ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාගේ පහසුව පිණිස සහ ඔවුනගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය තාක්ෂණික නිෂ්පාදන කලින් කලට වෙළඳපලට හඳුන්වාදෙන ඩෙල් හි නවතම XPS සහ Inspiron මාදීලින්හි ලැප්ටොප් පෙළක් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී හඳුන්වා දීම සිදු කෙරිණි.
අලංකාර නිමාව, රැගෙන යාමේ පහසුව සහ උසස් තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් දැනට පවතින XPS සහ Inspiron ලැප්ටොප් නිෂ්පාදන පෙළ සඳහා අවශ්‍ය කාර්ය සාධන වාසී ලබා දීමට එම නිෂ්පාදන 10th Gen Intel® Core™ ප්‍රොසෙසරය මඟින් බලගන්වා වෙළඳපලට හඳුන්වාදීම මෙහිදී සිදු විය. මේ තුලින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ජංගම පරිගණක අත්දැකීම් තව දුරටත් වර්ධනය වේ යැයි සමාගම අපේක්ෂා කරයි.
මෙහෙදී හඳුන්වාදුන් XPS 13 2-in-1 මාදිලියේ ලැප්ටොප් ආකර්ෂණීය නිමාවකින් සහ 16:10 සුවිසල් තිරයකින් සමන්විත වන අතර XPS සහ Inspiron මාදිළි ද්විත්වයම සිහින් සහ සැහැල්ලු නිමාවකින්ද යුක්ත වේ. Inspiron මාදිලියේ ලැප්ටොප් ඕනෑම තනි පුද්ගල හෝ ව්‍යාපාරික අවශ්‍යතාවයකට උචිත අයුරින් නිර්මාණය කර ඇති අතර එහි දක්නට ලැබෙන Eyesafe® තිරය මඟින් වර්ණවල ගුණාත්මකභාවය රඳවා ගනිමින් එහි හානිකර blue light විමෝචනය අවම කිරීම සඳහා උසස් තාක්ෂණය භාවිත කර ඇත. තවද ඩෙල් හි නවෝත්පාදන ක්‍රියාවලිය තුලදී දෝෂ රහිත නිෂ්පාදන නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර එම නවෝත්පාදන හැකියාවන්හි ප්‍රථිපලයක් වන මෙම නවතම හඳුන්වාදීම් මෙරට තාක්ෂණික පාරිභෝගිකයින් අතර ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වනු නොඅනුමානය.
වර්තමානයේ තාක්ෂණික උපකරණ වෙළඳපල තුළ සැහැල්ලු සහ රැගෙන යාමට පහසු නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතී. හුදෙක් සැහැල්ලු නිමාවට අමතරව බලසම්පන්න ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගණක වෙළඳපලට ඉදිරිපත් කිරිම සඳහා ඩෙල් විසින් නිරන්තරයෙන්ම කැප වෙමින් සිටින බව ඩෙල් ටෙක්නොලජිස් හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අද හඳුන්වා දුන් නවතම 10th Gen ප්‍රොසෙසරයන් මඟින් බලගන්වන ලද ලැප්ටොප් නිෂ්පාදන මඟින් සිය පාරිභෝගිකයින්ට ඉතා පහසුවෙන් සිය සංකීර්ණ කාර්යන් සිදු කිරීමට අවශ්‍ය හැකියාවන් ලැබෙන බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමුහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා කියා සිටියේ නව්‍ය තාක්ෂණය අත්විදීමට කැමති ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඩෙල් විසින් හඳුන්වා දුන් මෙම නවතම ලැප්ටොප් මාදිළි තුළින් එදිනෙදා තාක්ෂණික කාර්යන් ඉතා පහසුවෙන් සිදු කරගැනීමට හැකි වනු ඇති බවයි. මෙවැනිම ආකාරයේ තවත් වැඩි දියුණු කරන ලද නිෂ්පාදන රැසක් සිය වටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් ඩෙල් එක්ව ඉදිරියේදී වෙළඳපලට හඳුන්වාදීමට සුදානම් බවත් හෙතෙම වැඩි දුරටත් කීහ.
සිහින් මෝස්තරයක් සහ 2.5 ගුණයකින් වැඩි කාර්ය සාධනයක් සහිත නවතම XPS 13 2-in-1 සුවිශේෂී නිමාව, වැඩි දියුණු කල තාක්ෂණය සහිත ඩෙල් හි XPS මාදිලියේ වඩාත්ම පැසසුමට ලක් වූ නිෂ්පාදනය ලෙසට හැඳින්විය හැක. නවතම XPS13 2-in-1 සමඟ ඩෙල් නිෂ්පාදන සඳහා වූ පාරිභෝගික විශ්වාසය සහ ආකර්ෂණය තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කල හැක්කේ මෙම මාදිලිය ලොව ප්‍රථම Athena සහතිකය ලත් දසවන පරම්පරාවේ CoreTM, 10-නැනෝ මීටර් සිලිකන් ප්‍රොසෙසරයක් සහිත ලැප්ටොප් පරිගණකය නිසාවෙනි. මෙම මාදිලියෙහි ඇති තවත් එක් සුවිශේෂීතාවයක් වනුයේ Dolby Vision සමඟින් එන 16:10 තරම් වූ සුවිසල් InfinityEdgeතිරයයි. තවද සුපැහැදිලි සහ තියුණු වර්ණ සඳහා UHD+ තිරය මනා ලෙස ඉවහල් වන අතර ඩෙල් විසින් සිය පාරිභෝගික ඉල්ලීම් සපුරාලමින් ඉතා කුඩා ලැප්ටොප් කැමරාවක් (mm 2.5ක් තරම් වූ) XPS13 2-in-1 සඳහා භාවිතා කර ඇත.
XPS 13 2-in-1 යනු ඉන්ටෙල් 10th Gen Core ප්‍රොසෙසරයක් සහිත ප්‍රථම ලැප්ටොප් පරිගණකය වේ. නවතම ඉන්ටෙල් ඩයිනමික් ටියුනින් තාක්ෂණය මත පදනම් වූ අනුවර්තන කාර්ය සාධනයකින් XPS 13 2-in-1 සමන්විත වන අතර එමඟින් කාර්ය භාරයේ ක්‍රියාකාරිත්වය සහ තරම අනුව CPU වෙහි බලය කල්තියා වෙනස් කරයි. ඩෙල් විසින් ඉහළ ක්‍රියාකාරී ප්‍රොසෙසර සිසිල් කිරීම සඳහා තාප සැලසුම ප්‍රතිනිර්මාණය කර ඇති අතර සක්‍රීයව සිසිල් කරන ලද 15W මඟින් පෙර පරම්පරාවට වඩා 2.5 ගුණයක කාර්ය සාධනයක් ලබා දිය හැකිය. එහි නව KillerTM AX1650 (2×2) ඉන්ටෙල් WiFi 6 චිප්සෙට් මත ගොඩනගා ඇති අතර පෙර පරම්පරාවට වඩා තුන් ගුණයකින් වේගවත් WiFiසම්බන්ධතාවයක් ලබා දෙයි. Killer 1650 මඟින් ස්වයංක්‍රීයව වීඩියෝ, සන්නිවේදනය සහ Game Traffic හඳුනා ගෙන වර්ගීකරණය කොට කාර්යන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙයි. එමඟින් පරිශීලකයින්ට වේගවත් හා සුමට අත්දැකීම් භුක්ති විඳීමට අවකාශය හිමි වේ. තාක්ෂණය මත පදනම් වූ සංස්කෘතිය තුළ, මිනිසුන් දිනපතා පැය ගණනක් සිය තාක්ෂණික උපාංග දෙස බලා සිටින අතර එහිදී වන ආලෝක විමෝචනය තුළින් සිසුරට අහිතකර බලපෑම් ඇති වේ. මෙම අහිතකර බලපෑම් වලින් වන හානිය ඉවත් කිරීම සහ අවම කිරීම උදෙසා ඩෙල් විසින් Eyesafe® තිරයක් XPS 13 2-in-1 සඳහා භාවිත කර ඇත.
නවතම Inspiron පරිගණක සෑම පාරිභෝගික අවශ්යතාවකටම ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇත. තරඟකාරී මිලකට වෙළඳපලට හඳුන්වා දෙන මෙම මාදිලියෙහි ලැප්ටොප් පරිගණක විවිධ මෝස්තර වලින් පැමිණේ. ඩෙල් Inspiron මාදිලියද 10th Gen Intel® Core™ ප්‍රොසෙසරය තුළින් වැඩි දියුණු කර ඇති අතර මෙහිදී Inspiron 13 7391 2-in-1 ලැප්ටොප් පරිගණකය සඳහා සුවිශේෂී අවධානයක් යොමු වේ. 2019 CES හී දී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද සහ කොම්පියුටෙක්ස් ඩිසයින් නවෝත්පාදන සම්මානලාභියෙකු වන ඉන්ස්පිරෝන් 13 7000 2-in-1 හි magnetic පෑනක් ද සවි කර ඇත. Inspiron 7000 මාදිලියේ විශේෂාංග රැසක් සමඟින් එන 13 7000 2-in-1 සතුව 4k UHD touch තිරයක් ද ඇත. තවද භාවිත කරන්නන් හට පහසු නිමාවට අමතරව සුවිශේෂී තාක්ෂණික අත්දැකීම් රැසක් අත්විදීමට මේ හරහා අවස්ථාව උදා වේ. ඒ අතර Integrated බල බොත්තම(Power Button),ඇඟිලි සලකුණු කියවනය (fingerprint reader) , ExpressChargeTMපහසුකම සහිත විශාල බැටරිය , HDMI පොර්ට්, Micro SD කාර්ඩ් රීඩර්, USB Type-CTM පොර්ට්, ThunderboltTM 3 සහ USB 3.1 Gen 1 පොර්ට් වේ.මේ සියලු දේ සහිත පහසු සහ ආකර්ෂණීය නිමාවකින් එන ලැප්ටොප් පරිගණකයේ බර කිලෝග්‍රෑම් 1.39ක් පමණි.
මීට අමතරව Dell Inspiron 5000 මාදිලියේ ලැප්ටොප් පරිගණකද 10th Gen Intel® Core™ ප්‍රොසෙසර් මඟින් බලගන්වා ඇත. Inspiron 15 3000 (3593) සතුව විකල්ප NVIDIA® GeForce® MX230 discrete graphics කාර්ඩ් පවතින අතර Inspiron 13 5000(5391) ආකර්ශනීය Platinum Silver සහ Iced Lilac වර්ණයන්ගෙන් වෙළඳපලෙහි දැක ගත හැක. Inspiron 145000 (5490) නිපදවා ඇත්තේ බහු කාර්ය අවශ්‍යතා උදෙසා වන අතර, එය Platinum Silver, Iced Lilac, Iced Mint, සහ Iced Gold වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ. Inspiron 147000 (7490) හි සුවිශේෂීම විශේෂාංගය වනුයේ lid-open සෙන්සර් පද්ධතියයි. මේ තුලින් ලැප්ටොප් පරිගණකය off වී ඇති අවස්ථාවකදී එය ක්‍රියාත්මක කිරීම (On) පහසු කරනු ඇත. මෙම මාදිළිය Platinum Silver වර්ණයෙන් වෙළඳපල තුල දැක ගත හැක. Inspiron 1570002-in-1 (7590 2-in-1) සතුව USB Type-CTM සමඟThunderboltTM 3පහසුකම පවතී.
මෙම සියලුම නිෂ්පාදන වසර දෙකක වගකීමක් සහිතව දිවයින පුරා විසිරුණු ඩෙල් නියෝජිත ජාලය හරහා මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. Dell Inspiron 15 5000 (5593) මාදිලියෙහි ලැප්ටොප් රුපියල් 92,699 සිට ඉහළටද, Dell Inspiron 14 5000 (5491) මාදිලියේ ලැප්ටොප් රුපියල් 170,999 සිට ඉහළටද, Dell Inspiron 14 5000 (5490) රුපියල් 149,999 සිට ඉහළටද, Dell Inspiron 13 7000 (7391) මාදිලියේ ලැප්ටොප් රුපියල් 214,999 සිට ඉහළටද, XPS 13 (7390) මාදිලියේ ලැප්ටොප් රුපියල් 259,999 සිට ඉහළටද මිළදී ගත හැක.