අන්තර්ජාල භාවිතය වැඩිවන විට පුද්ගලිකත්වයට එල්ලවන තර්ජනය පිළිබඳ වයිබර් පෙන්වා දෙයි

Rakuten-Viber
  • වයිබර් වැනි ආරක්ෂිත ඇප් හරහා දත්ත සුරක්ෂිත භාවය තහවුරු කරගන්න

2020 ජුනි 19: කොවිඩ්-19 වසංගතයේ පැතිර යාමත් සමඟ අපි බොහෝ දෙනෙක් නව සාමාන්‍යය පිළිගනිමින් සෞඛ්‍යාරක්ෂාව පතා නිවසෙහි ම වැඩි කාලයක් ගත කිරීමට හුරු වී සිටින්නෙමු. එවැනි පසුබිමකදී අපගේ අන්තර්ජාල භාවිතාව ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ආකාරයට මේ කාල සීමාවේදී අපගේ අන්තර්ජාල භාවිතාව 70%කින් වැඩි වී තිබේ. නිවසේ සිට රාජකාරි කිරීම, දුර බැහැර සිටින ආදරණීයයන් සහ මිතුරන් සමඟ සන්නිවේදනය කිරීම ආදිය සඳහා ඩිජිටල් මෙවලම් භාවිත කිරීම මෙසේ වර්ධනය වී ඇත. එනිසා ම අන් කවරදාටත් වඩා අපගේ පුද්ගලික තොරතුරු අවදානමට ලක්ව තිබේ.

මෙම කාලසීමාව තුළ ඇතැම් සන්නිවේදන ඇප් මෘදුකාංග භාවිතය නිසා මතුවන පුද්ගලිකත්වය හා බැඳුණු ගැටලු පිළිබඳ ඔබ දැනටමත් දැනුවත්ව සිටිනවා විය හැක.  එවැනි ගැටලු වලට බහුල වශයෙන් මුහුණ දී ඇත්තේ, වීඩියෝ සාකච්ඡා සඳහා භාවිත කරන ඇප් හෝ වීඩියෝ සමාජ මාධ්‍ය ඇප් මෘදුකාංග වේ. ඒවා හරහා තෙවැනි පාර්ශ්ව වෙත ඔබ නිරාවරණය වීමත්, ඔබේ දත්ත  සොරාගැනීමත් සිදුවිය හැක. තව ද කොවිඩ් 19 ව්‍යාප්ත වෙමින් පවතින මෙම කාලය තුළ වෛරසය ආසාදනය වූවන් ලුහුුබැඳීමට නිර්මාණය කරන ලද ඇප් භාවිත කිරීම ගැන ද අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ. මෙම කාලසීමාව තුළ එවැනි ඇප් භාවිතය වැදගත් වුවද එවැනි ඇප් හරහා අනවශ්‍ය ලෙස දත්ත රැස් කිරීමේ අවදානමක් පවතී.

ජනතාව තම විනෝදාංශ හා රුචිකත්වයන්ට ගැලපෙන සමූහ සමඟ එක්වීමේ අභිලාෂය  නිසාවෙන් ද සමාජ ජාලා හා සම්බන්ධ වී සිටී. මෙවැනි ආර්ථික වශයෙන් අස්ථීර භාවය පවත්නා මොහොතක අන්තර්ජාලය පදනම් කරගත් වෙළෙඳපොළවල් ද වේගයෙන් සක්‍රීය වී තිබේ. එවැනි පසුබිමකදී සමාජ මාධ්‍ය පොදු සමූහ හරහා විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයින් හට පවා නිරාවරණය විමේ අවදානමක් අන්තර්ජාල පරිශීලකයින්ට එල්ල වී ඇත. සෙසු කෙටි පණිවුඩ ඇප් මෘදුකාංග වලට පරිශීලකයන්‌ගේ සංවාද නිරීක්ෂණය කරමින් ඔවුන් ඉලක්කකිරීමට මෙන්ම දැන්වීම්කරණය සඳහා දත්ත ලබාගැනීමේ අවස්ථාව සැලසේ. එමෙන්ම තවත් සමහර ඇප් වලට ඔබේ කෙටි පණිවුඩ හා දත්ත,  නීතිය  ක්‍රියාත්මක කරන ආයතනවලට නිකුත් කිරීමේ හැකියාව පවා ඇත.

මෙම තත්ත්වය මත අපට පැන නැඟෙන ප්‍රධාන ම ගැටලුවක් වන්නේ සමාජ දුරස්ථභාවය රැකගත යුතු මේ අවධියේදී අපට විශ්වාසය තැබිය හැකි ඇප් මෘදුකාංගය මොනවාද යන්න ය. ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර් අන්තර්ජාල භාවිතයේදී ඔබේ ආරක්ෂාවට මුල් තැන ලබාදිය හැකි ක්‍රම කිහිපයක් හඳුන්වා දී තිබේ. මෙය සිය පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ඇති  වයිබර්හි කැපවීම අනුව යමින් ගත් පියවරකි. “පරිශීලකයින්ගේ දත්ත සොරාගනිමින් තමන්ගේ අලෙවි වැඩසටහන්  වැඩිදියුණු කිරීමට හෝ එම දත්ත වෙනත් ආයතන වෙත විකිණීමට වෑයම් කරන ආයනවලට වඩා වයිබර් වෙනස්. වයිබර් හරහා හුවමාරු වන පුද්ගලික පණිවුඩ, එම පණිවුඩය හුවමාරු කරගත් තැනැත්තා හෝ තැනැත්තන් හැරුණු විට වෙනත් කිසිවෙකුට හෝ දැකිය නොහැකියි. වයිබර් හරහා ඔබ යවන පණිවුඩයක් හිමි වන්නේ, එම පණිවුඩය යැවූ උපාංගයට පමණක් බව සහතික කළ හැකියි” යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුවා මහතා පැවසීය.

මෙහිදී ඔබේ ඩිජිටල් උපාංගයේ දත්ත ආරක්ෂා කරගැනීමට අනුගමනය කළ හැකි ඇතැම් මාර්ගෝපදේශ ද පවතී. දුරකථනයේ Privacy Settings හරහා දුරකථනයේ ඇති ඇප්ස් මෙන්ම දුරකථනයේ සෙසු ස්ථානවල දත්තවලට ප්‍රවේශ වීමට එම ඇප්ස්වලට ඔබ අවසර දී ඇත්දැයි එහිදී පරීක්ෂා කළ හැක. එසේ අනවශ්‍ය ප්‍රවේශයක් ඇති ඇප්ස් හමුවුණ හොත් ඔබට ඒවා ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කළ හැක.

මේ අතර ඔබ පොදුවේ භාවිත කරන ඩිජිටල් උපාංගයකදී  autofill විශේෂාංගය ක්‍රියා විරහිත කිරීමෙන් ඔබ අතින් ටයිප් විය හැකි සංවේදී තොරතුරු එසේ එක් වීම වළක්වාගත හැක. එමෙන්ම ඒවැනි උපාංගයක් භාවිත කිරීමෙන් පසු ඉන් නිසියාකාරව ලොග් අවුට් වීම ද කළ යුතුය. නොඑසේ නම් ඔබේ සංවේදී තොරතුරු මීළඟට එම උපාංගය භාවිත කරන පුද්ගලයා අතට පත්වීමට ඉඩ තිබේ.

ඔබ බාගත කරන ඇප් මෘදුකාංග පිළිබඳව ද විශේෂ සැළකිල්ලක් යොමුකිරීම වැදගත් වේ. විශේෂයෙන්ම App Store හෝ Play Store වැනි විශ්වාසනීය ස්ථානවලින් පමණක් ඇප්ස් ලබාගැනීමට කටයුතු කළ යුතුය. බොහෝ ඇප් මෘදුකාංග ඔබේ දත්තවලට ප්‍රවේශ වී ඒවා එක්රැස් කිරීමටත්, වාණිජ හෝ දැන්වීම් කටයුතු වෙනුවෙන් භාවිත කිරීමටත් අවස්ථාව පවතින බව සිහිතබා ගත යුතුය.

දුරකථනයේ ඇති සෑම ඇප් එකක්ම ඔබේ පුද්ගලිකත්වයට තර්ජනයක් එල්ල කිරීමට ඉඩ ඇති බව මතකයේ තබාගැනීම වැදගත් ය. ඔබ මෙය සරලව සැලකුවද ඔබේ දුරකථනයේ ඇති ඡායාරූප සංස්කරණය කරන ඇප් මෘදුකාංගය පවා ඔබේ දුරකථන නාමාවලිය, ඔබ සිටින ස්ථානය ඇතුළු තොරතුරු පිටතට ප්‍රේෂණය කරනවා විය හැක. එම නිසා ඔබ භාවිතයට නොගන්නා ඇප් එකක් ඇත්නම් එය මකා දැමීම තුළ ඔබේ පුද්ගලිකත්වයට ඇති තර්ජනය මඳකින් හෝ අඩු වනු ඇත.

කෙසේ වුවද වයිබර් හි දත්ත සුරක්ෂිතතාව සහතික කර ඇති බැවින් බිය වීමට කිසිදු හේතුවක් නොමැත. “වයිබර් පාරිභෝගික පුද්ගලිකත්වයට ප්‍රමුඛතාව සලසා දී ඇති බව අපි ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයෙන්. අපි කිසිවිටෙකත් පාරිභෝගිකයන්ගේ දත්ත විකිණීමට කටයුතු කරන්නේ නැහැ. අඩුම තරමේ පාරිභෝගිකයන්ගේ දත්ත අපිට දර්ශනය වන්නේත් නැහැ” යැයි ජාමෙල් අගවුවා මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ පෞද්ගලික කටයුතු සියල්ල අන්තර්ජාලය ඇසුරෙන් භාවිත කිරීම තුළ ඔබට යම් අවදානම් තත්ත්වයක් පැන නැඟිය හැකි මුත්, ඔබ භාවිත කරන ඇප්ස් ගැන සැළකිලිමත් නම් හා අන්තර්ජාලයේ සැරිසැරීමේදී ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට නිසි පියවර අනුගමනය කරයි නම් ඔබට වදවීමට කිසිදු හේතුවක් නැත.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව