2020 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත‍්‍රිත්වයක්

Image 01

 




 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගිය වසර පුරාවට තිරසාර වැඩසටහන් සඳහා දක්වන ලද පුරෝගාමී දායකත්වය ඇගයීමට ලක්කරමින් පසුගියදා පැවති 2020 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී (BCCSA) සම්මානයට පාත‍්‍ර විය.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තිරසර ක‍්‍රියාමාර්ග අනුගමනය කළ ආයතනික පුරවැසියන් ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මාන උළෙල ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම තිරසාර ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ඇතුලත් වීමේ සම්මානය ඇතුළුව මෙවර සම්මාන උළෙලේදී සමස්තයක් ලෙස HNB සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය.

ලබා ගත් මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වන HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ මහතා ‘‘අප හමුවේ ඇති අස්ථාවර හා අවිනිශ්චිත වාතාවරණය හමුවේ තිරසාරභාවය හා ආචාරධර්ම ක‍්‍රමෝපායන් තවදුරටත් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබෙනවා. අපගේ වැඩිදියුණු කරන ලද සැලසුම් හා තිරසාර වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ කැපවීම තුළින් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජීවිත නගා සිටුවීම සහතික කිරීම HNB හි අරමුණයි. ඒ වෙනුවෙන් අපට ලැබුණු මෙම සම්මාන අප ගෞරවයක් ලෙස සලකනවා. ඉදිරියටත් සමස්ත ජාතියේම තිරසාර ප‍්‍රගතියේ සහකරුවා ලෙස අඛණ්ඩව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසුවේය.

මෙරට සමාගම් ඔවුන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම සමඟින් ඔවුන්ගේ ප‍්‍රජාවගේ සුබ සාධනය ඉහළ නැංවීමට කටයුතු කළ සමාගම් ඇගයීමේ ක‍්‍රියාවලියක් මත පදනම්ව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා ශ්‍රේණිගත කරනු ලබයි. විශිෂ්ටත්වය සඳහා වන කීර්තිනාමය තවදුරටත් වර්ධනය කරගනිමින් HNB මීට පෙර අඛණ්ඩව විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර ශ්‍රේණිගත වීමට සමත්ව තිබීම විශේෂයෙන් කැපී පෙනේ.

එමෙන්ම ආර්ථික දායකත්වය සඳහා ස්ථාවර කැපවීම සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් කාණ්ඩයේ ජයග‍්‍රාහකයා වීමට ද HNB සමත් විය. මීට පෙර අවම වශයෙන් වසර තුනක්වත් විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ ආයතන මගින් තෝරා ගනු ලබන මෙම සම්මානය ජයග‍්‍රහණය කිරීමට හැකිවීම සෑම වසරකම බැංකුවේ අඛණ්ඩ විශිෂ්ට කාර්යසාධනය සඳහා වන කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම වෙරළ ආශි‍්‍රත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වැඩි වශයෙන් මුදල් ආයෝජනය කරමින් පසුගිය දශක දෙකහමාරක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද පරිසර හිතකාමී, සමාජ හා පාලන ප‍්‍රමිතීන්ට අනුකූල ආයෝජන අවස්ථා හඳුන්වා දෙමින් ඒවා වැඩි දියුණු කිරීමට ද HNB කටයුතු කර ඇත. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සිය නායකත්වය විදහා දක්වමින් මෑතකදී මෙගා වොට් 10ක ධාරිතාවයකින් යුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අපද්‍රව්‍ය බලශක්ති ව්‍යාපෘතිය (Waste-to-Energy) සඳහා HNB  සිය දායකත්වය ලබා දෙන ලදී.

මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා උපදේශන මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා ලබා දෙන ලද නොමසුරු දායකත්වය අගයමින් විශිෂ්ටතම තිරසාර ව්‍යාපෘතිය සඳහා කුසලතා සහතිකයක් ද HNB වෙත පිරිනමන ලදී. මෙම මධ්‍යස්ථානය මගින් පිළිකා රෝගීන්ට ඔවුන්ගේ ප‍්‍රතිකාර කාලය තුළ අවශ්‍ය මානසික සහනය ලබා දෙනු ඇත.

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලදී. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

තවද 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස HNB සම්මානයට පාත‍්‍ර වූ අතර සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය, ක‍්‍රියාවලීන් සහ මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් HNB සම්මානයට පාත‍්‍ර වීමට කැපී පෙනේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව