ComBank Q+ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට House of Fashion හිදී විශාල මුදලක් වට්ටම් ලෙස ආපසු ලැබෙයි

ComBank Q+ promotion at House of Fashion

 




 

 

මෙරට දැවැන්ත සාප්පු සංකීර්ණයක සිදුකළ පළමු QR කේතය පදනම් කරගත් ප‍්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් House of Fashion විලාසිතාගාරයේදී පසුගියදා සිදුකළ අතර දින දෙකක් තුළ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කළ පාරිභෝගිකයින් විසින් රුපියල් මිලියන 05 කට ආසන්න මුදලක් වියදම් කළ අතර ඔවුනට 25% ක් මෙහිදී නැවතත් ලබාදෙන ලදී.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තමන් මිලදීගන්නා භාණ්ඩ වලට විලාසිතාගාරයේ කවුන්ටර්වල ප‍්‍රදර්ශනය කර තිබෙන QR කේතයන් ComBank Q+ ඇප් පහසුකම භාවිතා කර ස්කෑන් කිරීම මගින් ගෙවීමට පාරිභෝගිකයින්ට ආරාධනා කළ අතර දිනකට රුපියල් 2000 ක් දක්වා මුදල් ආපසු ලබාගැනීමේ අවස්ථාව මෙහිදී එක් එක් පාරිභෝගිකයින්ට බැංකුව විසින් ලබා දෙන ලදී.

මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ දින දෙකක මෙම ප‍්‍රවර්ධන කාලය තුළදී ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම 2000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ඩවුන්ලෝඞ් කරගෙන තිබෙන බවයි. කාඞ්පත් හිමියන්ට සහ වෙළෙඳුන්ට කරදරයකින් තොරව මුදල් ගෙවීමටත් මුදල් ලබාගැනීමටත් ComBank Q+ ගෙවීමේ ඇප් සේවාව හොඳ විකල්පයක් බව බැංකුව සඳහන් කරයි. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගත තත්ත්වයකට රට මුහුණ දෙන අවස්ථාවේදී ආරක්ෂාකාරීව සහ මුදල් ස්පර්ශ කිරීමකින් තොරව ගනුදෙනු කිරීමට මෙමගින් අවස්ථාව සලසන බවද බැංකුව පවසයි.

ComBank Q+ LANKAQR පද්ධතිය භාවිතා කරමින් හඳුන්වාදුන් පළමු QR පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන අතර මෙම පද්ධතිය සමග එක්වූ පළමු ඇඟලූම් අලෙවි කරන ආයතනය වන්නේ House of Fashion ආයතනයයි.

ඩිජිටල් අවකාශයට අලූත් අත්දැකීමක් එක් කරමින් House of Fashion ආයතනය තුළ කොමර්ෂල් බැංකුව විසින් ඉතාමත් දියුණු පොයින්ට් ඔෆ් සේල් යන්ත‍්‍ර (POS) පද්ධතියක් සවිකර තිබෙන බව බැංකුව සඳන් කරයි. මෙම උපකරණ මගින් කාඞ්පත් පදනම් කරගත්, NFC පදනම් කරගත් සහ QR කේතය පදනම් කරගත් ගෙවීම් පිළිගැනීමට පහසුකම් සලසන අතර මේ තුළින් මුදල් අයකැමිවරුන්ට සහ වෙළෙඳුන්ට අමතර කාර්යක් නොමැතිව මෙම සියළු සේවාවන් එක් යන්ත‍්‍රයක් තුළින් කර ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව