නව සභාපතිවරයාගේ රාජකාරි භාර ගැනීමත් සමඟ PUCSL සිය වැඩ සැලැස්ම 2021 සඳහා අද දියත් කරයි

DSC_8957 (1)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2021 වාර්ෂික ව්‍යාපෘති සැළැස්ම අද එළිදැක්වුණා. විදුලිබල කර්මාන්තය, ජල සේවා කර්මාන්තය හා ඛණිජ තෙල් කර්මාන්තය යන ක්ෂේත්‍රවල සේවා ගුණාත්මක තත්වය හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව පදනම් කරගත් ව්‍යාපෘති 111ක් මේ වසර කුලදි ක්‍රියාවට නැගීමට නියමිතයි.

විදුලිබල කර්මාන්තයේ ඵලදායිතාවය ඉහල නැංවීම, පාරිභෝගිකයාට දැරිය හැකි මිල ගණන් යටතේ විදුලිය සැපයීම හා විදුලි බල සේවා සපයන ආයතනවල මුල්‍ය තත්වය යහපත් මට්ටමින් පවත්වාගෙන යාම, විදුලි බල ආරක්ෂාව හා පරිසරය ආරක්ෂාකරමින් කර්මාන්තය පවත්වාගෙන යාම ආදි ප්‍රධාන ඉලක්ක 4ක් යටතේ විදුලි බල කර්මාන්තයට අදාල ව්‍යාපෘති සකස්කර තිබේ. විදුලි පාරිභෝගික පැමිණිලි හා ආරාවුල් කඩිනමින් විසදීම සදහා විශේෂ ව්‍යාපෘති 4ක් මේ වසරේදී ක්‍රියාත්මක වේ. ඒ් යටතේ විදුලි කණු හා රැහැන් ස්ථාපනය හා වෙනස්කිරීමේදී විදුලි පාරිභෝගිකයින් මුහුණ පාන ගැටළු කඩනමින් විසදීම සදහා ප්‍රාදේශීය ලේකම්වරු සමග එ්කාබද්ධ වැඩසටහනක් ආරම්භ කෙරෙනු ඇත.

දේපල වෙලදාම් සමාගම් වලින් මිලදී ගත් ඉඩම් කට්ටි වල පිහිටි නිවාස වලට විදුලිය ලබාගැනීමේ දී පැන නැගී ඇති ගැටළු විසදීමටම පියවර ගනු ලැබේ. වීථි ලාම්පු ස්ථාපනය, එම පද්ධති පවත්වාගෙන යාම හා නඩත්තුව සදහා ප්‍රමිතියක් හදුන්වාදෙමින් රටෙහි විථි ලාම්පු පද්ධතිය කාර්යක්ෂම පවත්වාගෙන යාම සදහා විශේෂ ව්‍යාපෘතියක් මේ වසරේදී ක්‍රියාවට නැගේ.  විදුලි ආරක්ෂාව පිළිබද ඉලක්කය සපුරාගැනීම සදහා ක්‍රියාවට නැගෙන් විදුලි කාර්මික බලපත්‍ර වැඩසටහන අදාල අනෙකුත් ආයතන සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. මෙරට තුල විදුලිකාර්මිකයින් 45000ක් පමණ හදුනාගෙන ඇති අතර ඔවුන්ට ස්ථිර විදුලිකාර්මික බලපත්‍රය ලබාගැනීම සදහා අවශ්‍ය වන මුලික සුදුසුකම වන ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් NVQ 3 මටටම කඩිනමින් හා නොමිලේ ලබාදීම සදහා ද ව්‍යාපෘතියක් හදුන්වාදීමට නියමිතයි. එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙන්නේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සමග අත්සන් කරනු ලබන විශේෂ අවබෝධතා ගිවිසුමක් යටතේ ය.

 




 

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලිහිසි තෙල වෙළද පොල ඡායාමාත්‍ර නියාමන ආයතනය වශයෙන් ලිසිහි තෙල් වෙළදපොල නියාමනය සදහා බලශක්ති අමාත්‍යංශයට සහාය වේ. තත්වයෙන් බාල ලිහිසි තෙල් අලෙවිය හා නීති විරෝධි ලෙස ලිහිසි තෙල් අලෙවි කිරීම පාලනය සදහා පසුගිය වසරේ ක්‍රියාවට නැගු ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාවට නැගෙනු ඇත. භාවිතයෙන් ඉවත් කරනු ලබන ලිහිසි තෙල් පරිසරයට හානියක් නොවන පරිදි බැහැර කිරීම සදහා ද ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගේ. ඊට අමතරව ඛණිජ තෙල් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා එම පාරිභෝගිකයින්ගේ පැමිණිලි විසදීම සදහා ක්‍රමවේදයක් ද හදුන්වාදෙනු ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට ජල සේවා කර්මාන්තය නියාමනය සදහා නම්කර ඇති ආයතනය වේ. ඒ් අනුව ජල සේවා කර්මාන්තයේ ප්‍රගමනය සදහා නියාමන කටයුතු සම්බන්ධයෙන් කොමිෂන් සභාව ජල සම්පාදන අමාත්‍යංශයට හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සහාය වේ. ජල පාරිභෝගික පැමිණලි හා ආරාවුල විසදීම සදහා ක්‍රමවේදයක් සහ ජල පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රකාශයක් හදුන්වාදීමට කොමිෂන් සභාව ජල සම්පාදන අමාත්‍යංශයට අවශ්‍ය සහාය සපයනු ලබයි. එමෙන්ම ජල පාරිභෝගික ගැටුළු හදුනාගැනීම සදහා ප්‍රාදේශීය මට්ටමින් පවත්වනු ලබන මහජන උපදේශන මාලාවේ දෙවන අදියර මේ වසරේදී ක්‍රියාවට නැගෙනු ඇත.

2021 වසර සදහා සැළසුම් කර ඇති සියළු ව්‍යාපෘති කාල සටහනට අනුව කඩිනමින් හා සාර්ථකව ක්‍රියාවට නැගීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගනු ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව