විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් සඳහා සිංගර් වෙතින් නවතම වෙබ් අඩවියක්

1-All-new-SINGER-Website-offers-an-unmatched-e-commerce-experience

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම පිණිස පසුගියදා www.singer.lk නවතම වෙබ් අඩවිය දියත් කළේය. ‍ස්වකීය පාරිභෝගිකයින් හට වඩාත් පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ සිංගර් සතු කැපවීම මෙම වෙබ් අඩවිය දියත් කිරීම මගින් යළිත් වරක් පාරිභෝගිකයින් අතරෙහි ප්‍රචලිත විණි. පාරිභෝගිකයින්ට උසස්ම ආකාරයේ සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියා කරන සිංගර් හි මෙම නවතම වෙබ් අඩවිය දියත් කිරීමේ අරමුණ වනුයේද, වෙනස් වන වෙළඳ අවශ්‍යතාවන්ට අනුව පාරිභෝගිකයාට විශිෂ්ට සේවාවක් ලබා දීමයි.

මෙම නවතම වෙබ් අඩිවිය ඕනෑම උපාංගයක් මගින් කිසිදු බාධාවකින් තොරව ඉතා පහසුවෙන් හා වේගවත්ව භාවිත කිරීමේ හැකියාව පවතී. එමෙන්ම,  මෙම නවතම වෙබ් අඩවියට කඩිනම් හා කාර්යක්ෂම ක්‍රමවේදයක් ඇතුළත් කර ඇති අතර, එමගින් ඔවුන් ප්‍රිය කරන සිංගර් මාදිලිවලින් තෝරා ගන්නා භාණ්ඩය පහසුවෙන් අන්තර්ජාලය මගින් ඇණවුම් කිරීමේ ඉඩකඩ සලසා තිබේ. නව වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ, අන්තර්ජාලය මගින් නිෂ්පාදන තෝරා ගැනීම, මිලදී ගැනීම, ඇණවුම් කිරීම, භාණ්ඩ පරීක්ෂා කිරීම හා විශ්වාසදායී ලෙස මුදල් ගෙවීම ආදී කාර්යයන් ගණනාවක් සඳහා පාරිභෝගිකයින් හට සහය සලසමින්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ළඟා කරදීම උදෙසාය.

නවතම වෙබ් අඩවිය එළි දක්වමින් සිංගර් ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කරනු වස්, සිංගර් වෙබ් අඩවිය යළි දියත් කිරීම නිමිති කර, 2020 ජුනි 26, 27 සහ 28 යන දිනවල සිංගර් නිෂ්පාදන සඳහා 20% දක්වා විශේෂ වට්ටම් ලබා දීමට නියමිතය. පුළුල් පරාසයක සිංගර් නිෂ්පාදන රාශියක් සඳහා මෙලෙස වට්ටම් පිරි නැමේ.

“අපගේ පාරිභෝගිකයින් හට අසමසම පාරිභෝගික අත්දැකීමක් විඳීමට අවස්ථාව සලසමින් සිංගර් ඔවුන් සමග ජීවිත කාලය පුරාම පවතින සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැම විටම උත්සාහ කරනවා. අපගේ නව වෙබ් අඩවිය, දිනෙන් දින වර්ධනය වන අන්තර්ජාල පාරිභෝගිකයින්ට පහසුව සලසමින් ඉතා සීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගනු ඇතැයි අපේක්ෂා කරනවා.” සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන  විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේය.

වේගවත්, නම්‍යශීලී පරිශීලක අත්දැකීමක් ලබා දෙන මෙම වෙබ් අඩවිය cloud සත්කාරකත්වයෙන් යුතු වන  අතර,  එහි ඉහළ පරිමාණක විසඳුම් හේතුවෙන් වේගවත් හා නම්‍යශීලී පරිශීලක අත්දැකීමක් ළඟා කර දෙයි.

“නව වෙබ් අඩවිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ ඊ-වාණිජ වෙබ් අඩවි මගින් ලබා දෙන සේවාවන්ට සමානයි. මෙම වෙබ් අඩවිය, අපගේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පිළිගත් සම්මතයන්ට අනුව ඩිජිටල් අවකාශය තුළින් අපගේ දිනෙන් දින වර්ධනය වන පාරිභෝගිකයින් හට ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසනවා. විශේෂ අන්තර්ජාල දීමනා මෙන්ම මිලදී ගැනීම් වේගවත් කරන සරල පරිශීලක මුහුණතක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට මෙම අන්තර්ජාල භාණ්ඩ ගබඩාව වැඩි පහසුවක් අත් කර දෙනවා.” යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය ඔස්සේ, සිය පාරිභෝගිකයින් හට ජාත්‍යන්තර පිළිගත් උසස් තත්ත්වයේ සන්නාමයන්හි නිෂ්පාදන ලබා දීමට සිංගර් පෙරමුණ ගෙන සිටියි. අලෙවිසැල් 430 කට අධික සංඛ්‍යාවක් සහ 2800 ක් වන දිවයින පුරා ව්‍යාප්ත අලෙවි ජාලය සමගින් අලෙවියෙන් පසු පාරිභෝගිකයින් හට විශිෂ්ට සේවාවක් ලබා දීමටද සිංගර් කටයුතු කරයි. සිංගර් මගින් වෙළෙඳ පොළට නිකුත් කෙරෙන නිෂ්පාදන  අතරට, ජාත්‍යන්තර පිළිගත් කීර්තිමත් වෙළඳ නාම 50 කට වැඩි ප්‍රමාණයක විදුලි උපකරණ 600 ක් සහ ගෘහ උපකරණ 1200 ක් දක්වා භාණ්ඩ රැසක් අයත් වෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව