ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පරිශීලකයින්ට එයාර්ටෙල් වෙතින් නොමිලේ ඇමතුම් සහ ඬේටා ප‍්‍රතිලාභ

1200px-Bharti_Airtel_Limited_logo.svg

‘අම්ෆන්‘ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ප‍්‍රතිචාර වශයෙන් නොමිලේ ඇමතුම් කාල හා ඬේටා ලබා දීමෙන් එහි පාරිභෝගිකයින්ට උපකාර කිරීමට එයාර්ටෙල් සමාගම කටයුතු කර ඇත. නුවරඑළිය හා රත්නපුර දිස්ත‍්‍රික්කවල විපතට පත් 23කට අධික නගර සංඛ්‍යාවක වෙසෙන පාරිභෝගිකයින්ට මෙම ප‍්‍රතිලාභය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් හි ප‍්‍රධාන විකුණුම් නිළධාරී, චන්ද්‍රශේකර් සිංග් චෞහාන් මහතා ‘‘මෙම අයහපත් කාලගුණික තත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අපගේ පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම ගැන අප දැඩි ලෙස සැලකිලිමත් වනවා. විශේෂයෙන්ම අම්ෆන් කුණාටුව මෙන්ම දැනට පවතින කොවිඞ්-19 වසංගතය යන කාරණය සමඟ ඔවුන්ට කටයුතු කිරීමට සිදුවන බව ගැන සිතා බැලීමේදී අපගේ පාරිභෝගිකයින්ට ආරක්ෂිතව සිටීමට සහ මෙම අසීරු කාලයේදී සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහාය වීම වැදගත් ප‍්‍රමුඛතාවයක් බව, එයාර්ටෙල් අපට හැඟී ගියා.’’ යනුවෙන් පැවසුවේය.

රටේ වෙනත් ප‍්‍රදේශවල සිටින එයාර්ටෙල් පරිශීලකයින්ට ‘My Airtel’ යෙදුම හරහා විපතට පත් වී සිටින ඔවුන්ගේ මිතුරන්ගේ හා පවුලේ සාමාජිකයින්ගේ ගිණුම් recharge කිරීමෙන්, ඔවුන්ගේ ණය බෙදාගැනීමෙන් හෝ බිල්පත් ගෙවීම මගින් සහන සැලසීමේ කාර්යයට සම්බන්ධ විය හැකිය. අමතර ප‍්‍රතිලාභයක් ලෙස, වෙනත් පාරිභෝගිකයෙකු වෙනුවෙන් ‘My Airtel’ යෙදුම හරහා සිදු කරන recharge කිරීමකදී, දැනටමත් තමාගේ ක්‍රෙඩිට් බෙදාහදා ගන්නා පරිශීලකයින්ට හිමි වන වට්ටම් සහ දීමනා ප‍්‍රවර්ධනයන් සඳහා ඒ ආකාරයෙන්ම හිමිකම් කීමට අවස්ථාව ඇත.

‘My Airtel’ යනු ශ්‍රී ලංකාවේ එයාර්ටෙල් ග‍්‍රාහකයින් සඳහා නිර්මාණය කර ඇති නොමිලේ ලබා දෙන සේවා යෙදුමකිx මෙම යෙදුම හරහා ග‍්‍රාහකයින්ට ඔවුන්ගේ පරිශීලක ගිණුම් වෙත පිවිසීමට, දත්ත භාවිතය නිරීක්ෂණය කිරීමට, recharge කිරීමට, බිල් ගෙවීමට සහ සංගීතය හා චිත‍්‍රපට රස විඳීමට හැකි සියල්ල ඒකාබද්ධ කළ භාවිතයට පහසු වේදිකාවක් වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව