුව ලොව පුරා සිටින ක‍්‍රීඩා ලෝලීන් සහ මාධ්‍ය සමඟ සම්බන්ධ වීම සඳහා සැම්සුන්ග් ඔලිම්පික් හා පැරාලිම්පික් ක‍්‍රීඩාවලට අදාල සිය ක‍්‍රියාකාරකම් ඩිජිටල් හා සමාජ මාධ්‍ය වේදිකාවලට ව්‍යාප්ත කරනු ඇත. මෙම වෙබ් අඩවිය සැම්සුන් හි ඔලිම්පික් හා පැරාලිම්පික් ක‍්‍රීඩාවලට අදාල සියලූම ක‍්‍රියාකාරකම් සඳහා අවසන් නැවතුම්පොළ වනු ඇති අතර ගැලැක්සි කණ්ඩායම, කාලීන තොරතුරු දැන ගැනීමට, ගැලැක්සි කණ්ඩායමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන අයුරු දැක බලා ගැනීමට හා තිරය පිටුපස සිදුවන සිදු වීම් download කිරීම ඇතුළුව වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ක‍්‍රීඩා ලෝලීන්ට හා මාධ්‍යවලට මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය. මෙම online අත්දැකීම ඔලිම්පික් හා පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ජීවගුණය ඉහළ නැංවීමටත් එහි ක‍්‍රීඩා සමඟ සම්බන්ධ වීමටත් කදිම අවස්ථාවක් සපයනු ඇත.

පරිශීලකයින්ට තමන්ගේම ත‍්‍රිමාණ ස්වරූපය නිර්මාණය කිරීමට හැකියාව ඇති online වේදිකාවක් වන Galaxy House on Zepeto දියත් කිරීමත් සමඟින් ක‍්‍රීඩා සිදු වන අතරතුර ඩිජිටල් හා සමාජ මාධ්‍ය වේදිකාවල සහාය එයට අඛණ්ඩව ලැබෙනු ඇත. ගැලැක්සි කුටියේදී ක‍්‍රීඩා ලෝලීන්ට නවතම සැම්සුන් ටෝකියෝ 2020 අලෙවිකරණ මාධ්‍ය පිළිබඳව අත්දැකීම් ලබා ගත හැකි අතර නවතම online වෙළෙඳ දැන්වීම් ප‍්‍රවර්ධනය ද රසවිඳිමේ හැකියාව ඇත.

සිය පරිවර්තනීය සංකල්පයන් හා තාක්ෂණයන් සමඟින් සැම්සුන්ග් ලොව පුරා වෙසෙන ජනතාව තුළ විශාල දිරිගැන්වීමක් ඇති කිරීමට සමත්ව තිබෙන අතර එමගින් වඩාත් යහපත් අනගාතයකට මග සලසා ඇත. සැම්සුන්ග් සමාගම මේ වන විට ලොව පස්වන හොඳම ගෝලීය වෙළෙඳ නාමය වේ. එමෙන්ම අඛණ්ඩව වසර 15ක් ලොව අංක 1 රූපවාහිනී වෙළෙඳ නාමය ද වන සැම්සුන්ග් රූපවාහිනී, ස්මාර්ට් ජංගම දුරකතන, පැළඳිය හැකි ස්මාර්ට් හා ඉලෙක්ටි‍්‍රක් උපාංග, ටැබ්, ඩිජිටල් උපකරණ, පරිගණක ජාල පද්ධති සහ memory, LSI පද්ධති, foundry හා LED විසඳුම් ආදි ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන හා සේවා සඳහා නව අරුතක් එක් කළ වෙළෙඳ නාමයක් ලෙස ද සැලකේ.

තවද, බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් ලංකා විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය’ ලෙස සැම්සුන්ග් පිළිගැනීමට ලක් විය. මෙරට අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය ලෙස, සෑම වයස් කාණ්ඩයක්ම නියෝජනය වන පරිදි සැම්සුන්ග් හි පාරිභෝගික පදනම පැතිර පවතී.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව