2021 දී තාක්ෂණික ප්‍රවණතා: නිවසේ සිට රාජකාරී කටයුතු : ගෘහස්ථ තාක්‍ෂණික මෙවලම්

2021

 



 
 

ලබන වසරේ ලෝකයේ විශාලතම තාක්‍ෂණ සමාගම්වල ප්‍රධානීන් විවිධ අපහසුතා සදහා මුහුණපානු ඇත. ෆේස්බුක්, ඇමේසන්, ඇපල් සහ ගූගල් හිමිකරු ඇල්ෆාබෙට් හි බල ඒකාධිකාරය මැඩපැවැත්වීමට රජයන් සහ තරඟකාරී වෙනත් සමාගම් හි උත්සාහයන් වේගවත් වේ.

විශේෂයෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බලධාරීන් දැනටමත් මෙම තාක්ෂණික සමාගම් අතර ඇතිවිය හැකි තරඟකාරී ගැටළු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවතීර්ණ වෙමින් සිටින අතර, තාක්ෂණික සමාගම් සඳහා 2021 සුවිශේ ෂි වසරක් වනු නොඅනුමානය.

කෙසේ වෙතත්, ඔබගේ ගෘහස්ථ තාක්‍ෂණික අවශ්‍යතා වෙනුවෙන්, ලබන වසරේදී ද ඔබ වෙනුවෙන් නව නිපැයුම්, මෘදුකාංග සහ තාක්ෂණික විශේෂාංග සයිබර් වෙළඳ අවකාශය වෙත මුදා හැරීම සිදුවනු ඇත. නිවසේ සිට රාජකාරී කටයුතු පහසු මෙන්ම ආරක්ෂිත කිරීමට තාක්ෂණික නවෝද්පාදකයන් සහ නව්‍ය සේවා සපයන්නගේ වැඩි අවධානයක් යොමුවී ඇති ඇති බවට තොරතුරු ඉංජිනේරු සංසද සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් විශ්වාස කරයි.

බිග් ටෙක් (BIG TECH) මර්දනය

2020 අවසාන සති කිහිපය තුළ ගූගල්, ෆේස්බුක්, ඇමේසන් සහ ඇපල් සඳහා රාජ්‍ය අධිකාරීන් සහ බලයලත් නියාමකයින් විශාල බලපෑම් ඇති කල අතර එමඟින් 2021දි එම සමාගම් වල ක්‍රියාකාරීත්වය සහ එකාධිකාරීත්වය ඒ ආකාර්යෙන්ම පවත්වා ගැනීමට අපහසු වියහැකි වසරක් බවට පත්වීමේ ලකුණු පහලවී ඇත. මේ මස මුලදී, එක්සත් ජනපද ෆෙඩරල් නියාමකයින් සහ රජයේ නීති විශාරදයින් 45 කට වැඩි පිරිසක් ෆේස්බුක් සමාගමට එරෙහිව නඩු පවරා, සමාජ මාධ්‍ය සමාගම මගින් ප්‍රතිවාදීන් මිල දී ගැනීම සහ තරඟකාරිත්වය මැඩපැවැත්වීම සඳහා නීති විරෝධී ක්‍රියාමාර්ග ගත් බවට චෝදනා කළහ.

බිග් ටෙක් නියාමනය කරන ආකාරය පිළිබද අවබෝධයක් ලබාදෙමින් යුරෝපීය කොමිසම සිය ඩිජිටල් සේවා පනත, ඩිජිටල් වෙළඳපොළ පනත සහ නව කෙටුම්පත් නීති ද දෙසැම්බර් මාසයේදී සමාජගත කළේය. එක්සත් රාජධානියේදී, තරඟකාරී හා වෙළඳපොළ අධිකාරිය විසින් නීත්‍යානුකූලව බැඳී ඇති චර්යාධර්ම පද්ධතියක් යෝජනා කළ අතර, යම්කිසි උල්ලංගනයක් සිදුවු විට ඒ සදහා දඩුවම් සහ දඩ පැනවීමට නව ඩිජිටල් වෙළඳපොළ ඒකකයකට බලය ලබා දෙන ලෙස නිර්දේශ කළේය.

තවද ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයියිඩන්ගේ පරිපාලනය බිග් ටෙක් සමාගම් හසුරුවන්නේ කෙසේදැයි බැලීමට තාක්ෂණික සමාගම් ඉතා උනන්දු වනු ඇත. අතීතයේ දී බයිඩෙන් මහතා බිග් ටෙක් තාක්ෂණික සමාගම් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකල අතර ෆේස්බුක් සමාගම පිලිබද ඔහුගේ ස්ථාවරය ඉන් වැඩි ඇවධානයක් දිනාගත් සහ කතාබහට ලක්වූ මාතෘකාවක් විය.

ජනවාරි මාසයේ නිව්යෝර්ක් ටයිම්ස් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය ආයතන ආරක්ෂා කරන ප්‍රධාන නීති මාලාවක් වන 230 වගන්තිය අවලංගු කළ යුතු බවයි. 230 වන වගන්තියේ සඳහන් වන්නේ පරිශීලකයින් විසින් පළ කරන නීති විරෝධී හෝ අහිතකර දේවල් සඳහා සමාජ මාධ්‍ය වේදිකා සාමාන්‍යයෙන් වගකිව යුතු නැති බවයි.

මීට අමතරව, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඇතමුන්  විශාල තාක්ෂණික සමාගම් බිඳී යනු දැකීමට කැමැත්තෙන් පසුවේ, විශේෂයෙන් ඇමසන්, ගූගල් සහ ෆේස්බුක් ඒ අතර ප්‍රමුඛ සමාගම්ය. ගූගල් දැනටමත් මේ කරුණ නිසා පීඩනයකට ලක්ව ඇත. අන්තර්ජාල සෙවීම් සහ මාර්ගගත වෙළඳ දැන්වීම්වල (Online Advertising) ඒකාධිකාරය ආරක්ෂා කර ගැනීම සඳහා (competitive law) නීතිය උල්ලංගනය කළ බවට චෝදනා කරමින් එක්සත් ජනපද රජය ඔක්තෝම්බර් මාසයේදී ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කළේය.

ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සමාගම් පවසන්නේ ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඉතා විශාල සමාගම් වලින් පමණක් කළ හැකි තරඟකාරී කර්මාන්ත සහ සැපයුම් සේවාවන්හි බවයි.

එක්සත් ජනපදයට තරගකාරීත්වය පිළිබද මෙන්ම දත්ත රහස්‍යතාව පිළිබඳ ක්‍රියාමාර්ගද අධීක්ෂණය කල හැකිය. කැලිෆෝනියාවේ දැනටමත් දත්ත රහස්‍යතා පනතක් ඇති අතර එය ජාතික ප්‍රතිපත්තියක් බවට පත්කල යුතු බවට සමාජ පීඩනයක්ද ඇමරිකාණු රජය වෙත එල්ලවෙමින් පවතී.

ගෘහ තාක්ෂණයෙන් වැඩ කිරීම (Working from Home Technology) දිනෙන් දින යථාර්තයක් වෙමින් පවතින අතර 2021 වසර පුරාත් එය ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් ඇති බව බොහෝ ආයතන ප්‍රධානීන්ගේ මතයයි. CCS Insights කරන ලද සමීක්ෂණයකට අනුව, බටහිර යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ 60% ක් පමණ ව්‍යාපාරික නායකයින් පවසන පරිදි ගෝලීය වසංගත තත්වය පහව ගියද අවම වශයෙන් ශ්‍රම බලකායෙන් 25% ක් වත් ඔවුන්ගේ නිවසේ සිට අර්ධ වශයෙන් හෝ වැඩ කරනු ඇතැයි අපේක්ෂා කරයි. සමහර අවස්ථාවල ඔවුන්ගේ සියලුම කාර්ය මණ්ඩල අර්ධ වශයෙන් හෝ නිවසේ සිටම වැඩ කිරීමට යොමුකල හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.  බොහෝ විශාල සමාගම් දැනටමත් කාර්ය මණ්ඩල තම කාර්යමණ්ඩල නිවසේ සිටම ක්‍රියාත්මක කර සේවා සැපයීමට යොමුවී ඇත.

ඔක්තෝම්බර් මාසයේදී ඩ්‍රොප්බොක්ස් (DROPBOX) කියා සිටියේ එහි සියලුම කාර්ය මණ්ඩලයට නිවසේ සිටම වැඩ කළ හැකි බවත් ට්විටර් (TWITTER) ඒ හා සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.  මයික්‍රොසොෆ්ට් (Microsoft) සහ ෆේස්බුක් (Facebook) ද පවසා ඇත්තේ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසකට නිවසේ සිට ස්ථිරව වැඩ කළ හැකි බවයි.

නිවසේ සිට වැඩ කිරීමසංකල්පය | Working from Home Technologies

තාක්ෂණික සමාගම් සදහා නව මානයන් විවර කරන නව්‍ය වූ වෙළඳපොලකි. අන්තර්ජාල සේවා සපයන්නන් සහ වෙනත් තාක්ෂණික සමාගම් විසින් “Working from Home” පැකේජ වලින් තවත් විශේෂ සේවාවන් නුදුරෙදී ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. “නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමේදී සයිබර් අවකාශය තුලදී ආරක්ෂාව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වියයුත්තකි. ආරක්ෂාව පැකේජයක් ආකාරයෙන් ඔබ වෙත පැමිණිය හැකිය. එය අතිරේක සම්බන්ධතාවයක් පමණක් නොව, වෙනම රවුටරයක්, සමහර විට ආරක්ෂාව සහිත රවුටරයක්, සමහර විට ඉහළ මට්ටමේ අමතර සේවාවන් රැසක් සමග ඔබ වෙත පැමිණිය හැකිය.

කුඩා සමාගමකට දුරස්ථ තොරතුරු තාක්ෂණ සහාය වැනි දේ ලබා ගැනීමට අවශ්‍ය ඉඩකඩ අවම බැවින් මෙම සේවා පැකේජ ආකරයෙන් ඉදිරියේදී වෙලදපොලට පැමිණිය හැකි බව CCS Insight හි පුරෝකථනය කිරීමේ උප සභාපති මරීනා කොයිට්චෙවා පවසයි.

නිවසේ සිට වැඩ කරන අතරතුර ඔබගේ කණ්ඩායම් සාමාජිකයින්, සේවකයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උදව් වන මෘදුකාංග සම්බන්ධයෙන් සහ අමතර විශේෂාංග ගැන විමසිල්ලෙන් සිටින්න. මිරෝ (Miro) සහ මුරල් (Mural) වැනි ඩිජිටල් වයිට්බෝඩ් වල ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබේ.

මුරල් (Mural) විසින් මේ වසරේ සක්‍රීය පරිශීලකයින් මිලියනයකට වඩා තම මෘදුකාංගය වෙත එකතු කර ගෙන ඇත. එහි තාක්‍ෂණය මඟින් කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙකුටම එකතු කළ හැකි ව්‍යාපෘතියක දෘශ්‍ය නිරූපණයක් ලබා දේ.

 



 
 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව