සීතා සමූහ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ComBank Q+ ගෙවීම් ඇප් එක හරහා LANKAQR ගනුදෙනු කිරීමේ පහසුකම්

LANKAQR promo in Seetha Holdings

 




 

 

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR ගෙවීම් පද්ධතිය ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහනට සමගාමීව සීතා සමූහ ව්‍යාපාරයේ අලෙවිසැල් වලින් ComBank Q+ ගෙවීම් ඇප් පහසුකම හරහා LANKAQR ගෙවීම් සිදුකිරීමේ අවකාශය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත.

ඩිජිටල් ගෙවීම් හා පියවීම් පද්ධතියට නවමු අත්දැකීමක් එක් කරමින් සීතා සමූහ ව්‍යාපාරය තුළ කොමර්ෂල් බැංකුව විසින් යාවත්කාලීන කරන ලද ඇන්ඩ්‍රොයිඞ් වර්ගයේ පොයින්ට්-ඔෆ්-සේල් යන්ත‍්‍ර (POS Terminals) පද්ධති ස්ථාපනය කර ඇති බව බැංකුව සඳහන් කරයි. එම පද්ධතිය මගින් කාඞ්පත් ගෙවීම් මෙන්ම QR කේත ක‍්‍රමය මත පදනම් වූ ගෙවීම් ද පිළිගැනීමේ පහසුකම ලබාදී ඇති අතර, ඒ හරහා වෙළඳ ආයතන මෙන්ම මුදල් අයකැමිවරුන්ට ද අමතර කාර්යයකින් තොරව ඉහත සියළුම සේවාවන් එක් යන්ත‍්‍රයක් හරහා ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

සිය ව්‍යාපාරික දිවියේ 43 වසර ද සපුරා ඇති සීතා සමූහ ව්‍යාපාරය සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයින් විශාල සංඛ්‍යාවකගේ නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙලට සකී‍්‍රය දායකත්වය සපයා ඇත. රට පුරා විසිරී ඇති විවිධ උපායමාර්ගික ව්‍යාපාර ඒකක 60 කට අධික සංඛ්‍යාවක් මෙන්ම බාහිර වෙළෙද නියෝජිතයින් 125 කට අධික ව්‍යාපාර ජාලයක් හිමි සීතා ව්‍යාපාර සමූහය Aiwa, Mira, HP, Samsung වැනි ලොව ප‍්‍රමුඛ පෙළේ සන්නාමයන් අලෙවි කරන අතර Seepower, Seepower සහ LMG ආදී ඔවුන්ට අනන්‍යය වූ සන්නාමයන් ද සංවර්ධනය කරමින් සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව