සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද දැවැන්ත බලපෑමක් ඇති කරමින් දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි රක්ෂණ හිමිකරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ නව්‍යකරණ හා පරිවර්තනීය සේවාවන් හඳුන්වා දෙමින් ඔවුන් වෙත අඛණ්ඩ සේවාවක් ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගෙන ඇත.
පසුගිය වසරේ මාර්තු මාසයේදී රට වසා දැමීම ආරම්භ වූ දා සිට සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවා නව්‍යකරණයට හා වැඩිදියුණු කිරීමට ලක් කරමින් ක්ෂේත්රය තුළ නවතම හඳුන්වාදීම් සමඟින් ගනුදෙනුකරුවන් වෙත වඩා ශක්තිමත් සේවාවක් ලබා දීමට කටයුතු කරන ලදී. විශේෂයෙන් අන්තර්ජාලය හරහා සිදු කරන වාරික ගෙවීම් සේවාවල සිට ගනුදෙනුකරුවන් වෙත සහනදායී වාරික ගෙවුම් විසඳුම් සලසාදීමට මෙහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබුවේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවටද ප්‍රමුඛතාවයක් හිමි කර දෙමිනි.
මෙම සේවාවන් පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ඉන්දු ආටිගල මහතා ‘‘ශ්‍රී ලාංකිකයින්ගේ සහජ හැකියාවන්ගෙන් සවිමත්ව නිරන්තරයෙන් ඉදිරියට යන සොෆ්ට්ලොජික් ලයිෆ් එම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කර ගැනීම හා සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම විටම කැපවී කටයුතු කරන බව පැවසිය යුතුයි. අද වන විට පෙර නොවු විරූ ආකාරයෙන් මෙරට ජන ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කොට ඇති ගෝලීය වසංගත තත්වය හමුවේ සැලකිය යුතු ආකාරයේ වෙනස්කම් තුළින් නව සාමාන්‍යකරණය වෙත යොමුවීමට අපගේ අවධානය යොමුවී තිබෙනවා. රට වසා තැබීම ආරම්භයේ සිටම ගනුදෙනුකරුවන් අපගේ සහයෝගය, සංවේදනය මෙන්ම සැබෑ වටිනාකම් පිළිබඳව බලාපොරොත්තු වූ නිසාම ඒවා පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළා. ඔවුන්ගේ ජීවිතවලට මේ මොහොතේ අවශ්‍ය සහාය ලබා දෙමින් සහනයක් ලබා දීම වෙනුවෙන් වන විසඳුම් සඳහා ආයෝජනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා.’’ යනුවෙන් පවසා සිටින ලදී.
සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වයන් ඉහළ නැංවීම වෙනුවෙන් දිගු කාලයක සිට කැපවන සොෆ්ට්ලොජික් ලයිෆ් ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ මුල පිරීම් රැසක් දියත් කිරීමටද කටයුතු කරනු ලැබුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ප්‍රදර්ශනය කරමිනි. එහිදී රක්ෂණ ඔප්පු හිමියන්ට සිය ආදායම හා ඉපැයීමේ හැකියාවන්වලට අනුව අසමසම වාරික ගෙවීම් සහනයන් ලබා දීමට කටයුතු කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් වාරික නොගෙවූ රක්ෂණ හිමියන්ගේ රක්ෂණයන් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමේ අවස්ථාවද උදා කර දෙනු ලැබීය. ඒ තුළින් මෙවන් තීරණාත්මක අවස්ථාවන්හිදී තමන්ගේ රක්ෂණ සේවාවේ ප්රතිලාභ අත්විඳීමේ සුවිසල් අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත උරුම කර දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගෙන තිබීම ගනුදෙනුකරුවන්ට මහත් අස්වැසිල්ලක් වනු නිසැකය.
ඊට අමතරව රක්ෂණ ප්‍රතිපත්ති යළි පිහිටුවීම සඳහා වන දින 90ක කාල සීමාවද නොසලකා හරිමින් ගනුදෙනුකරුවන් වෙත ඔවුන්ගේ වාරික අවසන් වූ විගස හදිසි අනතුරු නොවන හිමිකම් ලබා ගැනීමේ හැකියාව උදාකර දීමද මෙහි තවත් සුවිශේෂී සේවාවක් ලෙස සඳහන් කළ හැකිය. එසේම ගනුදෙනුකරුවන්ගේ සහ පාර්ශවකරුවන්ගේ සීඝ්රයෙන් වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව හා මූල්‍ය හැකියාවන් සහතික කිරීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර ඇත.
ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ‘‘සැබැවින්ම දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස අපි මෙම දුෂ්කර කාලයේදී එකිනෙකා කෙරෙහි ගැඹුරු අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා සහනයක් ලබා දීමට අපි අඛණ්ඩව කටයුතු කරන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි’’ යනුවෙනි.
ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්රය උඩුයටිකුරු කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් හඳුන්වා දෙනු ලැබූ Instaclaim යෙදුම ආයතනික ගනුදෙනුකරුවන් හට හිමිකම් කළමනාකරණය සදහා සුවිසල් අවස්ථාවක් වූ අතර ඒ තුළින් දින තුනක් ඇතුළත සේවකයන්ට තනිව හිමිකම් සකස් කර ගැනීමට මෙන්ම නිරාකරණය කර ගැනීමටද අවස්ථාව උදා විය. නිවසේ සිට සමාගමේ වැඩකටයුතු සිදු කරන අතරතුර මානව සම්පත් අංශයේ අතිරේක මැදිහත්වීම් ඉවත් කිරීමද මෙම යෙදුමෙහි විශේෂත්වයකි.
එසේම එහි LifeUp යෙදුම හා නිළ වෙබ් අඩවිය මගින් වාරික ගෙවීම් සිදු කිරීමේ පහසුකම් සළසා දී ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට විශාලතම සුපිරි වෙළෙඳසැල් වන කාගිල්ස් ෆුඞ් සිටි සමඟ එක් වෙමින් එම වෙළෙඳසැල් හරහා වාරික ගෙවීමේ පහසුකම් සලසා ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන් වෙත සලසා දී ඇත.
තවද මෙම කාලය තුළ නිවසින් පිටතට යාමේ අවදානම අවම කරමින් ගනුදෙනුකරුවන්ගේ නිවසටම පැමිණ වාරික ගෙවීම් එකතු කිරීම සඳහා වගකීමෙන් හා කැපවීමෙන් යුතු මූලික ආරක්ෂණ නිළධාරීන් පිරිසක් යොමු කිරීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර ඇත්තේද ගනුදෙනුකරුවන්ගේ පහසුව හා ආරක්ෂාව ප්රමුඛත්වයෙහි ලා සලකන බැවිනි. එහිදී සියලූ ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් සඳහා රිසිට්පතක් නිකුත් කරනු ලබන බැවින් ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයක් හා විශ්වාසයක් ගොඩනැගීමටද ඔවුන් සමත්ව ඇත. කෙසේ වුවද සංචරණ සීමාවන් හේතුවෙන් අදාළ නිළධාරීන්ට ගනුදෙනුකරුවන් වෙත වාරික ගෙවීම් එකතු කිරීම සඳහා ළඟා වීමට නොහැකිවීම හේතුවෙන් නිසි ආකාරයෙන් වාරික ගෙවීම් වෙනුවෙන් PCU යෙදුම හඳුන්වාදීමට ද සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගනු ලැබීය.
ලෝකය සීඝ්රයෙන් නව සාමාන්‍යකරණය යොමුවීමත් සමඟ අධ්‍යාපනය සහ අන්තර් ක්රියාකාරීත්වයන් ඇතුළු ලෝකයේ සියලූ වැඩකටයුතු ඩිජිටල්කරණයට ලක් වූ අතර සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ඒ සඳහා අවශ්‍ය පහසු යෙදුම් හඳුන්වා දීමට කටයුතු කරන ලද්දේ එසේ සිදු කළ ප්රමුඛ ආයතයන් අතරට එක් වෙමිනි. අවම ලියකියවිලි භාවිතය තුළින් පරිසර හිතකාමී සේවාවක් ලබා දීමටද ඒ තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත අවකාශ උදා විය. ඒ අනුව සොෆ්ට්ලොජික් සතු උපායමාර්ගිකව සංවර්ධනය කරන ලද පූර්ණ ආරක්ෂිත උපදේශක වේදිකාව තුළින් සියලූ ගනුදෙනුකරුවන් හට තමන්ගේ කටයුතු සම්පූර්ණයෙන් ඩිජිටල් පරිසරයක සිදු කර ගැනීමේ හැකියාව උදා කර දී ඇත.
එමෙන්ම බහුවිධ ක්‍රම භාවිතා කරමින් ඉහළ සිට පහළ දක්වා සියලූ ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට ශක්තිමත් ක්‍රමවේද නව්‍යකරණයට ලක් කර ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් Covid-19 හේතුවෙන් අවදාමනට ලක්ව ඇති ආර්ථිකය තුළ ඉදිරිපත් කර ඇති පහත රක්ෂණ විකල්පයන් හරහා ඔවුන්ගේ ආදායම් තත්වයන්ට සාධනීය බලපෑමක් ඇති කිරීමට සුවිසල් දායකත්වයක් ලබා දී ඇත.
එක් දින හිමිකම් ගෙවීමේ ක්‍රියාවලිය, තැපැල් හා ජංගම රක්ෂණ විසඳුම් ඇතුළු තවත් බොහෝ රක්ෂණ සේවාවන් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇත්තේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ සම්මතයන් ද අභිබවා යමිනි. මෙරට කර්මාන්තයන් තුළ බොහෝ හඳුන්වාදීම්හි ප්‍රමුඛත්වය ගෙන ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ජාත්‍යන්තර වශයෙන්ද ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා දීමට කටයුතු කර ඇත්තේ වගකිව යුතු ආයතනයක කාර්යභාරය මනාව හඳුනා ගනිමිනි.