ජපාන ණය කාර්යංශයට (JCB& අයත් ක්‍රෙඩිට් කාඞ්පත් තිබෙන ලොව පුරා සිටින ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ශ‍්‍රී ලංකාවේ තිබෙන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. ශ‍්‍රී ලංකාවට පැමිණෙන සැලකිය යුතු සංචාරක කණ්ඩායමකට ශ‍්‍රී ලංකාව තුළදී තම අරමුදල් වෙත ප‍්‍රවේශවීමේ අවස්ථාව මෙමගින් උදාවේ.
බැංකුව මෙම නිවේදනය කර තිබෙන්නේ LankaPay ජාතික කාඞ්පත් පද්ධතිය හරහා JCB කාඞ්පත් ගණුදෙනු ජපාන ණය කාර්යංශය වෙත සම්බන්ධ කිරීමට හැකිවන ලෙස කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය යාවත්කාලීන කිරීමෙන් පසුවයි.
ජාතික කාඞ්පත් වැඩසටහන යටතේ නිකුත් කර තිබෙන LankaPay-JCB සම සන්නාමකරණය කර තිබෙන කාඞ්පත් බැංකුවේ පොයින්ට්- ඔෆ්- සේල් (POS)යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව මීට මාස කීපයකට පෙර පත්විය. දේශීය බැංකු විසින් නිකුත් කර තිබෙන LankaPay -JCB සම සන්නාමකරණය කළ කාඞ්පත් සහ ජාත්‍යන්තරව නිකුත් කර තිබෙන JCB කාඞ්පත් කොමර්ෂල් බැංකුවේ පොයින්ට්- ඔෆ්- සේල් (POS)යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා පරිදි එම ජාලය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිදියුණු කරන බව බැංකුව ඒ අවස්ථාවේදී පැවසීය.
මෙම නව වැඩිදියුණු කිරීමත් සමග ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් සහ ව්‍යාපාරික වෘත්තිකයින්ගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයකට තම සේවය ලබාදීමට හැකිවී තිබෙන බවත් මෙය JCB කාඞ්පත් වැඩිපුර භාවිතා කරන ආසියානු සංචාරකයින්ට විශේෂ පහසුවක් ඇති බවත් බැංකුව පවසයි.
‘JCB කාඞ්පත් පිළිගැනීම සමඟ ශ‍්‍රී ලංකාව තුළ වැඩිම කාඞ්පත් සන්නාම ප‍්‍රමාණයක් පිළිගන්නා ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය බවට කොමර්ෂල් බැංකුවේ ජාලය පත්වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා පැවසීය. ‘තාක්ෂණය සඳහා ආයෝජනය කරමින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් ලබාදීමේ බැංකුවේ අඛණ්ඩ ප‍්‍රයත්නයට මෙය තවත් උදාහරණයක්.’
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වාණිජ බැංකුවකට අයත් විශාලතම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය කොමර්ෂල් බැංකුවට හිමිවන අතර එය ටෙලර් යන්ත‍්‍ර 854කින් සමන්විත වේ. කොමර්ෂල් බැංකුවේ පොයින්ට්- ඔෆ්- සේල් යන්ත‍්‍ර මගින් මේ වනවිට වීසා, මාස්ටර්කාඞ්, යුනියන්පේ, ලංකාපේ, ප්ලස්, ඩයිනර්ස් ක්ලබ් ඉන්ටර්නැෂනල්, ඩිස්කවර් සහ JCB කාඞ්පත් පිළිගනී. මේ අතර, වංචාසහගත ගනුදෙනු වලින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ස්මාර්ට් කාඞ්පත් ගෙවීම් කිරීමේදී ලොව භාවිතා කරන EMV Chip තාක්ෂණයෙන් සවිබල ගන්වා තිබේ.
මේ අනුව, LankaPay-JCB සම සන්නාමකරණය කළ කාඞ්පත් සහ JCB කාඞ්පත් හිමියන්ට ශ‍්‍රී ලංකාව තුළදී ස්පර්ශයෙන් හෝ ස්පර්ශයෙන් තොරව කොමර්ෂල් බැංකුවේ පොයින්ට්- ඔෆ්- සේල් (POS)උපකරණ මගින් ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවේ. කොමර්ෂල් බැංකුවේ පොයින්ට්- ඔෆ්- සේල් යන්ත‍්‍ර මගින් මේ වනවිට වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ කාඞ්පත් පිළිගන්නා අතර QR කේතය පදනම් කරගත් වීචැට් පේ සහ අලිපේ සේවාද ලබාදෙයි. මේ අනුව, එක් පද්ධතියක් මගින් ගෙවීම් පිළිගන්නා වැඩිම නාලිකා ප‍්‍රමාණයක් කොමර්ෂල් බැංකුව විසින් සිය පාරිභෝගිකයින්ට ලබාදී තිබේ.
ජපානය පදනම් කරගත් එකම ජාත්‍යන්තර ගෙවීමේ සන්නාමය වන JCB 1981 වසරේ සිට සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය පුළුල් කිරීම ආරම්භ කරන ලදී. මෙමගින් ලෝකය පුරා විසිරී සිටින පාරිභෝගිකයින්ට ගැලපෙන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු සේවා මාලාවක් ලබාදී ඇත. මේ වනවිට, කාඞ්පත් සාමාජිකයින් මිලියන 123 ක සංඛ්‍යාවක් JCB සතුවන අතර රටවල් 22 ක් තුළ සිය සේවාවන් ව්‍යාප්ත කර තිබේ.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නව වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට බැංකු ශාඛා 267 ක් පවත්වාගෙන යයි. 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට බැංකුව සමත්ව තිබෙන අතර මේ වසරේදි මේදක්වා සම්මාන 25කට වැඩි ප‍්‍රමාණයක් දිනාගෙන තිබේග එසේමල 2019 වසරේදී මෙරට වඩාත් ගෞරවාදරයට පත් වූ සමාගම් 10 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්විය.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.