හයිබි‍්‍රඞ් සහ online තාක්ෂණයෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික මහා සමුළුව HNB සාර්ථකව අවසන් කරයි

Image-01

දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට හයිබි‍්‍රඞ් හා online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් පැවැත්වූ 2020 වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේ වඩාත් නවෝපාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී සාර්ථකව අවසන් කළේය.

මයික්‍රොසොෆ්ට් කණ්ඩායම් හරහා කොටස්හිමියන් සඳහා සමුළුව සජීවී ව විකාශනය  කිරීමට අමතරව 51 වන වාර්ෂික මහා සමුළුව HNB ප‍්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලේ ශ‍්‍රවනාගාරයේ සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

සමස්තයක් වශයෙන්, 100කට අධික කොටස්හිමියන් සංඛ්‍යාවක් සමුළුවට සහභාගී වීමට ලියාපදිංචි වී සිටි අතර සමුළුවට සහභාගීවන්නන් කොවිඞ්-19 වසංගතය පැතිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සියලූ මගපෙන්වීම්වලට අනුකූලව බැංකුවේ ප‍්‍රධාන මූලස්ථානයේ සමාජ දුරස්ථකරණය, දැඩි ආරක්ෂක සහ සනීපාරක්ෂක ක‍්‍රියාමාර්ග පිළිපැදීමෙන් අනතුරුව ඔවුන්ගෙන් 50 දෙනෙක් පමණ වාර්ෂික මහා සමුළුවට සහභාගී වූහ.

මයික්‍රොසොෆ්ට් කණ්ඩායම් හරහා න්‍යාය පත‍්‍රයේ අඩංගු කරුණු මත ඡුන්දය ප‍්‍රකාශ කිරීම ඇතුළුව කොටස්කරුවන් 30කට ආසන්න සංඛ්‍යාවකට සමුළුවේ කටයුතු දැකීමට සහ ඊට සහභාගීවීමට අවස්ථාව හිමි විය.

‘‘ආරම්භයේ සිටම, සියලූම කොටස්හිමියන් සමඟ ඉතා හොඳ සබඳතාවයක් වර්ධනය කරන අතරතුරම HNB සෑම විටම නවෝත්පාදනය සහ තාක්ෂණික පරිවර්තනය කෙරෙහි දැඩි ප‍්‍රමුඛතාවයක් ලබා දී ඇත්තේ වේගවත් බව වැඩි කිරීමේ මාධ්‍යයක් ලෙසය. රටේ පළමු හයිබි‍්‍රඞ් හා Online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් පැවැත්වූ වාර්ෂික මහා සමුළුව අපගේ මෙම උත්සාහයේ හා කැපවීමේ තවත් එක් විශිෂ්ට උදාහරණයක්. එමෙන්ම, අපගේ නම්‍යශීලීතාවය වැඩිදියුණු කිරීමට, අපගේ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට සහ වඩාත් සංකීර්ණ ක්ෂේත‍්‍රයක් තුළ අපගේ සේවා බෙදා හැරීමට උපකාරී වූ විශේෂ ලක්ෂණ ලෙස මේවා පෙන්වා දිය හැකියිx අතිශය අභියෝගාත්මක මෙහෙයුම් වටපිටාවක් තිබියදීත් සමූහයේ වාර්ෂික බදු පසු ලාභය රුපියල් බිලියන 15ක් වාර්තා කිරීමට මෙම උපායමාර්ග බෙහෙවින් උපකාරී වුනා,’’ යනුවෙන් HNB හි කළමනාකර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

ගනු ලැබූ තීරණ මත ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ හැකියාව ඇතුළුව පුද්ගලිකව හෝ online තාක්ෂණය ඔස්සේ සමුළුවේ කටයුතු දැකීමට සහ ඊට සහභාගීවීමට පැමිණ සිටි සියලූ දෙනාටම අවස්ථාව හිමි විය. සමුළුවේ සහ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලද්දේ මයික්‍රොසොෆ්ට් කණ්ඩායම්වල secure chat function හරහාය. පසුව HNB හි සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් අදාල ප‍්‍රතිඵල නිවේදනය කරන ලදී.

අනතුරුව, මෙම අවස්ථාවට සහභාගීවූවන් සඳහා ප‍්‍රශ්න සහ පිළිතුරු සැසිය පිළිගත් ක‍්‍රමවේදයන්ට අනුකූලව සිදු වූ අතර online තාක්ෂණය හරහා සහභාගීවූවන්ගේ ප‍්‍රශ්න සභාපතිට හෝ සමාගමේ ලේකම් හට එනම්, මණ්ඩලයේ අදාල සාමාජිකයෙකුට සෘජුවම යොමු කෙරිණි.

උත්සව කළමනාකරණයේ විශේෂඥයින් වන AV Productions සමාගම සමඟ බැංකුවේ නීති අංශය, තොරතුරු තාක්ෂණ අංශය සහ අලෙවි අංශය මෙම උත්සවය සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව