SLIIT විසින් 2021 මැයි මාසයේ උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීම් නිවේදනය කරමින් ශාස්ත්‍රීය විශිෂ්ටතා අත්දැකීම් ලබා ගැනීමට සිසුන්ට ආරාධනා කරයි.

Image 4

 




 

 

රටේ විශාලතම රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරන ආයතනය වන SLIIT, උපාධි අපේක්ෂක උපාධි පාඨමාලා මැයි මස ආරම්භකරන බවට නිවේදනය කරමින් අධ්‍යයන විශිෂ්ඨත්වයේ අත්දැකීම් ලබාගැනීම සඳහා සිසුන්ට ආරාධනා කළේය.

පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු, අධ්‍යාපනය, ගෘහ නිර්මාණ ශිල්පය, මනෝ විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, නීතිය, හෙද, සංචාරක හා ආගන්තුක සත්කාර ඇතුළු පුළුල් හා ආකර්ෂණීය උපාධි පාඨමාලා සිසුන්ට තෝරා ගත හැකිය. ඊට අමතරව සිසුන්ට විශේෂ වූ අන්තර් විනය පිළිබඳව සමකළ නොහැකි උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමටද මේ මගින් හැකිවේ.

SLIIT විසින් ප්‍රධානය කරනු ලබන උපාධි සම්මාන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (U.G.C) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත. තවද 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ප්‍රශංසනීය ලෙස ප්‍රතිඵල පෙන්වූ සිසුන්ට ශිෂ්‍යත්ව අවස්ථාද පිරිනැමේ.

SLIIT හි අධ්‍යයන කටයුතු හා සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ යෂස් මල්ලවාරච්චි මහතා මෙසේ පැවසීය. “වසංගත තත්ත්වය ක්‍රියාත්මක වන ආකාරය බොහෝ ක්‍රියාමාර්ග වලින් වෙනස් කෙරුවද අප විසින් අභියෝගයන් හමුවේ වුවද දෙමුහුන් හා ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රම ඔස්සේ සිසුන්ට අඛණ්ඩව සහයෝගය ලබා දී ඇත. මෙම උත්සාහයන් තුළින් සිසුන්ට උසස් මට්ටමේ අධ්‍යාපනික අත්දැකීමක් ලබා දීමට අපට ඇති හැකියාව සාර්ථක වී තිබේ.”

SLIIT වසර පුරා උසස් මට්ටමින් අධ්‍යාපනික ප්‍රමිතීන් පවත්වා ගෙන යන අතර සිසුන්ට වෘත්තීය හා මිත්‍රශීලී පරිසරයක් තුළ ඉලක්කගත අධ්‍යාපනයක් ලබා දෙයි. විෂයමාලා සහ අනාගත වෘත්තීය අවස්ථා අතර සමීප සම්බන්ධතාවයක් සිසුන් වෙත ලබා දෙමින් SLIIT ඔවුන්ගේ දියුණුව සඳහා දොරටු විවර කරයි.

අනාගත වෘත්තිකයින් ලෙස සිසුන්ගේ හැකියාවන් සහතික කිරීම සඳහා SLIIT විසින් සීමාවාසික පුහුණුව, කාර්මික පුහුණුව සහ අදාළ ස්ථානයන් වෙත සිසුන් යොමු කිරීමේ අවස්ථාවන්ට පහසුකම් සපයයි.

උපාධි අපේක්ෂකයින් ස්ථාන මාරුවීම් බලාපොරොත්තුව පසුවන්නේ නම්, ඔවුන් හට SLIIT හි පුළුල් පරාසය තුළ හවුල්කාර විශ්ව විද්‍යාල පහසුවෙන් තෝරා ගැනීමේ අවස්ථාවද හිමේ වේ. ස්ථාන මාරු කරන SLIIT සිසුන්ට සිය දැනුම වැඩි දියුණු කිරීමටත් සහ ආකර්ෂණීය විවිධත්වයෙන් යුතු සංස්කෘතික පරිසරයකට හැඩ ගැසීමට හැකියාව ලැබේ.

වසංගත තත්ත්වය හේතුවෙන් අභියෝග තිබියදීත්, SLIITහි දෙමුහුන් ඉගැන්වීම් මෙහෙයවීම සාර්ථක කර ගෙන ඇත. පසුගිය වසර තුළ විභාග සහ උපාධි ප්‍රධානයන් නියමිත වේලාවට පවත්වා ඇති අතර සිසුන්ට උපාධි ලබා ගැනීම සහතික කරමින් එය තවදුරටත් කරගෙන යාම SLIIT හි අරමුණයි.

විශාල, වෙනස් හා ජනප්‍රිය ආයතනයක් ලෙසින් SLIIT සිසුන්ට විවිධ පරාසයන්ගෙන් යුත් ශිෂ්‍ය කටයුතු සේවාවන් සපයයි. සිසුන් SLIIT හි ගත කරන අධ්‍යන කාලය තුළ කැපවූ පරිපාලනයක් සහ ශාස්ත්‍රීය කණ්ඩායමක් විසින් ඔවුන්ගේ අවස්ථාවන් සහ අත්දැකීම් උපරිම කර දීමට සහතික වේ. විශේෂඥ   සේවාවන් වෙනුවෙන් සවිස්තරාත්මක ශිෂ්‍ය සේවා උපකාරක අංශයක් ඇතුළත් වේ. ශිෂ්‍ය සංසදය,ඉංග්‍රීසි උපකාරක අංශය, අමතර ශිෂ්‍ය උපදේශනය සේවා සහ මාර්ගෝපදේශයන් වල සහයෙන් සිසුන්ට පැහැදිලි ප්‍රතිඵලයක් ලබා ගත හැකිය.

මැයි මස බඳවා ගැනීමේ වැඩසටහන් සඳහා වන අයදුම්පත් www.sliit.lk වෙතින් ලබා ගත හැකිය. නියමාකාරයට පුරවන ලද අයදුම්පත් admission@sliit.lk යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කළ යුතුය. සිසුන් භාෂා තුනෙන්ම ඔන් ලයින් තාක්ෂනය හරහා කෙරෙන යෝග්‍යතා පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය වේ. SLIIT උපාධි පාඨමාලා වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර +94 0117544801 දුරකථන අංකයෙන්, info@sliit.lk විද්‍යුත් තැපෑලෙන් හෝ www.sliit.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව