සැනී බර යන්ත්‍රෝපකරණ සඳහා ලීසිං පහසුකම් ලබා දීමට HNB, සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් සමඟ එක් වෙයි

Image 01 (7)

ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සැනී බර යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇදහිය නොහැකි වට්ටම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ගෙවීමේ විකල්ප ලබා දීමට සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් සමඟ (Sun Lanka Auto Traders) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.




සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා 0.50%ක ආකර්ෂණීය අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන්ට පහසුකම් ලබා දෙන මෙම අවබෝධතා ගිවිසුමට HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා සහ සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් හි සභාපතිනි, කෝෂිලා එරත්ත මහත්මිය විසින් HNB ප‍්‍රධාන මූලස්ථානයේදී පැවති විශේෂ උත්සවයකදී අත්සන් තබන ලදී.

එමෙන්ම, HNB විසින් ලීසිං ගනුදෙනුකාරභවතුන්ට බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා සුවිශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN