Facebook සහ VTA අතර ඇතිකරගත් සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවට ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහනක් හඳුන්වා දෙයි

Image 1 (1)

 




 

2021 මාර්තු 17, කොළඹ: Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අතර ගොඩනංවාගත් සහයෝගීතාවය අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. Facebook සමාගමේ We Think Digital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ. එමෙන්ම රැකියා වෙළෙඳපොල තුළ ඩිජිටල් තාක්ෂණ හැකියාවන්ගෙන් යුක්ත වෘත්තීය පුහුණුවක් සහිත පිරිස් වෙත ඉහළ වටිනාකමක් හිමිවන අතර, ඩිජිටල් දැනුමින් පොහොසත් සිසුවෙකු හෝ සිසුවියක වීම අනාගතයේ වඩාත් සාර්ථක රැකියාවක හිමිකරුවෙකු වීම සඳහා අවශ්‍ය පදනම වනු ඇත.

Train the Trainer” වැඩසටහන හරහා 1,300කට ආසන්න වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුකරුවන් පිරිසක් වෙත අවශ්‍ය පුහුණුව ලබාදීමට නියමිත අතර, ඩිජිටල් විෂය ක්ෂේත්‍රයෙහි වෙනස්කම්, ඊ-ඉගෙනුම් ක්‍රියාවලීන්, අන්තර්ජාලයෙහි අන්තර්ගතයන් නිර්මාණය (online content creation), ව්‍යාපාර සඳහා ඩිජිටල් මෙවලම් (digital tools for businesses) සහ වගකීම්සහගත ඩිජිටල් පුරවැසිභාවය (responsible digital citizenship) යන විෂය මාතෘකා පිළිබඳව ඔවුන් විසින් සිසුන්ට දැනුවත්භාවය ලබා දෙනු ඇත. VTA ආයතනය වාර්ෂිකව සිසුන් 40,000කට අධික පිරිසක් වෙත පුහුණුව ලබා දෙන අතර, ඒ හරහා ඩිජිටල් යුගයට සරිලන දැනුමින් පිරිපුන් පරපුරක් නිර්මාණය කිරීමට විශාල සහයෝගයක් ලැබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී සුබපැතුම් පණිවිඩයක් එවීය, එහි මෙසේ එතුමාගේ අදහස දැක්වෙයි. “ඔබලා ආරම්භ කිරීමට සුදානම්වන මෙම නව පරිච්ඡේදයෙන් ජයග්‍රාහී හෙට දවසක් නිර්මාණයවනු ඇත. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරීයේ උපදේශන මණ්ඩලය විසින් කැපවීමෙන් ක්‍රියාත්මක කරන මේ වැඩසටහන තුළින් නවීන ලෝකයට හොඳින් ගැලපෙන වෘත්තීය සුදුසුකම්වලින් සපිරි පුද්ගලයන් ලෙස ඔබව නිර්මාණය කිරීමට මහඟු අවස්ථාවක් උදාවෙයි. ෆෙක්බුක් ඔබ වෙත ඉදිරිපත් කරන මෙම මූලිකත්ව වැඩසටහන තුළින් ඔබ කොතැනක ජීවත්වූවත් ඔබ කොතැනක වැඩකළත් කිසිදු වෙනස්කමකින් තොරව නවීන තාක්ෂණය භාවිතා කිරීමේ අවස්ථාව සහ හෙට දවසේ දී නව ව්‍යවසායකයන් ලෙස ඉදිරියට පැමිණීමේ ඉහළ අවස්ථාවක් ඔබට ලැබෙනු ඇත. ඔබට ඉහළ ආදායමක් ලබාගැනීමට, විදෙස් විනිමය උපයා ගැනීමට සහ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධාන බලවේගයක්වීමේ අවස්ථාව උදාවෙයි.”

 




 

 

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කම්කරු සහ වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටිය දී ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය නිර්මාණය කිරීමේ පුරෝගාමීයා විය. VTA සහ Facebook විසින් ගොඩනංවාගත් මෙම සහයෝගීතාවයට සුබ පැතූ ගරු අගමැතිතුමා,  එහි ඉදිරිය සාර්ථක වේවා යැයි සුබ පැතීය.

මෙම ජාතික අවශ්‍යතාවයට සහයෝගයදීම වෙනුවෙන් Facebook වෙත සිය සුබ පැතුම් එක්කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා කටයුතු කළ අතර වර්තමාන රජයේ ප්‍රමුඛතා අතර ප්‍රධාන තැනක් ඩිජිටල් හැකියාවන්ට ලැබෙන බව තවදුරටත් පෙන්වා දුන්නේය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියද සිය සුබපැතුම් මෙම අවස්ථාවට ඒවා තිබුනාය.

virtual event ඒකක් වශයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබූ අතර, ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

VTA ආයතනයෙහි සභාපති දමිත වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. “මෙරට යොවුන් පරපුර වෙත වෘත්තීය පුහුණු අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කැපවීමෙන් කටයුතු කරනවා. මෙම ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා සිසුන් ආකර්ෂණය කරගැනීමේ නව්‍යකරණ මාර්ගයන් සොයාගැනීම යුගයේ අවශ්‍යතාවයක්. Facebook සමාගම සමග අප ඇතිකරගත් සහයෝගීතාවය විශිෂ්ට ඩිජිටල් දැනුමක් නිර්මාණය කිරීමට හේතුවන බව අපට විශ්වාසයි. යොවුන් පරපුර කියන්නේ රටක අනාගතය. නවීන ලෝකයට ගැලපෙන හෙට දවසක් වෙනුවෙන් අපි තවදුරටත් යොවුන් පරපුරට අවස්ථා නිර්මාණය කරදෙන්නට කැපවීමෙන් වැඩකරනවා.”

Deloitte Digital Tools in Crisis and Recovery Reportනමින් Facebook සමාගම හා Deloitte ආයතනය එක්ව සිදුකළ අධ්‍යයනයකින් හෙළිවූ කරුණු අනුව කුඩා පරිමාණ නව ව්‍යාපාර පවත්වාගෙන යන පාරිභෝගිකයින් 70%ක් පමණ පවසා ඇත්තේ මෙම කුඩා ව්‍යාපාර පිළිබඳව ඔවුන් දැනුවත් වූයේ සමාජ මාධ්‍යයන් ඔස්සේ බවයි. අවම වියදමකින් නිපැයුම් හා සේවාවන් පාරිභෝගිකයා අතරට රැගෙන යන්නට සමාජ ජාල මාධ්‍යයන් ඉටුකරන කාර්යභාරය ඉතා වටිනා බව ඒ හරහා පැහැදිලි වේ. එමෙන්ම කොවිඩ් – 19 වසංගතය පැතිරයාමත් සමග පාරිභෝගිකයින් 66%ක් ව්‍යාපාරයන් සමග අදාල සන්නිවේදන කටයුතු  සමාජ මාධ්‍ය හරහා හෝ වෙනත් ඩිජිටල් ක්‍රමවේදයන් භාවිතයෙන් සිදුකර තිබෙන බවද ඒ සඳහා Facebook යනු ඉතා වැදගත් ඩිජිටල් මෙවලමක් ලෙස ඔවුන් විශ්වාස කරන බවත් එයින් පෙන්නුම් කරයි.

Facebook සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු – යසස් විශුද්ධි අබේවික්‍රම මේ පිළිබඳව සිය අදහස් පැහැදිලි කර සිටියේ මෙසේය. “ඩිජිටල් ක්‍රමෝපායන් භාවිතා කිරීම රටක් වශයෙන් දිනෙන් දින පුළුල් වෙමින් පවතින කාලයක රටක ජනතාව ඩිජිටල් හැකියාවන්ගෙන් සවිබල ගැන්වීම ඉතාම වැදගත්. එම පසුබිම වඩාත් හොඳින් අවබෝධ කරගන්නට වෘත්තීය පුහුණුකරුවන්ට අපි සහයෝගය ලබා දෙනවා. එම හැකියාවන් හා ආකල්ප ඔවුන්ගේ සිසුන් වෙත ලබා දෙන්නටත් අවශ්‍ය මගපෙන්වීම සිදු කරනවා. ඩිජිටල් හැකියාවන්ගෙන් සවිබලගැන්වුනු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ලබා දෙන ප්‍රමුඛතාවය අනුව යමින් VTA ආයතනය සමග සහයෝගීතාවයකට එළඹි Facebook සමාගම, ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් දැනුම  වර්ධනය කිරීමට කැපවීමෙන් කටයුතු කරනවා. ඩිජිටල් ශ්‍රම බලකායට දිනෙන් දින වැඩි වශයෙන් පිරිස් සම්බන්ධ වෙමින් සිටිනවා. ඉගෙන ගැනීමට, ඉගැන්වීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යන කුමන කාර්යයක් වුවත් සාර්ථකව සිදුකරන්නට අවශ්‍ය නිපුණතාවයන් ඔවුන් වෙත ලබා දෙන්නට අපි කටයුතු කරනවා.”

ශ්‍රී ලාංකිකයින් ගේ ඩිජිටල් සාක්ෂරතාවය හා ඩිජිටල් පුරවැසිභාවය ඉහළ නැංවීම සඳහා Facebook ගෙන යන වැඩපිළිවෙලෙහි වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම වැඩසටහන උදාහරණයට ගත හැකි අතර, පසුගිය වර්ෂයේදී Facebook සමාගම We Think Digital ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන ක්‍රියාත්මක කරමින් ධනාත්මක හා සුරක්ෂිත අන්තර්ජාල භාවිතයක් වෙනුවෙන් අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කිරීමට දායකවීම එහි ඉලක්කය විය.

 

 

 


 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව