‘Rakuten Viber’ගෙනෙන ‘ක්‍රිකට් Chatbot’ සටන

main (1)

 




 

 

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාවැකි වෙනස් කර ආකර්ෂණීය ත්‍යාග දිනාගන්න.

නොමිලේ සහ පහසුවෙන් සන්නිවේදනය කිරීම සඳහා ලොව ප්‍රමුඛතම සමාජ යෙදුම්වලින් එකක් වන Viber මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පරිශීලකයින් සඳහා ක්‍රිකට් තරඟ හා අන්තර් සම්බන්ද, බුද්ධිමත්, සංවාදශීලී මෙන්ම ජය හා සතුටෙන් පිරි ප්‍රමෝදය වෙනුවෙන් ‘Battle of Cricket’නමින් (ක්‍රිකට් සටන) චැට්බොට් එකක් හඳුන්වා දී තිබේ.

ලෝකයේ රටවල සමහර ක්‍රිකට් තරඟාවලි අවලංගු කිරීම හේතුවෙන් ක්‍රිකට් ලෝලීන් විශාල වශයෙන් කණගාටුවකට ලක්ව ඇත. එහෙත්, Viber භාවිතා කරන්නන් බහුතර කැමැත්ත වටහාගෙන ඔවුන් ක්‍රිකට් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගනී. එය මනසේ තබා ගනිමින් Viber විසින් මෙම ක්‍රිකට් චැට්බොට්  ක්‍රීඩාව හඳුන්වා දී ඇති අතර එමඟින් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කරට කර ගැටෙන උණුසුම්  තරඟ අතරතුර නොදැනීම තම ඇඟිලිවල නියපොතු කෑමේ අවස්ථාවද උදාවනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඕනෑම දුරක් යාමට සුදානම් වන ක්‍රිකට් උමතුවෙන් පෙළෙන බොහෝ දෙනෙක් සිටිති. ‘ක්‍රිකට්’ යන වචනයම ඔවුන් තුළ ඇඩ්‍රිනලින් හෝමෝනය උත්තේජනය කරවයි. ක්‍රිකට් තරඟයක් ඇති සෑම අවස්ථාවකම ඔවුන් එය සමාජ මාධ්‍ය වෙබ් අඩවි සහ වෙනත් ක්ෂණික පණිවුඩ හරහා පොදු වේදිකාවක් වෙත ගෙන ගොස් සෑම විස්තරයක්ම සහ තරඟයේ ඉරණම පුරෝකථනය කරයි. එහිදී පරිශීලකයින්ට ක්‍රිකට් තරඟ වලට අදාළ කරුණු සාකච්ජා කිරීමට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට හැකිය. බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල පරිශීලකයින්ට මෙම අංගය ලබා ගත හැකිය.

මෙම ක්‍රීඩාව මගින් පරිශීලකයින්ට අනාවැකි කීමට පමණක් නොව වටිනා ත්‍යාග දිනා ගැනීමටද හැකිය. චෙරි මුදුනට එක් කිරීම සඳහා, ඕනෑම තරගයකට පෙර ක්‍රිකට් වෘත්තීය අනාවැකි ඉදිරිපත් කිරීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ‘හබීබුල් බෂාර් සුමන්’ සහ ‘ෂාරියාර් නෆීස්’ යන දෙදෙනාගේ ක්‍රීඩා දක්ෂතා සඳහන් කර ඇත. චැට්බොට්  භාවිතා කරන්නන්ට හබීබුල් බෂාර් සුමන් සහ ෂාරියාර් නෆීස් වෙතින් අනාවැකි ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, ඔවුන්ගේ සුවිශේෂීභාවය සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරි තරඟ පිළිබඳව අනාවැකි පළකිරීමට සහ අදහස් දැක්වීමට සහ සුවිශේෂී සංවාදයන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්‍රකාශ සියලු තරඟ සඳහා චැට්බෝට් හි පළ කරනු ලැබේ.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Rakuten Viber APAC හි විධායක අධ්‍යක්ෂ ‘ඩේවිඩ් ට්සේ’ මහතා මෙසේ පැවසීය. “අපගේ පරිශීලකයින්ට අපගේ තාක්ෂණික සේවාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වන පරිදි නිර්මාණාත්මක යමක් ලබා දීමට අපි සැමවිටම අපේක්ෂා කරනවා. නව ක්‍රිකට් චැට්බොට් මඟින් පරිශීලකයින්ට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ඔවුන්ගේ දක්ෂතාවය හා බුද්ධිමත් බව විදහා දැක්වීමට සහ සෑම පියවරක් ගැනම අනාවැකි කීමට හැකි වන අතර එමඟින් ඔවුන්ගේ මානසික චින්තන ක්‍රියාවලියේ වෙනස්වීම් ද සිදුවෙනවා.

Viber භාවිතා කරන්නන්ට ඔවුන්ගේ නිවැරදි අනාවැකි සඳහා ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව ලැබේ. නිවැරදි පිළිතුර පුරෝකථනය කරන ඕනෑම අයෙකුට ත්‍යාග හිමිවන අතර දිනපතා ලකුණු ලැබේ. එම කරුණු මත පදනම්ව, Viber විසින් ප්‍රමුඛතා පුවරුවක් නිර්මාණය කරනු ඇත. සෑම ඉරිදාවකම ප්‍රමුඛතා  පුවරුවේ ඉහළම පරිශීලකයින් තිදෙනාට සතිපතා ත්‍යාග හිමිවේ. උනන්දුවක් දක්වන පරිශීලකයින්ට Viber සතු ගෙවුම් ස්ටිකර් පැකට්ටුවක් සහ V/O කේත තුළින් ක්‍රෙඩිට් මුදාහරිනු ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව