පරම්පරා දෙකක් අතර කොන්දේසි විරහිත ආදරය ප‍්‍රවර්ධනය කරමින්, මොබිටෙල් ආදරවන්තයින්ගේ දිනය සමරයි

Image (3)

පරම්පරා දෙකක් අතර කොන්දේසි විරහිත ආදරය ප‍්‍රවර්ධනය කරමින්, මොබිටෙල් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට අද්විතීය ප‍්‍රවේශයක් ලබා ගනිමින්, ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ආදරණීය ජංගම දුරකථන සම්බන්ධතා සැපයුම්කරු වන මොබිටෙල් මෑතකදී ‘ආදරයට තවත් බොහෝ දේ ඇතුලත්ය’ යන තේමාව යටතේ රටපුරා විසිරී සිටින ජනතාවගේ හදවත් එක් කරන ලදී. ආදරවන්තයින් සැමරීමේ සාම්ප‍්‍රදායික අදහසින් ඔබ්බට ගොස්, මෙම විශේෂ දිනයේදී ආදරය සහ බලාපොරොත්තුව සුවිශේෂී ලෙස සැමරීම සඳහා මොබිටෙල්, වැඩිහිටි නිවාස වල වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත තරුණයින් රැුගෙන ආවේය.

‘ආදරයට තවත් බොහෝ දේ ඇතුලත්ය’ යන තේමාව මොබිටෙල් විසින් සංකල්පනය කරන ලද්දේ ආදරය සහ සතුට වඩාත්ම අවශ්‍ය වන අය අතර එය පැතිරවීමේ අවශ්‍යතාවය පිළිබඳව සහ රැුකවරණය, දයානුකම්පාව සහ සියල්ලන්ටම වඩා කොන්දේසි විරහිත ආදරය පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම සඳහාය. ශී‍්‍ර ලංකාව පුරා විසිරී ඇති වැඩිහිටි නිවාස සඳහා ආධාර කිරීමට විශ්වවිද්‍යාල සහ ජාතික තරුණ සේවා සභාව සමග අත්වැල් බැඳගත් මොබිටෙල් සමාගමට මෙය දැවැන්ත කාර්යයක් විය. හදවත් ආලෝකමත් කිරීමේ මොබිටෙල් මෙහෙවර සමග වැඩිහිටි නිවාසයක් සඳහා එහි නිවැසියන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමද සිදුකරන ලදී.

මෙම වැඩසටහන ගැන අදහස් දැක්වූ මොබිටෙල්හී ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (අලෙවි*, ඉසුරු දිසානායක මහතා මෙසේ පැවසීය: ර්‍ණ‘ආදරයට තවත් බොහෝ දේ ඇතුලත්ය’ යනු විශේෂයෙන්ම ආදරවන්තයින් සඳහා වූ දිනයේදී තනිවී අධෛර්යට පත්ව සිටින අයට, විවිධාකාරයෙන් ආදරය ප‍්‍රකාශකළ හැකි ආකාරය පිළිබඳ මොබිටෙල් අර්ථදැක්වීමය. ආදරය වඩාත්ම අවශ්‍ය අයට එය පහසුවෙන් පතුරුවාහැරිය හැකි ආකාරය පිළිබඳව යෞවනයින්ට අවබෝධයක් ලබාදීමෙන් ආදරයට වැඩි වටිනාකමක් එක්කිරීමට අපට හැකිවිය. මේ අනුව, ආදරය යනු ඔවුන් සිතනවාට වඩා වැඩි යමක් බවත්, සරල සිනහවකින්, අවශ්‍යතාවයන් ඇති අයෙකුට උපකාර කිරීමෙන් හෝ අපගේ හෘදයාංගම සහයෝගය කෙනෙකුට දැක්වීමෙන් දිනපතා ආදරය පෙන්වීමෙන් ආදරය ව්‍යාප්ත කිරීම පහසු බවත් සියලූම ශී‍්‍ර ලාංකිකයින්ට පෙන්වීමට අපි අදහස් කළෙමු”.

ආදරවන්තයින්ගේ දිනයේදී, මොබිටෙල් විසින් සිය ආයතනික සමාජ වගකීම් කි‍්‍රයාකාරිත්වය යටතේ තරුණයින්ද කැටුව වැඩිහිටි නිවාස වලට ගොස් කී‍්‍රඩා, ආහාර සහ විනෝදාශ්වාදය බෙදා ගනිමින් වැඩිහිටියන් සමග දවස ගත කළේය. දහසක් හදවත් සතුටින් හා පී‍්‍රතියෙන් ආලෝකමත් වූ අතර, සමහර වැඩිහිටියන් ඔවුන්ගේ ආදරණීය මතකයන් සිහිපත් කරමින් පේ‍්‍රමය යනු කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ගේ හැ`ගීම් ප‍්‍රකාශ කළහ.

වසර ගණනාවක් පුරා, මොබිටෙල් විසින් ආදරණීයයන් එක්කිරීම පමණක් නොව, දරුවන්ගේ සිට නව යොවුන්වියේ සිට වැඩිහිටි පරම්පරාව දක්වා සෑම ශී‍්‍ර ලාංකිකයෙකුටම ඔවුන්ගේ ජීවිත උපරිම ලෙස විඳීමට සහාය වන බලපෑම් පිරි වැඩසටහන් ලෙස සේවා ජාලයක් ගොඩනගා ඇත.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව