එමිරේට්ස් කොළඹට සතියකට ගුවන් ගමන් 06 ක් කි‍්‍රයාත්මක කිරීමට කි‍්‍රයා කරයි

Emirates Boeing 777- 300ER

එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩිකිරීමට තීරණය කර තිබෙන අතර පෙබරවාරි 18 වනදා සිට පස්වන ගුවන් ගමනත් පෙබරවාරි 27 වනදා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව සමාගම සඳහන් කරයි. මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ ඉල්ලූම සපුරාලීමට සැලසුම් කර තිබේ.

අළුතින් එක්කළ මෙම ගුවන් ගමන් දෙක සෑම බ‍්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන් වලදී සිදුකරනු ඇත. EK650 එමිරේට්ස් ගුවන් ගමන දේශීය වේලාවන්ට අනුව පැය 02:35 ට ඩුබායි වලින් පිටත් වී පැය 08:25 ට කොළඹට ළඟාවේ. එසේම, EK651 එමිරේට්ස් ගුවන් ගමන පැය 09:55 ට කොළඹින් පිටත් වී පැය 13:00 ට ඩුබායි වෙත ළඟා වේ. එමිරේට්ස් මගීන්ට ඩුබායි සිට ගමනාන්ත 90 ක ජාත්‍යන්තර ජාලයක් වෙත ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගමන් කළ හැකි බව සමාගම සඳහන් කරයි.

කොළඹට පැමිණීමට එමිරේට්ස් විසින් පුළුල් බඳ සහිත Boeing 777-300ER ගුවන් යානා භාවිතා කරන බවද ප‍්‍රවේශ පත් emirates.com වෙබ් අඩවියෙන්, එමිරේට්ස් අලෙවි කාර්යාල වලින් හෝ ට‍්‍රැවල් ඒජන්ත සමාගම් වෙතින් වෙන්කර ගත හැකිබව සමාගම සඳහන් කරයි.

 

 




 

එමිරේට්ස් ගුවන් සේවය 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට ගුවන් සේවා ආරම්භ කළ අතර මේ දක්වා වසර 30 කට අධික කාලයක් ශ‍්‍රී ලංකාවට සිය සේවය ලබාදී ඇත. විදේශිකයින්ට සහ ශ‍්‍රී ලාංකිකයින්ට පහසුකම් සලසමින් පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාවේ සිට ගමන් ආරම්භ කළ පළමු ගුවන් සමාගම් අතර එමිරේට්ස් ගුවන් සමාගමද සිටී. එසේම, සතියකට භාණ්ඩ ගුවන් ගමන් හතරක් සිදුකරමින් කොළඹ සිට සහ කොළඹට භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන වෙළෙඳ ජාලයන්ට සම්බන්ධ කිරීමට එමිරේට්ස් ස්කයිකාර්ගෝ අංශය විශාල සේවාවක් සිදුකර ඇත.

එමිරේට්ස් ගුවන් ප‍්‍රවේශපත් වෙන්කර ගැනීමේ ප‍්‍රතිපත්තිය තුළ පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ විශ්වාසවන්ත ලෙස තමන්ගේ ගුවන් ගමන් සැලසුම් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. 2021 ජුනි 30 වනදාට හෝ එයට පෙර සංචාරය කිරීමට ගුවන් ප‍්‍රවේශපත් මිලදීගෙන තිබෙන එමිරේට්ස් පාරිභෝගිකයින් තමන්ගේ සංචාරක සැලසුම් වෙනස් කරනවා නම් සමාගම හඳුන්වා දී තිබෙන කාරුණික නැවත ප‍්‍රවේශපත් වෙන්කර ගැනීමේ කොන්දේසි සහ විකල්ප භාවිතා කළ හැකිබව සමාගම සඳහන් කරයි. මේ අනුව, පාරිභෝගිකයින්ට තමන්ගේ සංචාරක දිනයන් වෙනස් කර ගැනීමට හෝ වසර දෙකක් යනතුරු මිලදීගත් ප‍්‍රවේශපත්වල වලංගු කාලය දීර්ඝ කර ගැනීමේ අවස්ථාව තිබේ.

එසේම, සමාගම විසින් හඳුන්වා දී තිබෙන කර්මාන්තයේ පළමු බහු-අවදානම් සංචාරක රක්ෂණාවරණය සහ කොවිඞ්-19 රක්ෂණාවරණය හේතුවෙන් ගුවන් මගීන්ට වඩාත් විශ්වාසයෙන් සහ මානසික සුවතාවයෙන් දැන් සංචාරය කිරීමේ අවස්ථාව සමාගම විසින් ලබාදී තිබේ. 2020 දෙසැම්බර් 01 වනදා හෝ එයට පසුව මිලදී ගන්නා ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර වලට මෙම රක්ෂණාවරණයන් සමාගම විසින් නොමිලේ ලබාදෙනු ඇත.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව