DFCC බැංකුව, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සමග එක්ව Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

dfcc_tck-oba_signing-ceremony (1) (1)

2021 ජනවාරි 11, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සමග එක්ව, එම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට කටයුතු කළේ ය.

1872 වසරේදී රිචඩ් කොලින්ස් පියතුමන් විසින් ආරම්භ කරන ලද මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වඩාත්ම ගෞරවය දිනූ පෞද්ගලික පාසල් අතරින් එකක් ලෙස සැලකේ. රටේ අනාගත නායකත්වය භාරගැනීමට නියමිත මීළඟ පරපුර සඳහා විශිෂ්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාදීමේ මහඟු මෙහෙවරට දායකත්වය එම විද්‍යාලය ලබාදෙන අතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විශාල පිරිසක් රටේ කැපී පෙනෙන පුරවැසියන් වී සිටීම මේ සඳහා ඇති කදිම නිදසුනකි.

මෙම නව Affinity ක්‍රෙඩිට් කාඩ්පත මගින් ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සාමාජිකයන්ට ප්‍රතිලාභ රාශියක් ලබාදෙන අතරම, මෙමඟින් පාසලේ දියුණුවට පෙරටත් වඩා පුළුල් ලෙස දායක වීමටද අවස්ථාව ලැබෙනු ඇත. මේ යටතේ මූලික වශයෙන්, කාඩ්පතට අදාළ ලියාපදිංචි ගාස්තු හා වාර්ෂික ගාස්තු වලින් කොටසක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව වෙත බැර කෙරේ. මීට අමතරව මූලික හා ද්විතීය කාඩ්පත් හිමියන් විසින් සිය කාඩ්පත භාවිතයෙන් සිදුකරන වියදම් වලින් කිසියම් ප්‍රතිශතයක්ද එම සංගමය වෙත බැරවනු ඇත.

 




 

 

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසී ය. “DFCC බැංකුව සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් ඔස්සේ එක් අතකින් ආදි ශිෂ්‍යයන්ට ගෞරවයක් රැගෙන එන අතරම, අනෙක් අතින් රටේ අනාගත නායකයන් පෝෂණය කිරීමට දායක වීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙනවා. DFCC බැංකුව මගින් නිකුත් කරනු ලබන මෙම Affinity ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ වාර්ෂික ගාස්තු වලින් මෙන්ම එය භාවිතයෙන් සිදුකරන වියදම් වලින් ප්‍රතිශතයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් බැර කිරීමට නියමිතයි. එය ක්‍රෙඩිට් කාඩ්පතකින් ප්‍රතිලාභ ලබන අතරම තමන් අකුරු කළ පාසලේ යහපතට දායක වීමට ආදි ශිෂ්‍යයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්.”

පාසල කෙරෙහි ඇති ලැදියාව ප්‍රදර්ශනය කරන අතරම, මෙම ක්‍රෙඩිට් කාඩ්පත මගින් ප්‍රතිලාභ රාශියක් හිමිකර ගැනීමටද කාඩ්පත් හිමියන්ට හැකියාව ලැබේ. කාඩ්පත භාවිතයෙන් සිදුකරන සියලුම වියදම් වලදී 1% ක ප්‍රතිශතයක් ආපසු ගෙවනු ලබන අතර, එම මුදල් කාඩ්පත් හිමියන්ගේ DFCC ගිණුමට බැර වේ. එමෙන්ම DFCC බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටින, දිවයින පුරා විසිරුණු අලෙවිසැල් වෙතින් වසර පුරාම තවත් ප්‍රතිලාභ රාශියක් ඔවුන්ට හිමිවනු ඇත. පහසු ගෙවීම් ක්‍රම සකස් කරගැනීම, වෙනත් ක්‍රෙඩිට් කාඩ්පත් වල ශේෂයන් මාරු කිරීම, කාඩ්පතේ සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික අත්තිකාරම් මුදලක් ලබාගැනීම සහ මාස 36 ක් දක්වා ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ගෙවීම් සැලසුම් සකස් කරගැනීම වැනි තවත් ප්‍රතිලාභ රාශියක්ද ලබාගැනීමට මෙම Affinity ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අවස්ථාව ලැබේ.

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ ඉතිහාසයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව  2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව