SLIM 51 වැනි වාර්ෂික මහා සභාවේදී නව සභාපතිවරයෙක් සහ නව විධායක කමිටුවක් තෝරා පත්කර ගැනේ

President SLIM Thilanka

 




ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 51 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්‍යාරක්ෂණ නීති අනුව 2021 අපේ‍්‍රල් මස 07 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ. එහිදී තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ අතර 2021/2022 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී. SLIM 51 වසරක අභිමානවත් ගමන් මග තුළ 43 වැනි සභාපතිවරයා ලෙස පත් වූ තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසය තුළ නව සංධිස්ථානයක් සනිටුහන් කොට ඇත.

මයික්‍රෝසොෆ්ට් ශ්‍රී ලංකා හි දකුණු ආසියානු නව වෙළෙඳපොළ පිළිබඳ ප‍්‍රධාන අලෙවි නිලධාරී ලෙස කටයුතු කරන තිලංකා අබේවර්ධන මහත්මිය බංගලාදේශය, භූතානය, බෲනායි, කාම්බෝජය, ලා ඕස්, මාලදිවයින, මියන්මාරය, නේපාලය හා ශ්‍රී ලංකාව යන ආසියානු කලාපයේ රටවල් 9 ක මයික්‍රොසොෆ්ට් අලෙවි හා සන්නිවේදන කටයුතු පිළිබඳ ප‍්‍රධානියාද වේ. එටිසලාට් ශ්‍රී ලංකා සමාගමේ හිටපු අලෙවි ප‍්‍රධානියා වූ ඇය EWIS  ආයතනයේ හිටපු ආයතනික සන්නාම කළමනාකාරිණිය ලෙසද සේවය කළාය. ශ්‍රී ලාංකීය අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන අබේවර්ධන මහත්මිය සතු විශිෂ්ඨ කුසලතා Effie, PR Awards Asia, Brand Excellence සහ Manthan Awards යනාදී දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයීමට ලක්ව ඇත. Women in Management සහ ලෝක බැංකු සමූහයේ International Finance Corporation එක්ව 2016 වසරේදී 6 වැනි  වරටත් සංවිධානය කරන ලද Professional & Career Women Awards for Leadership Excellence in Marketing ජාත්‍යන්තර අලෙවිකරණ වෘත්තීයවේදී කාන්තා සම්මාන උළෙලේදීද තිලංකා අබේවර්ධන මහත්මියගේ අලෙවිකරණ හා කළමනාකරණ වෘත්තීයවේදීත්වය විශේෂ ඇගයීමකට ලක්වීම විශේෂත්වයකි. දශකයකට අධික කාලයක් තිස්සේ SLIM සමග රැඳී සිටින අබේවර්ධන මහත්මිය SLIM  වෙනුවෙන් විවිධ තනතුරු රැසක් හොබවා ව්‍යාපෘති ගණනාවකට නායකත්වයද ලබාදී ඇත.

මහා බි‍්‍රතාන්‍යයේ වේල්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරිනියක වන නව SLIM  සභාපතිනි තිලංකා අබේවර්ධන මහත්මිය, Sri Lanka Institute of Information Technology වෙතින් විද්‍යාවේදී (විශේෂවේදී) උපාධිය හදාරා ඇති අතර Chartered Institute of Marketing (CIM) වෙතින් post-graduate Diploma in Marketing  සුදුසුකමද ලබා ඇත. තවද ඇය විසින් ඇමරිකාවේ Kellogg School of Management විසින් පවත්වන ලද නූතන අලෙවිකරණ සංකල්ප හා විශේෂ අලෙවිකරණ තාක්ෂණ විධික‍්‍රම පිළිබඳ විධායක අධ්‍යාපන පාඨමාලාවක්ද හදාරා තිබේ. තිලංකා අබේවර්ධන මහත්මිය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක්ද වේ.

Arinma Holdings (Pvt) Ltd හි ව්‍යාපාර සබඳතා හා සන්නිවේදන අංශ ප‍්‍රධානී නුවන් ගමගේ මහතා අධ්‍යාපන කටයුතු පිළිබඳ උප සභාපතිවරයා ලෙසත් තේරී පත්විය. Hemas Pharmaceuticals (Pvt) Ltd සහ Hemas Surgical & Diagnostics (Pvt) Ltd හි විකුණුම් අධ්‍යක්ෂ චින්තක පෙරේරා මහතා ව්‍යාපෘති පිළිබඳ උපසභාපතිවරයා ලෙසත් සිංගර්   ශ්‍රී ලංකා සමාගමේ ජේෂ්ඨ සන්නාම කළමනාකාර ගයාන් පෙරේරා මහතා නව ලේඛකාධිකාරීවරයා ලෙසත් එහිදී තේරී පත්විය. 2021/2022 වසර සඳහා භාණ්ඩාගාරිකවරයා ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත දේවසිරි මහතා තේරී පත්විය. සහකාර ලේඛකාධිකාරීවරයා ලෙස Fonterra Brands Lanka ආංශික කළමනාකාර සතිකා වික‍්‍රමසිංහ මහත්මිය පත් කෙරිණ.

විධායක කමිටුව සඳහාද පළපුරුදු අලෙවිකරණ වෘත්තියන් 10 දෙනෙකු එහිදී තෝරාපත්කරගන්නා ලදී. ඒ,         නුවන් තිලකවර්ධන (අලෙවි කළමනාකාර – යුනියන් බැංකුව), ආචාර්ය දිල්හාන් එස්. ජයතිලක (අධ්‍යක්ෂ – Northwood Consulting Private Limited සහ ව්‍යාපාර සංවර්ධන හා අලෙවි සංවර්ධන අංශ ප‍්‍රධානී – ආරෝග්‍යා ලයිෆ් සිස්ටම්ස් ලංකා පුද්ගලික සමාගම), චරක පෙරේරා (විධායක අධ්‍යක්ෂ – Fuchsia Retail S.A. (Private) Limited&”  අසංක පෙරේරා (ප‍්‍රධාන විධායක නිලධාරී – Arugambay Beachwear (Pvt) Ltd&” මංතික රණසිංහ      (අධ්‍යක්ෂ – WeddinGoDestinationz සහ කළමනාකාරීත්ව හවුල්කරු – MarketingGo), චන්න ජයසිංහ    (සන්නාම සංවර්ධනය පිළිබඳ ජේෂ්ඨ කළමනාකාර – Kelani Cables Plc&” අසේල සී. ගුණසේකර (සන්නාම සංවර්ධන කළමනාකාර – Metecno Lanka (Pvt) Ltd’&” නියාස් මොහොමඞ් ශිරාස් (අලෙවි හා විකුණුම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී – Fentons Limited&” ආචාර්ය තෙසාරා ජයවර්ධන (මොරටුව විශ්ව විද්‍යාලයේ කර්මාන්ත කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී / ජේෂ්ඨ කථිකාචාරිනී සහ ව්‍යාපාර පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ) සහ කවින්ද්‍ර රාජපක්ෂ (උප සභාපති / අලෙවි අංශ ප‍්‍රධානී (සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී) යන මහත්ම මහත්මීන්ය.

SLIM නව සභාපතිනිය තිලංකා අබේවර්ධන මහත්මිය සියළුම සාමාජික සාමාජිකාවන්ටත් පැරණි සභාපතිවරුන් සියළුදෙනාටත් සිය ගෞරව ස්තූතිය පළ කළාය. පසුගිය වසරවල ඇරඹුනු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නටත් වර්තමානයේ අවශ්‍යතා අනුව නව වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්නටත් සමෘද්ධිමත් අලෙවිකරණ සංස්කෘතියක් රට තුළ ගොඩනංවමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නටත් සියළුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව පැවසුවාය. තිලංකා අබේවර්ධන මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් “අපගේ මේ වසරේ තේමාව ‘Future-ready Sri Lanka’ යටතේ දැනුම පදනම් වූ ආර්ථික ක‍්‍රමවේදය අනුගමනය කරමින් අලෙවිකරණ අධ්‍යාපන සේවා හා ආයතනික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන අතරතුරදී ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කරන ජාතික වැඩසටහන්වලටත් එකමුතුව දායකත්වය ලබාදෙමු. SLIM 51 වසර සමරන මේ මොහොතේදී පත්වූ නව කළමනාකාරීත්ව හා විධායක කණ්ඩායමත් සමග ලැබුන නව ජවයත් සමග SLIM කාර්යමණ්ඩලය හා සියළු සාමාජිකයන් සමග ශ්‍රී ලාංකීය ව්‍යාපාර අවකාශය තුළ SLIM නාමය බබලවන්නට හැකිවේ යැයි මා විශ්වාස කරනවා.” යැයි පැවසුවාය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) 1970 වසරේ සිට ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වෘත්තීයවේදී අලෙවිකරණ වෘත්තිකයන් බිහිකිරීමේ ජාතික ආයතනය ලෙස ක‍්‍රියාත්මක වේ. SLIM ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (NCCSL), ශ්‍රී ලංකා වෘත්තික සංගම් සංවිධානය (OPA), ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ලංකා සේවායෝජකයන්ගේ සංගමය (EFC) සහ ආසියානු අලෙවිකරණ සම්මේලනය (AMF) යන දෙස් විදෙස් ව්‍යාපාර සංගමයන්ගේ සාමාජිකත්වය ලබා ඇත. එමෙන්ම SLIM අලෙවි සමීක්ෂණ සඳහා ලොව ප‍්‍රකට ESOMAR සහ Federation of Marketing Research Industries ආයතනයන්ගේ සාමාජිකත්වයද ලබා ඇත. SLIM ආයතනික තත්ත්ව කළමනාකරණ ක‍්‍රියාවලිය වෙත ජාත්‍යන්තර ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිව ඇති අතර අධ්‍යාපන සේවා සැපයුම්කරුවෙකු (LSP) ලෙස අලෙවිකරණ ක්ෂේත‍්‍රය හා බැඳුණු වෘත්තීය අධ්‍යාපනික පාඨමාලා හා පුහුණු වැඩසටහන් උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාම උදෙසා ISO 2990:2010 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්ව ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව