‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’, DFCC බැංකුවෙන් රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන්ම විශේෂ online වැඩසටහනක්

Masthead (1) (1) (1)

 




 

 

2021 ජූලි 05, කොළඹ: ජනතාවට සේවය කිරීම උදෙසා තම දිවිය කැපකළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සියලුම දෙනාට උපහාර පිදීමක් වශයෙන් සුවිශේෂී online වැඩසටහනක් සංවිධානය කිරීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ.

‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර, දැනට රටේ පවතින COVID-19 තත්වය හේතුවෙන් තම නිවෙස් වල සිටම එම වැඩසටහනට online තාක්ෂණය හරහා සම්බන්ධ වීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව ලබාදෙනු ඇත.

විශ්‍රාමිකයන්ගේ යහපත ඉලක්ක කරගත් විශේෂාංග රැසක් මෙම සුවිශේෂී වැඩසටහනට ඇතුළත් වී තිබේ. විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතින් වැදගත් හා කාලීන සෞඛ්‍ය උපදෙස්, රටේ ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වන හාස්‍යෝත්පාදක කෙටි නාට්‍යයක්, සහ DFCC ගරුසරු පුද්ගලික ණය යෝජනා ක්‍රමය පිළිබඳ හැඳින්වීමක් ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී විකාශය කෙරෙනු ඇත.

2021 ජූලි 11 දින පෙරවරු 10.00 සිට පැය එකහමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනට YouTube Live ඔස්සේ නොමිලේ සහභාගී විය හැකි වේ. මීට සහභාගී වීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන් 0112 350 000 අංකය අමතා ලියාපදිංචි විය යුතු අතර එවිට ඔවුන්ට වැඩසටහනට එක්විය හැකි සබැඳිය (Link) ලැබෙනු ඇත.

‘DFCC ගරුසරු ණය යෝජනා ක්‍රමය’ යනු, රජයේ සේවයෙන් විශ්‍රාම ගත් පුද්ගලයන් වෙනුවෙන්ම සැලසුම් කළ ණය යෝජනා ක්‍රමයකි. මෙමගින් රු. මිලියන 3 ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර, ආපසු ගෙවීම සඳහා වසර 10 ක කාලයක් හිමි වේ. අවම පොලී අනුපාත සහ කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් සමගින් වඩාත් පහසුවෙන් මෙම ණය පහසුකම ලබාගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

‘DFCC ගරුසරු’ සේවා එකතුවේ කොටසක් වශයෙන්, ආරම්භක තැන්පතුව ලෙස රු. 1,000/- ක මුදලක් සහිත DFCC ගරුසරු ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී තිබේ. මෙම ගිණුමෙහි ඉතුරුම් සඳහා ඉහළ පොලියක් පිරිනැමීමට අමතරව, සෞඛ්‍ය සේවාවන් ඇතුළු තවත් බොහෝ සේවාවන් සඳහා ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී වට්ටම් සහ වවුචර් පත් ආදිය ලබාදීමටද DFCC බැංකුව කටයුතු යොදා ඇත.

Registration Link: https://docs.google.com/forms/d/e/1FAIpQLSel8j-DA10au3NdIbgy7O-0LLL3RB8sjM8n1_oo-QkWPYeKAQ/viewform

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව