කඩදාසි රහිත මුදල් සහ චෙක්පත් තැන්පත් කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව e-slips ජංගම දුරකතන ඇප් සේවාව හඳුන්වා දෙයි

eSlips for cash and cheque deposits

කොමර්ෂල් බැංකුව හඳුන්වාදී තිබෙන නව්‍ය වූ ඇප් සේවාවක් මගින් ඉලෙක්ට්‍රොනික ලදුපතක් (e-slips) නිකුත් කරන නිසා බැංකුවේ ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම් වලට ලියකියවිලි නොමැතිව මුදල් සහ චෙක්පත් තැන්පත් කිරීමට අවස්ථාව උදාවී තිබේ.

චෙක්පත් තැන්පතු කරුවන් සඳහා මෙරට හඳුන්වා දුන් පළමු ඇප් සේවාව මෙය බවත් මේ තුළින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ පහසුව වඩාත් වර්ධනය වන බව බැංකුව සඳහන් කරයි.

මේ අනුව, කොමර්ෂල් බැංකුවේ e-Slip ඇප් සේවාව මගින් ගනුදෙනුකරුවන්ට තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය භාවිතා කරමින් මුදල් සහ චෙක්පත් සඳහා ඉලෙක්ට්‍රොනික තැන්පතු කළ හැකිවේ.

මෙම ඇප් පහසුකම නොමිලේ App Store හෝ Google Play Store වෙතින් ඩවුන්ලෝඞ් කරගත හැකිවේ. ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ මාධ්‍ය මගින් හැසිරවිය හැකි මෙම ඇප් පහසුකම Android සහ iOS මගින් සවිබල ගැන්වූ ස්මාර්ට් ජංගම දුරකතන වර්ග දෙකින්ම භාවිතා කළ හැකිබව බැංකුව සඳහන් කරයි. මෙම ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය මුදල් තැන්පත් කිරීමකදී අවශ්‍ය වන කඩදාසි සහ ලියුම් කවර අවශ්‍ය නොවන නිසා ඔවුන් පරිසරය සුරක්ෂිත කිරීමට බැංකුව දියත් කර තිබෙන හරිත වැඩසටහනට සෘජුවම සහයෝගය දක්වන බව බැංකුව අවධාරණය කරයි.

පරිසරය සුරැකීමට උනන්දුවක් දක්වන ගනුදෙනු කරුවන් ඉලක්ක කරගනිමින් බැංකුව විසින් මෙම ඇප් සේවාව හඳුන්වා දී ඇත. එසේම, මෙම ඇප් සේවාව මගින් මුදල් තැන්පත් කිරීමේදී තම ලදුපත ඉලෙක්ට්‍රොනිකව පිරවීමට හැකිවීම සහ චෙක්පත් තැන්පත් කිරීමකදී චෙක්පතේ Com e-Cheque යනුවෙන් සඳහන් කළ හැකිවීම නිසා කාලය ඉතිරි කරගැනීමටද ගනුදෙනු කරුවන්ට මේ තුළින් අවස්ථාව හිමිවේ. එසේම, ලදුපත් පිරවීමකින් තොරව පහසුවෙන් ගනුදෙනුකරුවන් සිදුකරන තැන්පතු මෙම ඇප් පහසුකමේ එක් ස්ථානයක පිළිවෙලට තබාගැනීමට හැකියාව ලැබෙන නිසා තමන්ගේ තැන්පතු පිළිබඳ වාර්තාවක් පහසුවෙන් පවත්වා ගැනීමටද මෙහිදී ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙන බව බැංකුව සඳහන් කරයි.

 




 

 

e-Cheque ඇප් පහසුකම තුළින් ගනුදෙනුකරුවන්ට එක් වරකට එක් චෙක් පතක් පමණක් තැන්පත් කළ හැකි අතර දිනක් තුළදී  ඕනෑම චෙක්පත් ප‍්‍රමාණයක් තැන්පත් කිරීමට අවස්ථාව ලැබෙන බව බැංකුව පවසයි. මෙම ඇප් පහසුකම ඔස්සේ රුපියල් මිලියන 02 ක් දක්වා වටිනාකමක් ඇති චෙක්පත් තැන්පත් කළ හැකිවේ. මෙහිදී, ඉතිරි කිරීමේ ගිණුමකට රුපියල් 200,000 කට වැඩි වටිනාකමක් ඇති චෙක්පතක් සහ ජංගම ගිණුමකට රුපියල් 500,000 කට වැඩි වටිනාකමක් සහිත චෙක්පතක් තැන්පත් කිරීමේදී එම ගනුදෙනුවේ අරමුණ ගනුදෙනුකරුවා විසින් පැහැදිලි කළ යුතුවේ.

චෙක්පත සාර්ථක ලෙස තැන්පත් කළ පසුව ඉලෙක්ට්‍රොනික ලදුපතක් නිකුත් කරන අතර එහි QR කේතයක් සහ නිර්දේශ අංකයක් සඳහන් වනු ඇත. මීට අමතරව, එම චෙක්පතේ ඡායාරූපයක් මාස තුනක කාලයක් ඇප් පහසුකමේ ගබඩාකර තබාගන්නා බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව විසින් පරිසර හිතකාමී බැංකුකරණයට සිදුකළ කැපවීම අගය කරමින් හරිත සංකල්ප සහ හරිත ගොඩනැගිලි ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කරන ප‍්‍රමුඛතම අධිකාරිය වන ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ බැංකු අංශයේ ‘විශිෂ්ටතම හරිත කැපවීම් සම්මානය’ (Excellent Green Commitment Award)  කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරන ලදී.

මීට අමතරව, Android සහ iOS වලින් සවිබල ගැන්වූ ඩිජිටල් උපකරණ වලින් ප‍්‍රවේශ විය හැකි ශ‍්‍රී ලංකාවේ පළමු ඊ-පාස්පොත 2016 වසරේ ගනුදෙනුකරුවන්ට හඳුන්වා දෙමින් මෙරට බැංකු අංශයට නව මාවතක් විවෘත කිරීමට බැංකුව සමත් විය. මෙම ඊ-පොස්පොත මගින් ඉතිරි කිරීමේ, ජංගම, පුද්ගලික සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් වලට සහ ක්‍රෙඩිට් කාඞ් ගනුදෙනු තොරතුරු ගනුදෙනු කරුවන්ට ලබාගත හැකිවේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 880 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව