2019 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට සම්මාන 05 ක්

LankaPay-awards-2019

පිට පිටම තුන්වන වතාවටත් පැවැත්වූ ශ‍්‍රී ලංකාවේ එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප‍්‍රදානෝත්සවය වන 2019 LankaPay Technovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන පහක් දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.

මෙම සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘ලංකාපේ අන්තර්ජාල ගෙවීම් පද්ධතියේ හොඳම අත්පත් කරගන්නා’ ^Best Acquirer on LankaPay Online Payment Platform& ලෙස සහ ‘වසරේ ගෙවීම් අයදුම’ ^Payment Application of the Year&  ලෙස රන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්විය. මීට අමතරව, ‘අන්තර් බැංකු ගෙවීම් විශිෂ්ටත්වය’ ^Excellence in Interbank Payments& වෙනුවෙන් ලෝකඩ සම්මානය සහ ‘ඒ’ අංශය යටතේ ‘මූල්‍ය ඒකාබද්ධතාවය සඳහා වසරේ බැංකුව’ ^Bank of the Year for Financial Inclusivity& සහ ‘ගනුදෙනුකරුවාගේ පහසුව වැඩිකිරීමේ විශිෂ්ටත්වය සඳහා වසරේ බැංකුව’ (^Bank of the Year for Excellence in Customer Convenience& යන අංශ වලින් කුසලතා සම්මාන දෙකක් ද බැංකුවට හිමි විය.

‘ලංකාපේ අන්තර්ජාල ගෙවීම් පද්ධතියේ හොඳම අත්පත් කරගන්නා’ යන රන් සම්මානය කොමර්ෂල් බැංකුව දිනා ගැනීමට සමත්ව තිබෙන්නේ ගනුදෙනු අත්පත් කර ගැනීමේ ප‍්‍රමාණය සහ සම්බන්ධවීමේ ක‍්‍රියාවලියේ තිබෙන කඩිනම් බව හේතුවෙනි. මෙම සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් පිට පිටම දෙවන අවස්ථාව මෙයයි.

මේ අතර බැංකුවට ‘වසරේ ගෙවීම් අයදුම’ සඳහා රන් සම්මානය ලබාදී තිබෙන්නේ කොමර්ෂල් බැංකුවේ පුළුල් සහ පහසුවෙන් භාවිතාකළ හැකි අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය සඳහා ලබාදෙන ගෞරවයක් ලෙසිනි. එසේම, මෙම අයදුම විසින් සිදුකර තිබෙන වැඩිම අන්තර් බැංකු ගනුදෙනු ප‍්‍රමාණයද මෙම ඇගයීමේදී සැලකිල්ලට ගෙන තිබේ.

මෙහිදී, ‘මූල්‍ය ඒකාබද්ධතාවය සඳහා වසරේ බැංකුව’ යන කුසලතා සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීමේදී පොදු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතියේ සහ ක්ෂණික සහ ක්ෂණික නොවන අන්තර් බැංකු ගනුදෙනුවල මෙන්ම චෙක්පත් ගෙවීම්වල පෙර වසරට වඩා වැඩිවී තිබෙන සමස්ත ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන ඇත.

‘ගනුදෙනුකරුවාගේ පහසුව වැඩිකිරීමේ විශිෂ්ටත්වය සඳහා වසරේ බැංකුව’ යන සම්මානය ලබාදීම සඳහා පෙර වසරට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික අරමුදල් මාරුකිරීමේ සේවාවල වර්ධන අනුපාතය සැලකිල්ලට ගෙන තිබේ.

නව පරපුරේ ගනුදෙනු කරුවන් සහ අනිකුත් ගනුදෙනු කරුවන් මේ වනවිට පහසුව පිළිබඳව අවධානය යොමුකරමින් සියළුම ඩිජිටල් සහ ජංගම දුරකතන තාක්ෂණ ගනුදෙනු ක‍්‍රම වැළඳ ගනිමින් සිටින නිසා ඒ වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට බැංකුව කටයුතු කරමින් සිටින බව කොමර්ෂල් බැංකුව පවසයි. මේ නිසා, බැංකුවේ පද්ධති වැඩි දියුණු කිරීමට සහ බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ, ජංගම දුරකතන බැංකුකරණ, ඊ-පාස්පොත, මුදල් තැන්පතු යන්ත‍්‍ර, මුදල් ප‍්‍රතිචක‍්‍රීකරණ යන්ත‍්‍ර, ස්වයං බැංකුකරණ යන්ත‍්‍ර සහ ෆ්ලෑෂ් ඩිජිටල් බැංකුකරණ ගිණුම වැනි නව්‍ය සේවා ඇතුළු නව තාක්ෂණයන් බැංකුව විසින් හඳුන්වා දී තිබේ.

ඩිජිටල් බැංකුකරණ සේවා අඛණ්ඩව දියුණු වෙමින් තිබීම හමුවේ බැංකු ගිණුම් තොරතුරු නැරඹීම, ආයෝජනය, ගෙවීම් සහ පියවීම, අරමුදල් හුවමාරුව, ණය සඳහා අයදුම් කිරීම වැනි සේවා සඳහා බොහෝ ගනුදෙනු කරුවන් ප‍්‍රමාණයක් මේ වනවිට බැංකුවේ අන්තර්ජාල සහ ජංගම දුරකතන පද්ධති භාවිතා කරයි. කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල පද්ධතිය විසින් පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වඩාත් නම්‍යශීලී සේවා මාලාවක් ලබාදෙන අතර මෙරට වඩාත්ම ජනප‍්‍රිය අන්තර්ජාල ගනුදෙනු පද්ධතියක් ලෙසින් ප‍්‍රචලිතය.

බැංකුවේ නවතම ඩිජිටල් නව්‍ය සේවාව වන භාෂා ත‍්‍රිත්වයෙන්ම ක‍්‍රියාත්මක ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම මගින් බැංකු ගිණුමක් ඩිජිටල් මාර්ගයෙන් විවෘත කළ හැකි අතර ඉතාමත් පහසුවෙන් ගෙවීම් කිරීමට, ආයෝජනය කිරීමට, ඉතිරි කිරීමට, අරමුදල් කළමනාකරණය කිරීමට, ගෙවීම් ඉල්ලීම් කිරීමට, සමූහ ගෙවීම් කිරීමට, අවශ්‍ය පණිවුඩ ලැබීමට, අන්තර්ජාලය ඔස්සේ සෞඛ්‍ය රක්ෂණ ලබාගැනීමට, ජංගම දුරකතනය ඔස්සේ පැය 24 පුරා බැංකු සේවා ලබාගැනීමට මෙම ගිණුම මගින් අවස්ථාව ලැබෙන නිසා තරුණ ගනුදෙනුකරුවන්ගේ සිට බැංකු ශාඛාවක් වෙත ගමන් කළ නොහැකි වැඩිහිටි ගනුදෙනුකරුවන් සඳහාත් මෙම ගිණුම සුදුසු වේ.

EMV ^Europay, Mastercard and Visa& සඳහා සම්පූර්ණයෙන් අනුකූලතාවය දැක්වූ ශ‍්‍රී ලංකාවේ පළමු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය EMV  ඉන්ටර්ගේ‍්‍රටඞ් සර්කිට් මගින් ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු භාරගැනීම සහ සකස් කිරීම සඳහා සක‍්‍රීය කර තිබේ. බැංකුවේ සමස්ත EMV චිප් කාඞ් මාලාව (ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත්) LankaPay  ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතිය හරහා ආරක්ෂාකාරී ලෙස ගනුදෙනු කිරීම සඳහා සක‍්‍රීය කළ මෙරට පළමු බැංකුව බවට පත්වූයේද කොමර්ෂල් බැංකුවයි. මේ අනුව, LankaPay  ටෙලර් යන්ත‍්‍ර ජාලය සමග සම්බන්ධ වී සිටින අනිකුත් බැංකුවල ටෙලර් යන්ත‍්‍ර වලින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවේ.

ජාතික කාඞ්පත් වැඩසටහන යටතේ නිකුත් කර තිබෙන LankaPay-JCB (ජපාන ණය කාර්යංශය) සම සන්නාමකරණය කර තිබෙන කාඞ්පත් තමන්ගේ පොයින්ට්-ඔෆ්-සේල් (POS) යන්ත‍්‍ර ජාලය මගින් පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුවද මෑතකදී පත්විය. මීට අමතරව LankaPay  ජාතික කාඞ්පත් පද්ධතිය හරහා JCB කාඞ්පත් ගණුදෙනු ජපාන ණය කාර්යංශය වෙත සම්බන්ධ කිරීමට හැකිවන ලෙස කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය යාවත්කාලීන කර ඇත.

2017 වසරේදී ආරම්භ කරන ලද පළමු LankaPay Technovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව සම්මාන තුනක් දිනා ගැනීමට සමත්වූ අතර 2018 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන පහක් දිනා ගැනීමට සමත්විය.

සම්මාන ප‍්‍රදානෝත්සවය ලංකාපේ ජාතික ගෙවීම් පද්ධතියේ මෙහෙයුම් කරුවා වන ලංකා ක්ලියර් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම විසින් සංවිධානය කරයි. එක් එක් බැංකුවල, බැංකු නොවන මූල්‍යායතනවල සහ මූල්‍ය තාක්ෂණික සම්පාදකයින්ගේ තිබෙන කාර්ය සාධනය අදාළ වන ක‍්‍රමවේදය සමග ඇගයීමට ලක්කරමින් මෙම සම්මාන සඳහා මූලික වටයේදී ආයතන තෝරාගැනීම සිදුකරයි.

ලංකා ක්ලියර් සමාගම ශ‍්‍රී ලංකා මහ බැංකුවට සහ මෙරට ක‍්‍රියාත්මක වන සියළුම බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු වලට අයත්වේ. සමාගම විසින් බැංකු අංශයට පමණක් සේවා සම්පාදනය කිරීමට සීමා නොවන අතර ශ‍්‍රී ලංකාව නවතම ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ වූ කාර්යක්ෂම, හරිත සහ කඩදාසි වලින් තොර රටක් බවට පත්කිරීමට අවශ්‍ය සේවා අනිකුත් සියළුම කර්මාන්ත සඳහාත් සම්පාදනය කිරීම සඳහා මෙම සමාගම සූදානමින් සිටී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නව වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට බැංකු ශාඛා 267 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 854 ක් පවත්වාගෙන යයි. 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට බැංකුව සමත්ව තිබෙන අතර මේ වසරේදි මේදක්වා සම්මාන 25කට වැඩි ප‍්‍රමාණයක් දිනාගෙන තිබේග එසේමල 2019 වසරේදී මෙරට වඩාත් ගෞරවාදරයට පත් වූ සමාගම් 10 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්විය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව