ඉහළ බල කාර්යක්ෂමතාවයකින් යුත් ජිනසේන CJ ස්මාර්ට් ගෘහස්ත වතුර පොම්ප වෙළඳපලට හඳුන්වා දේ

The all-new Jinasena CJ Smart domestic water pump

වර්ෂ 1905 ජිනසේන සමාගම ආරම්භ ශ්රී ලංකාවේ ආරම්භ වූයේ ශ්රී ලාංකිකයෙකුට හිමි ප්රථම ඉංජිනේරුමය සමාගම ලෙසිනි. එසේ ආරම්භ වූ සමාගම 1932 දී මෙරට ප්රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට ශ්රේණිගත කෙරිණි. 1950 වසරේදී මෙම සමාගමේ ආරම්භකයා වූ ටී. ජිනසේන මහතාගේ පුත්රයා විසින් ජිනසේන සෙන්ට්රික් වතුර පොම්පය මුල් වරට නිපදවන වන ලද අතර  එතැන් පටන් මේ දක්වා සම්පුර්ණයෙන්ම මෙරටදී නිපදවන එකම වතුර පොම්පය වන්නේ ජිනසේන සෙන්ට්රික් වතුර පොම්පයයි. අලෙවියෙන් පසු සේවාව සහ අවශ් තරම් අමතර කොටස් මෙන්ම  දිගු කලක් තිස්සේ පවතින විශ්වාසය යනාදී කරුණු මත ජිනසේන වතුර පොම්ප මේ වනවිට ජනතාව අතර ප්රමුඛ නමක් දිනා සිටියි.

 වර්තමානයේ ඉහළ බල කාර්යක්ෂමතාවයකින් සහ පරිසර හිතකාමීබවින් යුත් නිෂ්පාදන සඳහා පාරිභෝගිකයන් අතර දැඩි ඉල්ලුමක් පවතින අතර ව්‍යාපාරයන් විසින්ද එම ඉල්ලුම් සපුරාලිය හැකි නිෂ්පාදන වෙළඳපලට ඉදිරිපත් කිරීම සඳහා වූ  තිරසාර නිෂ්පාදනය පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරයි. මෙලෙස පරිසරය පිළිබඳ මෙන්ම පාරිභෝගික තෘප්තිය පිළිබඳ නිරතුරුවම කැපවෙමින් සිටින ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති සහ විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයන් වන ජිනසේන සමාගම විසින් කලින් කලට ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ උසස් ගුණාත්මකභාවකින් යුත් නිෂ්පාදන වෙළඳපලට ඉදිරිපත් කරනුයේ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන උසස්ම නිෂ්පාදන ඔවුන් ළඟා කරලීමේ අරමුණ ඇතිවයි. මෙලෙස මෑතකදී වෙළඳපලට හඳුන්වා දුන් ඉහළ බල කාර්යක්ෂමතාවයකින් යුත් නවතම CJ මාදිලියේ ස්මාර්ට් වතුර පොම්ප සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වනුයේ එහි ඇති අසමසම විශේෂාංග සහ කාර්යක්ෂමතාවය නිසාවෙනි.

  වසර 110කට අධික නවෝත්පාදන හා ඉංජිනේරු විශිෂ්ටතා ඇති පුරෝගාමී සමාගමක් වන ජිනසේන සමාගම තිරසාර නිෂ්පාදනය සඳහා වූ අභියෝගයට මුල පුරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට IE1 මෝටරය සහ සුවිශේෂී ඉම්පෙලර් නිමාවකින් යුත්  IE1 ශ්‍රේණිගත කරන ලද ගෘහස්ථ ජල පොම්පය නිෂ්පාදනය කරන ලදී. වෙළඳපල තුළ ඇති අනිකුත් ඉම්පෙලර් හා සසඳා බැලීමේදී මෙම ඉම්පෙලර් ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත වන හෙයින් නව ජිනසේන වතුර පොම්ප, වෙළඳපල තුළ අනිකුත් තරඟකාරී නිෂ්පාදන කෙරෙහි විශාල අභියෝගයන් රැසක් එක් කොට ඇත.  

මෑතකදී හඳුන්වා දුන් ජිනසේන CJ ස්මාර්ට් වතුර පොම්ප මාදිලි පෙළ ජිනසේන පුද්ගලික සමාගමේ නිර්මාතෘ C J  ජිනසේන නාමයට කීර්තියක් ගෙන දෙමින් වෙළඳපලට ඉදිරිපත් කෙරෙන අතර, සුවිශේෂී ජිනසේන TRJ 2019 ඉම්පෙලර් ̓ එහි හිටපු සභාපති රොහාන් ජිනසේන මහතාට ගෞරවයක් පිණිස නිපදවා ඇත. IE1 බල කාර්යක්ෂමතාවයකින් යුත් මෝටරය සහ TRJ 2019 ඉම්පෙලර් නිසාවෙන් CJ ස්මාර්ට් වතුර පොම්ප පෙළ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත වන අතර ගෘහස්ත ජල අවශ්‍යතා සඳහා මෙන්ම ගැඹුරු ළිං වලින් ජලය ලබා ගැනීම යන කර්තව්‍යයන් ද්විත්වය සඳහාම සුදුසු වේ. 

සියලුම CJ ස්මාර්ට් වතුර පොම්ප මාදිලීන් ආරක්ෂක Class-F winding සහ Totally Enclosed Fan Cooled (TEFC) වලින් ද යුක්ත වේ. පොම්පයේ සීල් තැබූ රබර් ආවරණය, උසස් ක්‍රියාකාරී බෝල බෙයාරිං දීර්ඝ කාලීන පැවැත්මක් තහවුරු කරන අතරෙහි, පේටන්ට් බලපත්‍ර දිනූ පොම්ප ආවරණය මෝටරයේ කාර්යක්ෂමතාව වැඩි කරයි. ‘IP54 ඉන්ග්‍රෙස් ආරක්ෂණය ද ඇතුළත් ද්විත්ව ආරක්ෂණ ක්‍රමවේදයක් වතුර පොම්පය සතුව පවතින අතර  කල්පවතින අමතර කොටස් පැවතීම සහ අවම වශයෙන්  නඩත්තු කිරීමේ හා අලුත් වැඩියා කිරීමට සිදුවීම මෙහි ඇති විශේෂතා වේ.  

බුත්තල, කළුතර, ඒකල, අවිස්සාවේල්ල, දඹුල්ල, මහනුවර, නුවරඑළියගාල්ල, කදුරුවෙල, තඹුත්තේගම, අනුරාධපුර, කුරුණෑගල, අම්පාර, ඇඹිලිපිටිය, හා යාපනය ආදී ප්‍රදේශවලද පිහිටුවා ඇති ජිනසේන අලෙවි මධ්‍යස්ථාන 16 කින් CJ  ස්මාර්ට් මාදිලියේ වතුර පොම්ප මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට හිමි වේ. මෙම සියළුම සේවා ස්ථානයන්හි දී ජලනල කාර්මිකයින්ට වතුර පොම්පවල ප්‍රධාන කොටස් පිළිබඳව, ඒවා නිවැරදිව ස්ථානගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව හා සාමාන්‍ය නඩත්තුව පිළිබඳ දැනුවත් කෙරෙන පුහුණු වැඩසටහන්ද ජිනසේන සමාගම විසින් මෙහෙයවනු ලැබේ.  තවද මෙම නවතම වතුර පොම්ප පාරිභෝගිකයින් හට වඩාත් සමීප කර දීම අරමුණු කර ගනිමින් නව නියෝජිතයින් පත් කරමින් දිවයින පුරාම සිය ශාඛා ජාලය තව දුරටත් ව්‍යාප්ත කිරීමට ජිනසේන පුද්ගලික සමාගම කටයුතු කරමින් සිටි. තත්වයෙන් උසස් මෙම නවතම  වතුර පොම්ප වසර හතක විශ්වාසනීය වගකීම් සහතිකයක් සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් සමඟින් දැන් වෙළදපල තුළදී මිලදී ගත හැක.  

මෙම නවතම හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් ජිනසේන පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ ශානි ජිනසේන මහත්මිය මෙසේ සඳහන් කළාය. “තත්වයෙන් උසස් CJ මාදිලියේ ගෘහස්ත වතුර පොම්ප වෙළදපලට ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳව අප සමාගමක් ලෙස  ඉතා ආඩම්බරයට පත් වනවා මෙන්ම මෙම වතුර පොම්ප මගින් නිෂ්පාදන කාර්යය සම්බන්ධයෙන් ජිනසේන සමාගමේ දීර්ඝ කාලීන ශක්තිය පැහැදිලිවම ඔප්පු කරනවා. මෙම නිපදවීම සිදු කිරීමට සමාගමේ ඉංජිනේරු විශේෂඥයින් දීර්ඝ කාලයක් පුරාවට ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ අතර ඉදිරියේදිත් පාරිභෝගික අවශ්‍යතාවය පරිදි ජීවන තත්ත්වය ඉහළ නංවන ඉංජිනේරු විසඳුම් ලබා දෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා.” 

මේ පිළිබඳ අදහස් දක්වමින් ජිනසේන පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය ෂෙහාන් ද සිල්වා මහතා මෙසේ කීය.

මෙම වතුර පොම්පවල ඇති විශේෂත්වයට හේතුව, නවතම ඉම්පෙලර්  නිර්මාණය වගේම ඒ සඳහා භාවිත කර ඇති අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගෙන ඇති තාක්ෂණය යි. වතුර පොම්පයක ප්‍රධාන අංගයක් වන ඉම්පෙලර් ඉංජිනේරු-තත්වයේ, ශක්තිමත් කල්පවතින ප්ලාස්ටික් භාවිත කරමින්, අපගේ නිෂ්පාදනාගාරයන්හි සැලසුම් කර නිෂ්පාදනය කර තිබෙන නිසාම ශ්‍රී ලංකාවේ අඩු ජල පහසුකම් ඇති පළාත්වලටත් ඒවා වඩාත්  සුදුසු වෙනවා. නවතම මාදිලියේ වතුර පොම්ප නිර්මාණය කිරීම සඳහා ජිනසේන R&D කණ්ඩායම විසින්  සමාගමේ උසස් සැලසුම් හැකියාව, විදේශීය නිෂ්පාදන කාර්යක්ෂමතාවය සමග මුසු කර තිබෙනවා. එමගින් ජිනසේන සමාගමේ අද්විතීය ඉංජිනේරු දැනුම පාදක කර ගනිමින් ඉහළම මට්ට්මේ වතුර පොම්ප වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට හැකි වීමත් විදේශීය නිෂ්පාදන කාර්යක්ෂමතාව ලබා ගැනීමෙන් නිෂ්පාදන කාර්යය සඳහා පිරිවැය අඩු වීමත් යන වාසි දෙකම ළඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව