ආයතන 16 කට වැඩි සංඛ්‍යාවකට ආධාර කරමින් කොමර්ෂල් බැංකුව සෞඛ්‍ය අංශයට සහයෝගය දක්වයි

Hospital Donations (1)

 




 

 

කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මේ දක්වා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (MOH) කාර්යාල 16 කට වැඩි සංඛ්‍යාවකට වෛද්‍ය සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කර තිබේ.

කොවිඞ්-19 වසංගතයේදී ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය මෙම වැඩසටහන දියත් කර ඇත. මේ තුළින් රෝගීන්ට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යන අතර පරිත්‍යාග කර තිබෙන පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) කට්ටල, KN95 මුහුණු ආවරණ, සර්ජිකල් මුහුණු ආවරණ, දෑත් සේදුම් විෂබීජ නාශක දියර, ස්ලිට් ලාම්පු, පල්ස් ඔක්සිමීටර්, මල්ටිපැරා මොනිටර් සහ ඔක්සිජන් කන්සන්ටේ‍්‍රටර් උපකරණ වෛරසය පැතිරීම පාලනය කිරීමට උපකාරී වේ.

මෙම පරිත්‍යාගයන් හිමිවූ රෝහල් අතරට තිස්සමහාරාම, හෝමාගම, සහ තෙල්දෙණිය දිස්ත‍්‍රික් මහ රෝහල්, මහනුවර සහ කෑගල්ල රෝහල්, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මාතලේ සහ පුත්තලමේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මෙන්ම ශ‍්‍රී ලංකා දේශීය වෛද්‍ය විද්‍යාලය අයත් වේ.

මෙම වැඩසටහන යටතේ සිදුවෙමින් පවතින සෞඛ්‍ය ව්‍යාපෘති අතරට කිලිනොච්චියේ කරච්චි ප‍්‍රදේශයේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට උපකරණ පරිත්‍යාග කිරීම, මොණරාගල දිස්ත‍්‍රික් රෝහලේ වකුගඩු ඒකකයට හිමොඩයලිසිස් යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම, පලෙයි ප‍්‍රාදේශීය රෝහලට ECG යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම, කයිට්ස් මූලික රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමද ඇතුළත් වේ.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සහයෝගය දැක්වීම සඳහා බැංකුව විසින් ආරම්භ කර තිබෙන නවතම වැඩසටහන පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘රට වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා අපි නිරන්තරයෙන් කැපවී සිටින අතර මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශය වෙත එම සහයෝගය ප‍්‍රමුඛව ලබාදෙනවා. කොවිඞ්-19 වසංගතය දුරැලීම සඳහා සෞඛ්‍ය පහසුකම් ලබාදෙමින් පෙරමුණේ සටන් කරන සෞඛ්‍ය අංශ සාමාජිකයින්ට මේ අවස්ථාවේදී සහයෝගය ලබාදීම අපගේ වගකීමක් ලෙසින් අප සිතනවා. මෙම වැඩසටහන යටතේ ඉදිරියටත් අවශ්‍යතා සහිත රෝහල් හඳුනා ගනිමින් බැංකුව විසින් උපකාර කරන්න බලාපොරොත්තු වනවා.’

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව