කොමර්ෂල් බැංකුව අනුග‍්‍රාහය දැක්වූ ‘Hack:bit 2020’තරඟය අති සාර්ථකව පැවැත්වෙයි

Hackbit 2020 (1)

 




 

 

සිය කේතකරණ හැකියාව විදහා දක්වමින් නව්‍ය සහ ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අයදුම් නිර්මාණය කරමින් ජයග‍්‍රහණය කළ මෙරට පාසැල්වල සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සමන්විත ජයග‍්‍රාහී කණ්ඩායම් හයක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්, ලැප්ටොප් පරිගණක, ඉලෙක්ට්‍රොනික උපාංග, මයික්‍රෝකන්ට්‍රෝලර් කිට් සහ තවත් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී.

‘Hack:bit 2020,’ නමින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මෙම තරඟය විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත (STEM) උපාධි සහ වෘත්තීන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා කැපවී කටයතු කරන STEMUp අධ්‍යාපන පදනම විසින් සංවිධානය කළේය. තාක්ෂණික නවෝත්පාදනය සඳහා උනන්දුවක් දක්වන තරුණ ශ‍්‍රී ලාංකිකයින් උනන්දු කිරීම සඳහා ඉතාමත් වැදගත් මෙම තාක්ෂණික තරඟය සඳහා කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය අනුග‍්‍රාහකයෙකු ලෙස සහයෝගය දැක්වීය.

මෙම අනුග‍්‍රාහකත්වය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය තමන්ගේ අරමුදල් වලින් 70% ක් මේ වනවිටත් අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා වියදම් කරනවා. මේ නිසා, Hack:bit 2020 තරඟය මගින් සිසුන් තාක්ෂණය කෙරෙහි උනන්දුවක් ඇතිකර පවතින ගැටලූ සඳහා ප‍්‍රායෝගික විසඳුම් ලබාදීමට ඔවුන්ව උනන්දු කළ යුතු බව අප විශ්වාස කළා. මම ජයග‍්‍රාහී සෑම කණ්ඩායමකටම සුබ පතනවා. මෙම තරඟය සඳහා සහභාගී වූ සෑම සාමාජිකයෙකුම ජයග‍්‍රාහකයෙකු වන බව අපගේ විශ්වාසයයි. ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට වැදගත්වන තාක්ෂණික දැනුමක් මේ තුළින් ඔවුන්ට ලබාගැනීමට හැකිවීම එයට හේතුවයි. විශේෂයෙන්ම තාක්ෂණික අංශයේ අඩු පළපුරුද්දක් තිබෙන අයට මෙම තරඟයට සහභාගීවීම තුළින් තමන්ගේ පළපුරුද්ද තව තවත් වැඩිකර ගැනීමට අවස්ථාව ලැබුණා.’

පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා විවෘත වූ ජාතික මට්ටමේ තරඟයක් වූ Hack:bit 2020  මගින් එයට සහභාගීවන තරඟකරුවන්ට තමන් කැමති කේතකරන මෘදුකාංග සහ පරිගණක භාෂා භාවිතා කරමින් ප‍්‍රායෝගික ලෝකයට ගැලපෙන නව්‍ය වූ විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව උදාකර දෙන ලදී. මෙම තරඟය සඳහා අයදුම්පත් 200 කට වැඩි ප‍්‍රමාණයක් ලැබුණු අතර ඒවා අතුරින් අදහසේ තිබුණු සුවිශේෂීතාවය, නව්‍යතාවය, ක‍්‍රියාත්මක කිරීම, ව්‍යාපාරික වටිනාකම සහ තිරසාරත්වය යන කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ලක් විසින් තරඟය සඳහා සහභාගීවන්නන් තෝරා ගත්තේය. මෙම විනිශ්චය මණ්ඩලයට ඉතාමත් පළපුරුදු දේශීය තාක්ෂණික සහ අධ්‍යන වෘත්තිකයින් කණ්ඩායමක් ඇතුළත් විය.

මෙම තරඟය සංවිධානය කිරීමට මෙන්ම පාසැල් සහ විශ්ව විද්‍යාල අංශ නියෝජනය කළ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා ත්‍යාග ප‍්‍රදානය කිරීමට කොමර්ෂල් බැංකුව අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. මෙහිදී, පාසැල් අංශයේ පළමු ස්ථානය කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ‘Tech Army’ කණ්ඩායමත්, දෙවන ස්ථානය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ‘Crop Protector’ කණ්ඩායමත්, තෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ‘Nixo’ කණ්ඩායමත් දිනා ගත්තේය.

මෙහිදී, ‘Tech Army’ කණ්ඩායමේ පාසැල වන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය කොමර්ෂල් බැංකුව වෙතින් පරිගණක 10 කින් සහ ගෘහ භාණ්ඩ වලින් සමන්විත තොරතුරු තාක්ෂණික විද්‍යාගාරයක් ජයග‍්‍රහණය කළ අතර කේතකරණය උනන්දු කිරීම සහ ඉලෙක්ට්‍රොනික් පද්ධති ගොඩනැගීම සඳහා Arduino ස්ටාර්ටර් පැක්ස් බැංකුව විසින් පාසැලට පරිත්‍යාග කරන ලදී. එසේම, මෙම ජයග‍්‍රාහී කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම බැංකුව විසින් එක්ස්ටනල් හාඞ් ඩ‍්‍රයිව් එකක් බැගින් පරිත්‍යාග කළේය. මෙහිදී, දෙවන ස්ථානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයින්ට බැංකුව විසින් Arduino ස්ටාර්ටර් පැක් සහ පෝර්ටබල් Wi-Fi රවුටර් ලබාදුන් අතර තෙවන ස්ථානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයින් BBC Micro:bit ස්ටාර්ටර් කිට් සහ කම්පියුටර් මයිස් හිමිකර ගන්නා ලදී.

මේ අතර, විශ්ව විද්‍යාල අංශයේ පළමු ස්ථානය නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ‘Edith’ කණ්ඩායමත්, දෙවන ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයේ ‘CUCA’ කණ්ඩායමත්, තෙවන ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයේ ‘Aqua Sieve’ කණ්ඩායමත්, දිනා ගත්තේය. මෙහිදී, ජයග‍්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින්ට බැංකුව විසින් ලැප්ටොප් පරිගණක ලබාදුන් අතර දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් කණ්ඩායම්වල සාමාජිකයින්ට පිළිවෙලින් රාස්ප්බෙරි පරිගණක සහ ගේමිං හෙඞ්සෙට්ස් මෙන්ම පෝර්ටබල් Wi-Fi රවුටර් සහ ගේමිං මයිස් ප‍්‍රදානය කරන ලදී.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව